IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුම්රියක් කිලිනොච්චියට යයි

වසර 28කට පසු ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා අද පෙරහුරු දුම්රියක් ගමන් ඇරැඹීය.

අද උදෑසන 9.10ට ඕමන්තෙන් පිටත් වූ පෙරහුරු දුම්රිය 10.10 වන විට කිලිනොච්චියට ළඟා විය.

1985 ජනවාරි 19 වැනිදා කොටි ත්‍රස්තවාදීන් කිලිනොච්චි කොකාවිල්හිදී උතුරු දුම්රියට බෝම්බ පිපිරවීමෙන් පසු කිලිනොච්චිය හරහා යාපනය දක්වා දුම්රිය ගමන් නවතා දැමිණි.



අදහස් (0)

දුම්රියක් කිලිනොච්චියට යයි

මාර්ස් Friday, 30 August 2013 04:38 PM

අහෝ රන්ගශානී ඔයාගේ මෝඩකම පෙන්නන්න එපා (නි)

:       0       0

ජීවන් Thursday, 29 August 2013 06:22 PM

සුභ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Friday, 30 August 2013 01:37 AM

රට සංවර්ධනය වෙනවා අනිවාර්යයි. මිනිස්සු ටිකක් ඉවසලා ඉන්න, අපිට නැතත් දරුවන්ට දෙයක් තියේවි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 29 August 2013 06:24 PM

බලවු උතුරු හා නැගෙනහිර පෙදෙස... සිතවු තිබුණු තත්වය එහි පෙර දවස... නගවූ තව තවත් තර සර සිංහ ගොස... යමවු වරෙවු නැගිටිවු නොපියවූ දෑස.... ජය ශ්‍රී! (නි)

:       0       0

මනෝජ් පිරිස් Thursday, 29 August 2013 06:27 PM

වමින්දගේ අදහස හරි (අ)

:       0       0

සෙන්තිල් Friday, 30 August 2013 01:50 AM

තාමත් බැරිවුනා විදුලි දුම්රියක් දාගන්න. තමිල්නාඩුවේ අස්සක් මුල්ලක් නෑර විදුලි දුම්රියවල් දුවනවා (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 11:23 AM

ෆස්රුල් ගෆූර් ඔබ නම් නියම ශ්‍රී ලාංකිකයෙක් . මම ඔබගේ කවිය මගේ ගොනුවකට දම තබා ගන්නවා. කුහක කමට මව් රටට ගරහන සිංහල යි කියගන්නාවූ වසලයින් අතර ඔබ සත්පුරුශයෙකි . (දී)

:       0       0

අමාරිස් Thursday, 29 August 2013 06:39 PM

හරිම සන්තෝෂයි. සුබ පැතුම්! (නි)

:       0       0

මජිඩ් Friday, 30 August 2013 02:36 AM

වසන්ති, ඔයාට මොකටද විදුලියක්? (නි)

:       0       0

නානායක්කාර Friday, 30 August 2013 11:35 AM

ලංකාවේ දුම්රිය සේවය හරියට දියුණු කරනවා නම් හුඟක් විදේශ විනිමය ඉතුරු කරන්න පුළුවන්. මම ඊයේ නුවර ගියා අධිවේගී දුම්රියේ උදේ හවස දෙකේම හරිම වෙලාවට දුම්රිය ගියා ආව. දුම්රිය පිරිලා . හරියට සේවය තියනවනම් හොඳට ලබා ගන්න පුළුවන්. (දී)

:       0       0

කුමාරසිරි Friday, 30 August 2013 11:43 AM

ඔයාට පිල්ලේ නෝනා දුන්නද ?.... එන්.ජී.ඕ. ගතමන්ට් එක . (දී)

:       0       0

දර්ශන Thursday, 29 August 2013 06:44 PM

රතු මල්ලිලා ටික මේකටත් විරුද්ධ වුනාද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 03:40 AM

සමහරු හරි දේ හරි නොකිය කුහකකමට මොනවහරි ලියනවා (අ).

