IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දම්පල් සමරු පිංකම ලන්ඩනයේ

අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වෙනි උපන්දිනය සැමරීම සඳහා සමරු දේශනයක්, පරිත්‍යාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

ධර්මපාලතුමන් විසින් 1926දි ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරය යුරෝපයේ පළමුවන ථෙරවාද බෞද්ධ විහාරයද වන්නේය.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මෙම පිංකම වාර්ෂිකව පවත්වයි.

එහි  වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් අනුශාසනාව පවත්වමින් ධර්මපාල තුමන් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා ඉටුකළ සේවය පිලිබඳවත් නිර්මල බුදුදහම යුරෝපය සහ ඇමෙරිකාව වෙත හඳුන්වාදෙමින් ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය ලෝක ආගමක් බවට පත්කරලීමට ගන්නාලද දුරදර්ශි ක්‍රියාපිළිවෙත පිළිබඳවත් සිහිපත් කර දුන්හ.

 " ධර්මපාල තුමන් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කරන විට යුරෝපයේ ථෙරවාදී බෞද්ධ විහාරස්ථාන කිසිවක් තිබුනේ නැහැ. ධර්මපාල තුමාගේ දුර දක්නා ඥානය නිසා  සිදුකළ එම උතුම් පින්කමෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද එංගලන්තයේ පමණක් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන 20 කටත්  වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබති.

 මෙම විහාරස්ථාන බොහොමයක් ආරම්භකර ඇත්තේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ මැදිහත්වීම, මගපෙන්වීම සහ ආශිර්වාදය මත වීමද විශේෂත්වයකි. එමෙන්ම යුරෝපයේ වෙනත් බොහෝ රටවල අද ශ්‍රී ලාංකික, තායිලන්ත, වියට්නාම, කාම්බෝජ සහ බුරුම ථෙරවාද බෞද්ධ විහාරස්ථාන රාශියක්ම ක්‍රියාත්මක වන අතර ඒ මඟින් බුදුදහම පිලිබඳ උනදුවක් ඇති විදෙශිකයින්හට අවශ්‍ය ගුරු උපදෙස් සහ මඟ පෙන්වීම් සපයන අතර දෙශිකයින්ගේ ආගමික අවශ්‍යතාවයන් සඳහා සුවිශාල සේවයක් ඉටුකරනු ලබයි.

ධර්මපාල තුමන් වසර 87කට පෙර රෝපණය කළ මෙම දහම් බීජය අද දස දහස් සන්ක්‍යාවකට නිර්මල ධර්මයේ සිසිල් සෙවන සපයාදෙන දැවැන්ත වෘක්ෂයක් බවට පත්වී ඇත." යනුවෙන්ද උන්වහන්සේ පැවසුහ.

පිරිත් පිංකම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති   මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ  ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි,බර්මින්හැම් බෞද්ධ විහාරධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති  කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි,ලේච්වර්ත් ධම්ම නිකෙතනාධිපති  අකුරල සමිත නාහිමි,ප්ලස්ටෝ බෞද්ධවිහාරධිපති ආචාර්ය කබළෑවේ සිරිසුමන නාහිමි ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගණනක වැඩසිටින මහා සංඝරත්නය වැඩම කළහ.

ධර්මපාල සමරු දේශනය පවත්වන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ඩෙස්මන්ඩ් බිදල්ෆ් විසිනි.

ධර්මපාල තුමන්හට පින් පමුනුවාලමින් වැඩමකරසිටි මහා සංඝ රත්නය උදෙසා පසුදින හිල්දානය පිරිනැමීමෙන් පින්කමේ වැඩකටයුතු නිමවිය.

 



අදහස් (0)

දම්පල් සමරු පිංකම ලන්ඩනයේ

පුක්කුස වීරේ එඩ්මන්ටන් Tuesday, 17 September 2013 10:10 PM

අසපු වල හාමුදුරුවරුන්ට ආරාධනා කරලා නැද්ද? (නි)

:       0       0

රත්න Wednesday, 18 September 2013 12:19 AM

අපිත් මොනවා හරි කළා කියලා හිතන්න ඕනෑ නම් මේවා තමයි වැඩ. (නි)

:       0       0

එන්.එන්.ලියනගේ Wednesday, 18 September 2013 05:53 AM

දර්මපාල උතුමා වෙනුවෙන් මුළු ලෝකයේම සිටින බෞද්ධ ජනතාව විසින් පින්කම් සංවිදානය කලයුතුයි. එතුමා නිසා තමයි අද අපට දඹ දිව දැක බලා වන්දනා කිරීමේ වාසනාව උදාවී තිබෙන්නේ. ලන්ඩනයේ කල මේ පිංකම අගය කලයුතුයි. මා මේ තාක් කල සියලු පින් ධර්මපාල උතුමන් අනුමෝදන් වෙත්වා!(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 18 September 2013 01:55 PM

ලංකාවේ මල්වතු අස්ගිරි විහාර වලින් වගේම ඉතා විශාල සේවයක් කැපකිරීමක් බෞද්ධ ආගමට හා ජනයාට මේ පන්සලෙනුත් සිදු වනවා වගෙයි පෙනෙන්නේ. (ස)

:       0       0

ධම්ම Wednesday, 18 September 2013 09:49 AM

මේ තමයි බෞද්ධ අනන්‍යතාවය. රටගිය ඇත්තන්ගේ මෙවන් වැඩ අගය කල යුතුයි.සමහරුන්ට මේවා තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1005 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6192 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3448 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28526 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site