IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ආසන තත්පර 30න් අවසන්

(යොහාන් භාසුර)

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

ඔන්ලයින් ක්‍රමවේදය හරහා තවමත් අදාල ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන අවසන් වීමට පෙර එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා ආසන සියල්ලම අවසන් වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

 



අදහස් (18)

දුම්රිය ආසන තත්පර 30න් අවසන්

රම්බොඩ Sunday, 19 January 2025 11:08 PM

ජාතික හැඳුනුම්පත ට ආසන වෙන් කරලා ඒක වෙනස් කරන්න බැරි වෙන්න හදන්න. ඒක සාමාන්‍ය ජනතාවට කරදරයන්. නමුත් තක්කඩි හැම තැනම.

:       2       47

sakra Monday, 20 January 2025 07:02 AM

මේවගේ කාලකන්ණි එක්ක කොහෙද මිත්‍රයා රට හදන්නේ ? මුන්ව කොවක දාල මකන්න ඕන නැත්නම් කොන්ද පණ ඇති පාලකයෙක් ඕන. ටිකට් බූක් කරත්දී මගියාගේ නම සඳහන්කරන්න ඉඩක් සලසන්න. එම මගියාට හැර වෙනත් අයෙකුට අදාළ ටිකට්පත භාවිතාකරන්න ඉඩ නොදෙන්න. ඉබේටම මේ මාෆියාව නවතීවි . ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩේට දුම්රිය ඇතුලේ අයත් සම්බන්ද නිසා ප්‍රශ්නය විසඳන්න උවමනාවක් ඇත්තටම තියෙනවද කියල සැකයි.

:       2       54

රසික Monday, 20 January 2025 07:08 AM

යකෝව් මාර ලංකා වක්නේ බං. අපි මොක්කුද බොල.

:       1       14

සාලිය Monday, 20 January 2025 07:10 AM

ඒක වෙන විදිය පැහැදිලි කරන්න ප්ලීස් ...

:       1       11

ජයනාත් Monday, 20 January 2025 08:30 AM

හැඳුනුම් පත් අංක දානවද... එහෙම වුනානම් මේක වෙන්න බැහැ .

:       1       27

Lalla Monday, 20 January 2025 12:06 PM

ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ටිකට් එකට බැඳිය යුතුය. අනෙක් ක්‍රමය නම් මෙම මාර්ගවලට තවත් දුම්රිය එකතු කිරීම සහ ගමන් කරන දිනයේ NIC හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු කවුන්ටරයෙන් ප්‍රවේශපත්‍ර ලබා දීමයි.

:       1       7

ravin Monday, 20 January 2025 09:08 AM

අන්සතු කිරීම නොහැකි වනසේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළා නම්, ........................ භාවිතා කරන අයගේ විස්තර ඇතුළත් කළොත්, රාජ්‍ය සේවකයින්ට වාර්ෂිකව නිකුත් කරන බලපත්‍රමෙන් (Railway Warrants)

:       1       31

බණ්ඩාර Monday, 20 January 2025 10:19 AM

දුරකථන අංක, වෙරිෆිකේෂන් මොකුත් නැද්ද ඕකේ?

:       1       12

Indika Monday, 20 January 2025 10:41 AM

මේකට ඇතුලේ අයත් සම්බන්ධ ඇති... ඒකයි මෙච්චර ජනමාධ්‍යවලිනුත් පෙන්නලා මේක නවත්වන්න වුවමනාවක් නැත්තේ අර කියනවා වගේ ID එකට හදන්න පුළුවන් ඇතිනේ. තාක්ෂණය භාවිතා කරලා ඔයිට වඩා දේවල් කරනවා. ඒකට අපේ අය වංචාවල් වