කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ පැසල් දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි කියන අවුරුදු 16, 17 හා 18 වයසැති තරුණයන් තිදෙනෙක් අද (17) අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
සැකකරුවන් නාරාහේන්පිට පිච්චමල්වත්ත උසාවියවත්තේ පදිංචිකරුවෝ වෙති. ගල් ප්‍රහාරයෙන් දුම්රියේ වීදුරු කිහිපයක් බිඳී ඇති බවත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී විනෝදයට ගල් ගැසූ බවත් සැකකරුවන් පැවසූ බව පොලිසිය කියයි.
සැකකරුවන් අගෝස්තු 18 වැනිදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රියට ගල් ගසා 3ක් අත්අඩංගුවට
පීරිස් Thursday, 18 August 2016 03:01 AM
මේ විනෝද ගල් සෙල්ලම නවත්වන්න නම්, අල්ලාගන්නා අය කකුල් දෙකෙන් එල්ලලා ගල් ගහන්න ඕනෑ, විනෝදයක් තමන්ටත් දැනෙනවාද බලන්න. (නි)
අශික Thursday, 18 August 2016 03:05 AM
දුම්රියේ යන අයට ෆුල්‍ෆේස් හෙල්මට් අනිවාර්ය කරමු. ගල්ගසන්නන්ට ගල් ගොඩවල් කෝච්චිය දෙපස ගොඩකර අපි අලුත්ම ක්‍රීඩාවක් ලොවට හඳුන්වාදෙමු (නි)
ලකී Thursday, 18 August 2016 03:37 AM
දුම්රියට විනෝදයට ගල් ගහන අයව අල්ලලා ඇත්තටම ගල් කොරියක ගල් කඩන්න යවන්න ඕන. (හේ)
ආසිරි Thursday, 18 August 2016 03:36 AM
මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ.(හේ)
ප්‍රියානි Wednesday, 17 August 2016 01:42 PM
තවමත් ලංකාවේ ගල් යුගයේ මිනිස්සු ඉන්නවා (නි)
රාධා Wednesday, 17 August 2016 01:45 PM
විනෝදයට ලොකු දඩයක් ගසන්නයි තියෙන්නේ (නි)
ඉසුරන්දි Wednesday, 17 August 2016 01:51 PM
අපේ ලංකාවේ ඉන්නේ කියන දේ නාහන මහා වනචාරි ජාතියක්. (නි)
දිලිප් Thursday, 18 August 2016 04:22 AM
මෙම මාර්ගයේ මරදාන සිට නාරාහේන්පිට හා කිරිලපන නුගේගොඩ උඩහමුල්ල නාවින්න දක්වා දුම්රිය මග දෙපසම අනවසර නිවාස ඉදිකිරීම් රැසක් පවතී. අන් අයට එම දුම්රිය මාර්ගයේ ප්‍රවේශය සීමාකාරී වන්නේ මෙම දුම්රිය මාර්ගයම එම බොහෝ අනවසර නිවාස වෙතට ප්‍රවේශ මාර්ගයද වන නිසාවෙනි.එබැවින් මෙම පහරදීම් වලට අනවසර පදිංචිකරුවන් බොහෝ දුරට වගකිවයුතුවෙත්. ඒ අන් දිනවලදීත් එම මාර්ගයේ ගමන් කරන අයගෙන් වන කෙල ගැසීම්, වතුර ගැසීම් වලට මගී ජනතාව ලක් වන නිසා. එබැවින් කඩිනමින් මෙම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග හා තනි මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට පියවර ගත යුතුව ඇත.(හේ)
දිලීප Thursday, 18 August 2016 04:35 AM
මෙම මාර්ගයේ මග දෙපසම අනවසර ඉදකිරීම් නිසා දුම්රිය පාපුවරුවේ යාමවත් කල නොහැකි මට්ටමට අනවසර ඉදිකිරීම් බහුලය. ජනෙල් වල සිට අගල් 05ක් දක්වා ප්‍රමානයක් දක්වා එම අනවසර ඉදිකිරීම් සිදී කර ඇත.මෙම අනවසර ඉදිකිරීම් පාලනයට දුම්රිය අධිකාරිය පියවර නොගැනීම අරුමයකි! (හේ)
තිලක් Thursday, 18 August 2016 06:01 AM
අනවසර ඉදිකිරීම් මෙම මාර්ගය අසල තවමත් සිදුවෙනවා.වටරැක දුම්රිය පොළ අසලම අනවසර කඩ හදනවා.මේවට සමහර දුම්රිය සේවකයෝත් සම්බන්දවෙනවා.පුද්ගලික සමාගමකට පවරලා මෙම මාර්ගයේ දුම්රිය දාවනය විදිමත් කරන්න.මෙය දිවිත්ව මාර්ගයක් කලොත් හයිලෙවල් මාර්ගයේ තදබදය අඩුකළ හැකි.ජනතාවට ඉක්මනින් ගමන්කළ හැකි.(හේ)
අහමඩ් Wednesday, 17 August 2016 02:34 PM
මානසික ලෙඩ්ඩු මේ අය! (නි)
දේව Wednesday, 17 August 2016 02:56 PM
සති දෙකකට කලින් අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් මියගියා ගල් ප්‍රහාරයෙන්. මොවුන්ට විනෝදයේ රස හොඳට දැනෙන දඬුවමක් දියයුතුමයි. (නි)
දිසානායක Thursday, 18 August 2016 06:30 AM
මේවා දැකලා ලෝකයා මොනතරම් නම් අපිට හිනාවෙනවා ඇද්ද? (නි)
රොහාන් Wednesday, 17 August 2016 03:46 PM
මේ වගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
අරවින්ද Wednesday, 17 August 2016 03:50 PM
විනෝදයට වගේ මේ තුන් දෙනා බරපතල වැඩ සහිත සිර දඬුවමකට යැවිය යුතුයි (නි)
ජයසිරි Wednesday, 17 August 2016 04:47 PM
විනෝදෙට ගල් ගහනවා එයාලා. මිනිස් ජීවිත නැතිවෙලා දුක්විඳින්නේ ඒ පවුල් වල අය (නි)
අමිත් Thursday, 18 August 2016 07:45 AM
අනෙක් අයටත් පාඩමක් වෙන විදිහේ දඬුවමක් තමයි දෙන්න ඕනෑ (නි)
විජේපාල Wednesday, 17 August 2016 05:06 PM
මෙයාලට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. මෙයාලා විනෝද වෙන්න හදන්නේ තවත් අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරට දාලද. මේකනම් පුදුම විනෝදාංශයක්. කොහොම වුණත් පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ඇත්තටම විනෝදෙට කළාද, එහෙමත් නැත්නම් කාගෙහරි කීමකට මෙහෙම කළාද කියලා. (නි)
බණ්ඩාර Thursday, 18 August 2016 07:51 AM
මොවුන් තුන්දෙනා පිට්ටනිකට ගෙනවිත් අපිත් මොවුන්ට විනෝදෙට ගල් ගහමු. (නි)
රෝහණ පෙරේරා Wednesday, 17 August 2016 09:45 PM
මේ වැඩේට නම් ඉතාම තදින් නීතිමය පියවර ගතයුතුයි. මේ ලිපියේ සඳහන් ආකාරයට ඒ අය ගල් ගහලා තියෙන්නේ විනෝදයට. ඒ අයට විනෝදය, අනිත් අයට අනතුර. මමත් ඔය ගල් ප්‍රහාරයකට ලක්වෙච්ච අයෙක්. මේ නිසා මම කියන්නේ මේ අයට තදින්ම නීතිය ක්‍රියාවේ යොදවන්න. මගියෙකුට යමක් වුණොත් එහි බලපෑම තියෙන්නේ ඔය ගල් ගහන අයට නෙමෙයි ප්‍රහාරයට ලක්වන අයගේ පවුලේ අයටයි. දුක් විඳින්නේ පවුලේ අයයි. (නි)
ලංකා Thursday, 18 August 2016 01:05 AM
මොවුන්වත් විනෝදෙට අවුරුදු 20 කට විතර හිරේ දැම්මා නම් හරි. විනෝදෙට මිනීමරන්න පුළුවන් රටක්ද මේක? රටේ ලොකු ලොකු අය ලෝක හොරු, මිනීමරුවෝ වෙද්දී මේ වගේ පොඩි අය එ්වා අාදර්ශයට අරන් වගේ (නි)
අනුර Thursday, 18 August 2016 01:48 AM
සමහර සිදුවීම් වලට ප්‍රසිද්ධියක් ලබාදීමෙන් වන්නේ එම සිදුවීම් වල වර්ධනයකි. එක උදාහරණයක් මේ ගල් ගැසීම් සිද්ධි. කාලයකට ඉහත වුණ ග්‍රීස් යකාගේ සිද්ධියත් මෙයට උදාහරණයක්. විවිධ ස්ථාන වලදී මේවා සිදුවුවත් එම සිද්ධි වලට අදාළ පුද්ගලයන් අතර සම්බන්ධයක්ද නැහැ. සමහර පුද්ගලයන්ට ප්‍රවෘති දැක්කහම උත්තේජනයක් ඇතිවෙනවා තමනුත් මෙවැන්නක් කළ යුතුයි කියලා. මෙය බෝවෙන රෝගයක් වගේ අවසානයේදී සමාජයට මහා ව්‍යසනයක් වෙනවා. (නි)