:       0       0

රංගෂානි Friday, 30 August 2013 03:55 AM

මේ තරම් සංවර්දනයක් කරන රජයටද මේ බනින්නේ (අ)

:       0       0

දසුනි Thursday, 29 August 2013 06:54 PM

ඒ පැතිවල ඉන්න අයට ලොකු පහසුවක් වේවි. (නි)

:       0       0

රසාක් Thursday, 29 August 2013 07:02 PM

මේක නම් ලොකුම ලොකු වැඩක්. ගොඩක් ආඩම්බරයි (නි)

:       0       0

බණ්ඩා Thursday, 29 August 2013 07:04 PM

පිල්ලේ බලෙන් ලංකාවට ආවේ නැහැ, ආරාධනාවකට ආවේ... එයාට බනින්න එපා (නි)

:       0       0

ඇසළ Thursday, 29 August 2013 07:09 PM

මොනවා කරත් මුන්ට වැඩක් තියෙයිද දන්නේ නැහැ. තාම බැරිඋනා පිට රට ඉන්න ඩයස්පෝරාවේ ඊළම ඉල්ලන එකයි, මෙහෙ ඉන්න TNA ගෝලයින්ගේ පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලන එකයි නවත්වන්න. (අ)

:       0       0

අජන්ත Friday, 30 August 2013 12:23 PM

සුභපැතුම්,

:       0       0

සෙනරත් Friday, 30 August 2013 12:30 PM

වසර තිහක් තිස්සේ පැවති යුද්ධයකට පස්සේ මෙතරම් ඉක්මනින් අප රට තුල සිදුවන සංවර්ධනය, මුළු ලෝකයටම ආදර්ශයක්. ශ්‍රී ලංකා රජයට සහ ලක් ජනතාවට ජය පතමු. (දී)

:       0       0

ෆැස්රල් ගෆූර් - කටාර් Sunday, 01 September 2013 02:19 PM

උපාලි - ඔබට බොහොම ස්තුතී. (දී)

:       0       0

දීපාල් Thursday, 29 August 2013 07:32 PM

උතුරෙන් එන දුම්රියේ දේවී කවුළුව ලඟට වෙලා ...... ගොඩක් සතුටුවෙන්න. සාමය අපට ගෙන එන උතුර දකුණ යාකරන ලොකුම පාලම තමා මේ හඬ නගාගෙන උතුරට යන්න වෙහෙසෙන්නේ.ජයවේවා. (නි)

:       0       0

ඇසළ Friday, 30 August 2013 12:47 PM

සෙන්තිල්, තමිල්නාඩුවේ කොච්චර විදුලි දුම්රිය තිබුනත් වැඩක් නැහැ. 80% දෙනාට අවශ්‍යම වැඩේ කරගන්න වැසිකිලි පහසුකම් නැහැ (නි)

:       0       0

ගමගේ Friday, 30 August 2013 07:29 AM

තමිල්නාඩුවටම යවන්නයි තිබුණේ (නි)

:       0       0

රංග Friday, 30 August 2013 07:39 AM

උතුරේ ඡන්දෙට කලින් එක දුම්රියක්වත් යාවිද? (නි)

:       0       0

කින් බෙනට් Thursday, 29 August 2013 08:00 PM

පිල්ලේ නෝනා මාසයක්වත් ලංකාවේ හිටියොත් ඒ ටිකේවත් අපිට හිතේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

කින් බෙනට් Thursday, 29 August 2013 08:04 PM

පිල්ලේ නෝනට අපි කියමුද එයාගේ කාර්යාලය ලංකාවට ගෙන්නා ගන්න කියලා.එහෙම වුනොත් ලංකාවේ මිනිස්සුන්ගෙත් ජිවිත වලට ලොකු වටිනාකමක් ලැබෙයි. හිතේ නිදහසෙන් ජිවත් වෙන්නත් පුළුවන් වෙයි (නි)

:       0       0

සරත් Friday, 30 August 2013 08:02 AM

මම බල බලා ඉන්නේ කෝච්චියෙන් යාපනේ යන්න. යාපනේ මිනිස්සු කෝච්චියෙන් කොළඹ එන දවස වැඩි ඈතක නොවෙයි. කොටියා කඩපු පාලම හදන එක ලොකු දෙයක්. මේ ස්ටේෂම විවෘත කරන දවසට කොහොම හරි කිලිනොච්චි යනවා (නි)

:       0       0

චානක Thursday, 29 August 2013 08:14 PM

ආඩම්බරයි! (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 30 August 2013 08:21 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දෙනෙත් Thursday, 29 August 2013 08:30 PM

හොද වැඩක්. හැබැයි ඉන්දියාව අපිට එපා කිව්වට මේකටත් සහයෝගය ඉන්දියාවෙන් වගේ. (නි)

:       0       0

ඉෂාර Friday, 30 August 2013 08:25 AM

බණ්ඩෝ, පිල්ලෙයි නෝනට අනිවාර්යෙන් එන්න කියන්න සිද්දවුනා. නැතුව ආසාවට ගෙන්න ගත්තා නෙමෙයි.(නදී)

:       0       0

රෙමා Thursday, 29 August 2013 08:34 PM

කින් බෙනෙට් වගේ අය ජීවත් වෙන්නේ අසහනයෙන්ද? (නි)

:       0       0

හසී Friday, 30 August 2013 08:42 AM

අනේ වාසනාවන්! එහෙනම් අපිටත් ළගදීම යාපනේ යන්න පුළුවන් (නි)

:       0       0

චානා Thursday, 29 August 2013 09:03 PM

දර්ශන, රතු මල්ලිලට මේවා පෙන්නේ නැත, (අ)

:       0       0

රුවන් Friday, 30 August 2013 08:52 AM

බෙනට් මුදලට කඩේ යන ගනන් කාරයෙක්ද?(නදී)

:       0       0

දිලිනි Friday, 30 August 2013 08:54 AM

උතුරට මොකටද දුම්රිය? බස්නාහිර පළාතේ කොච්චර තදබදයක් තියනවද? ඒකට පළමුව විසදුම් දෙන්න (නි)

:       0       0

නිලා Friday, 30 August 2013 09:00 AM

නියමයි ...........(දී)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 09:07 AM

මේකේ කොමෙන්ට් දාන ගොඩක් අය සංවර්දනය කියන එකේ තේරුම වත් දන්නේ නැ.. සංවර්දනය කියන්නේ පරණ දුම්රිය ක්‍රමයෙන් අලුත් දුම්රිය ක්‍රමයකට ඉහල යනවා කියන එක .. මේකට කියන්නේ ප්‍රතිසංස්කරණය කියල ... මොකද මේ තිබිල විනාශ උන දුම්රිය මාර්ගයක් ඒ කාලේ විදියටම නැවත අලුත් වැඩියාවක් කරලා තියෙන්නේ ...අපේ රටෙත් ඉන්නේ බලද්දී කිසි දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු නේ ..(දී)

:       0       0

උපාලි Friday, 30 August 2013 09:13 AM

සමහරු හරි දේ හරි නොකිය කුහකකමට හැම තිස්සෙම තමන්ගේ උපන් රටට ගරහනවා. මේ තරම් සංවර්දනයක් දකීන්න ඒ අයගේ ඇස් පින් කරලා නැතිව ඇති. මෙච්චර ලස්සන රටක උපදින්න පින් කරලා උනත් එය විඳගන්න පින් නැත්තේ පෙර කල පව් වලට තමයි. එහෙම ය යවන්න ඔනේ තමිල්නාඩුවට, බලල එන්න හොඳ රටක්. (දී)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 09:13 AM

සමහරු සංවර්ධනේ කියනවා ..නමුත් ඒ අය දන්නේ නැ අපි නැවත ගමන් කරලා තියෙන්නේ 1985 ජනවාරි 20 වෙනිදාට කියල ...මොකද ඒ තිබුන ක්‍රමයමයි මේ නය වෙලා හෝ විදේශ ආදාර වලින් මුදල් වියදම් කරලා ආරම්භ කරන්න යන්නේ ..(දී)

:       0       0

නිශාර්ඩ් Friday, 30 August 2013 02:23 PM

වහළය හැදුවට පස්සෙ පෙරහුරුවට කෝච්චිය වහළ උඩත් යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රූපා Friday, 30 August 2013 09:17 AM

උතුරත් දකුණත් ගම් යා කරලා පාලම සාදා බල සිටින්නේ අප සැම දෙන එක වගේ ඉන්නයයි. (දී)

:       0       0

හේමන්ත Thursday, 29 August 2013 10:02 PM

කිම් බෙනෙට්, තමනුත් පිල්ලෙත් එක්ක එයාගේ රටට ගිහින් ජීවත් වෙන්න. (නි)

:       0       0

ඉන්දික Friday, 30 August 2013 09:35 AM

සෙන්තිල්, ඉතින් ඔය තමිල්නාඩුවටම යන්න. (දී)

