IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුම්රියෙන් බේරෙන්න ගිහින්

දුම්රියක් එනු දැක පාරෙන් ඉවතට පැන ගත් වැඩිහිටියකු කොල්ලුපිටියේ දී අද ගල් දෙබොක්ක සිර විය. ඔහුගේ දෙකකුල් හැර අන්කිසිවක් නොපෙනුණේය. කොල්ලුපිටිය පොලිසිය වහා ක්‍රියාත්මක වී  වැල්ලවත්ත ගිනි නිවීම් පුහුණු කිරීමේ ආයතනයේ පිරිසක් ද විශාල දොඹකරයක් ද ගෙන්වා ගල් ඉවත් කර ඔහු බේරා ගත්තේය. සුළු තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.



අදහස් (0)

දුම්රියෙන් බේරෙන්න ගිහින්

සිරියා Saturday, 18 August 2012 09:48 PM

පැන්නෙ දුම්රියෙන් අහකට බේරෙන්න සිරවුණි ගල් අතර බැරිඋනි ගොඩ එන්න මාමට බැහැ මාමෙ ඔය ගල් පෙරලන්න තමුන්ගෙ තරම දැනගෙන ජීවත් වෙන්න(නු)

:       0       0

ජයනාත් Sunday, 19 August 2012 04:15 PM

මාර ගල් දෙබොක්කාවක්නේ මේ. (නි)

:       0       0

අජිත් Friday, 24 August 2012 09:33 AM

දැන් ඔහු නැවත ඉපදුණාට සමානය (නි)

:       0       0

අජිත් Friday, 24 August 2012 09:39 AM

කොහොම වුණත් දැන් පණ දෙන්න බැහැනේ. (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 19 August 2012 04:23 AM

දේවානන්ද ඔයා දන්නෙ නැද්ද? මේ බලධාරින් කවදාවත් දුම්රිය බස්වල යනවාද? ඒ අය කොහොමද මේවා දන්නෙ..!!(නු)

:       0       0

රජිත Tuesday, 21 August 2012 11:57 PM

පවු නේද? වයසක කෙනෙක්නේ. (නි)

:       0       0

ඩේවුඩ් Sunday, 19 August 2012 09:13 AM

ඇති ජීවිතය බේරුණා. (නි)

:       0       0

රන්ජීව Tuesday, 21 August 2012 05:05 AM

මොනවද මේ කතා? (නි)

:       0       0

ගයාන් Sunday, 19 August 2012 10:56 AM

කාටුන් එකක වගේ. දැක්ක ගමන් 'බුග්' ගාලා පනින්න ඇති. (නි)

:       0       0

තිලාන් Wednesday, 22 August 2012 06:51 PM

ප්‍රවෘත්තියට වඩා ප්‍රතිචාර රසවත්ය. (නි)

:       0       0

ලොකුගේ Saturday, 18 August 2012 03:44 PM

ඒ කොහොමද ඒක වෙලා තියෙන්නේ..(ස)

:       0       0

සජී Saturday, 18 August 2012 03:55 PM

ඇති ඔයින් බේරුණා. (ත)

:       0       0

පුලස්ති රාජපක්ෂ Saturday, 18 August 2012 04:04 PM

වනේ ගජිඳාය දුටුවොත් වනසාය ළිඳේ පිනිදාය දුටුවොත් වූ කාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණී කෑය. ලංකාවේ මිනිස්සු ජීවිත වලට පුදුම අනතුරු තියෙන්නේ. (අ)

:       0       0

Ishan Keerthimal Saturday, 18 August 2012 04:05 PM

කෝච්චියක් එනවා මතකයි ඊට පස්සේ මොකුත් මතක නැහැ කියයි එයාගෙන් ඇහුවොත්..!!(නු)

:       0       0

ශානි Saturday, 18 August 2012 04:19 PM

ඕකට තමයි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා..(ස)

:       0       0

වරුණ Saturday, 18 August 2012 04:23 PM

රේල්පාර තියෙන්නේ ඇවිදින්න නෙමෙයිනේ...(ස)

:       0       0

එරංග Saturday, 18 August 2012 04:51 PM

ආණුඩුවෙ තමයි වැරුද්ද.. මොකටද දුම්රිය ධාවනය කළේ මිනිස්සු පාරෙ යන වෙලාවට.. විපක්ෂයට මාතෘකාවක්..!!(නු)

:       0       0

ගුණදාස කුමාර Saturday, 18 August 2012 05:31 PM

යන්න පාරක් හරියට තිබුණනම් මෙහෙම වෙන එකක් නැහැ.. කොහොම නමුත් ජීවිතේ බේරුණ එක ලොකු දෙයක්..!! (නු)

:       0       0

දේවානන්ද Saturday, 18 August 2012 05:38 PM

ලංකාවේ දුම්රිය පාරවල් කිසිම ආරක්ෂාවක් නැතුව තියෙන්නේ. මිනිස්සුන්ගේ අනතුරු වැඩිත් එකයි. අනික තමයි කෝච්චියට නගින්න තියෙන විදිහ, වේදිකාවේ ඉඳල කොචියට තියෙන උස. හැම දුම්රිය ස්ථානයකම වේදිකාව ඉස්සුවොත් ලොකු දෙයක්. කාටවත් ඕක පෙන්නේ නැද්ද? (නු)

:       0       0

ගෝපාල් Saturday, 18 August 2012 05:42 PM

කෝච්චියක් එනවා දැක්කලු. ඉන් පස්සේ මුකුත් දැක්කේ නැතිලු. ඕක ඉතිං අහන්නත් දෙයක්ද? ගල් ගොඩ අස්සේ ඔලුව ඔබාගෙන ඉන්න කොට ‍කොහොමද මුකුත් පේන්නේ? (නි)

:       0       0

අනුර Saturday, 18 August 2012 06:06 PM

එරංග ඔභ හරි.. නියම කතාව ඔයාගෙ...!!(නු)

:       0       0

කළණ ජේ. Saturday, 18 August 2012 06:18 PM

ගුණදාස කුමාර- මිනිසුන්ට යන්න ඔතනින් එහා පැත්තේ කොල්ලුපිටියේ ඉඳන් වැල්ලවත්තටම සමුද්‍රාසන්න පාර තියෙනවා. කූඩැල්ලො මෙට්ටෙ උඩ තියන්න බෑ නෙ....!!

:       0       0

සමන් Saturday, 18 August 2012 06:49 PM

අනේ මංදා..!!(නු)

:       0       0

සිරිසේන Saturday, 18 August 2012 06:56 PM

වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති.නැත්නම් මෙහෙම අනතුරු දෙකකින් බේරෙන්න ලේසි නැ (නු)

:       0       0

සිසිර Saturday, 18 August 2012 06:52 PM

වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති.නැත්නම් මෙහෙම අනතුරු දෙකකින් බේරෙන්න ලේසි නැ (නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Saturday, 18 August 2012 06:54 PM

මේ අය කියන විදිහට දුම්රිය මාර්ගය දෙපැත්තේන් අලි වැට වගේ විදුලි වැටක් ගහන්න වෙනවා.. දුම්රිය පාරවල් තියෙන්නේ මිනිස්සුන්ට යන්න ද?. අනික මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියෙන්නෙ අනතුරු වළක්වාගන්න.. මේවටත් ආණ්ඩුව පළිද?(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 07:04 PM

කෝච්චියෙන් ගැලවිච්ච මිනිහට ගල හරස් උනා වගෙයි..!!(නු)

:       0       0

ලලිත් Saturday, 18 August 2012 07:17 PM

මේක අනිවාර්යයෙන්ම යූ.එන්.පී. වැඩක් කියයි..!!(නු)

:       0       0

පියල් Thursday, 23 August 2012 04:58 PM

අනේ කාලේ වනේ වාසේ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 18 August 2012 07:26 PM

එක තමි කියන්නේ පාරේ යනකොට හොඳට සෙවිල්ලෙන් යන්න කියල කොහොම උනත් මාමට බුදුසරණයි...!!(නු)

:       0       0

රංජිත් ජයරත්න Saturday, 18 August 2012 08:14 PM

ගම්පහට නුදුරින් දාරළුව දුම්රිය නැවතුම් පලක් තියෙනවා.. ඒකට දුරකථන පහසුකම් නැහැ..බොන්න වතුර නැහැ.. මේතන ඉදලා දුම්රියට ගොඩ වෙන්න නම් ඉනිමගක් තියන්න ඕන.. ඒතර්ම පාතයි.. මම දන්න වැඩිහිටි නායක හාමුදුරුනමක් වැටුනා බහිනකොට.. ළමයි වැටුනා අස්සට... සමහර විට දුම්රිය නවත්වන්නේ වේදිකාව පසුකරගෙන ගිහිල්ලා.. එතකොට කොහොමවත් බහින්න ලැබෙන්නෙ නැහැ.. (නු)

:       0       0

ජානක පෙරේරා Saturday, 18 August 2012 08:19 PM

ඒකටත් ආණ්ඩුවට බණින්න එපා..!(නු)

:       0       0

මෙරංග Saturday, 18 August 2012 08:42 PM

එරංග ආණ්ඩුවෙ කෙනෙක්ද? ජයවේවා.. අපි මීට වැඩිය ටිකක් බැහැල වැඩ කරන්න ඕන..!!(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 08:57 PM

කමක් නැහැ කොහොම හරි බේරුණා නේ.. කල්පනාවෙන් පාරෙ යන්න..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1003 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 684 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1941 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1753 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site