:       0       0

මිලාන් Friday, 30 August 2013 02:49 PM

හරිම සන්තෝෂයි (නි)

:       0       0

කින් බෙනට් Thursday, 29 August 2013 10:25 PM

තාම වහලේ වැඩ ඉවර කරලත් නැතුව මොකද අප්පේ මෙච්චර ඉක්මනට ඕක පෙරහුරුවක් කළේ? (නි)

:       0       0

කින් බෙනට් Thursday, 29 August 2013 10:26 PM

ඇයි මේ හැමදේම බාගෙට ඉවර කරලා පටන් ගන්නේ ? (නි)

:       0       0

ගයාන් Thursday, 29 August 2013 05:39 PM

පක්ෂ පාට බේදයකින් තොරව ලක්වැසියන් ලෙස ආඩම්බර වෙමු. (නි)

:       0       0

අනුර Thursday, 29 August 2013 05:43 PM

පිල්ලෙව යවන්න තිබුණේ (නි)

:       0       0

ශෂිමාල් Friday, 30 August 2013 10:39 AM

සුබපැතුම්! කින් බෙනට් ශ්‍රී ලාංකිකයෙක් ද?(නදී)

:       0       0

සම්පත් Thursday, 29 August 2013 05:48 PM

ඉතාම හොද ජයග්‍රහණයක්. (නි)

:       0       0

කුමාර Thursday, 29 August 2013 05:53 PM

අනේ පිල්ලේව නම් යවන්න එපා (නි)

:       0       0

රන්ජිත් Thursday, 29 August 2013 05:57 PM

කඩන්න ගියේ දවස් කීපයයි. හදන්න අවුරුදු ගානක් ගියා. දිනෙන් දින ලගාවෙන සංවර්ධනයට අපේ සුබ පැතුම්. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 30 August 2013 10:48 AM

බලන්න මේ දුම්රිය වේදිකාවේ බැම්ම නයා ගියා වගේ. ඉන්දියන් කාරයන්ගේ වැඩ. අපේ දුම්රිය සේවකයන්ට දුන්න නම් කොච්චර පිළිවෙලට හදනවද. කොමිස් බලාගෙන කරන දේවල් වලින් රටට වෙන්නෙම පාඩුවක්. කොහොම උනත් අඩුපාඩු පෙන්නන අයට දේශද්‍රෝභියෝ කියන හින්දා මගෙනුත් සුබ පැතුම්.(නදී)

:       0       0

චමින්ද Thursday, 29 August 2013 06:03 PM

ඇත්තටම ආඩම්බර හිතෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට (නි)

:       0       0

යසවතී Friday, 30 August 2013 10:54 AM

වසන්ති ගේ බැටරි බැහැල වගේ විදුලියමයි ඉල්ලන්නේ, වහලේ හදල නැති නිසා වැස්සොත් ජනතාව තෙමෙනවා අව්වට වේලෙනවා.(නදී)

:       0       0

වසන්ති Thursday, 29 August 2013 06:10 PM

හොඳ වැඩක්, විදුලි දුම්රියකුත් ඕනෑ (නි)

:       0       0

ධනංජය Friday, 30 August 2013 11:02 AM

කින් බෙනට්, ඔහේගේ නම වගේම තමා ඔලුවත්, නට් ලූස්.(නදී)

:       0       0

තමින්ද Thursday, 29 August 2013 06:13 PM

අපි ඇත්තටම සතුටු වීය යුතු දෙයක් මේක. වසර 28 ට පසුව හරි කෝච්චියක් යවාගන්න පුළුවන් වුන එක ගැන අපි ආඩම්බර වීය යුතුයි. මේක යාපනයටම යන දවසට දකුණ වගේම උතුරත් බලාගන්න අපිට ලේසියෙන්ම හැකිවේවී (නි)

:       0       0

නිරෝෂන් Thursday, 29 August 2013 06:13 PM

අති විශිෂ්ටයි (නි)

:       0       0

හේමන්ත Friday, 30 August 2013 11:07 AM

මම යාපනයට ගියේ වසර 30කට පෙර. මංගල දුම්රියේම යන්න තමයි මගේ ආසාව. මැරෙන්න කලින් පාරේ ඉතිරියත් ඉක්මනටම නිම කර ගැනීමට හැකිවේවා !!. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 282 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 373 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2504 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2114 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1558 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8488 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34534 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site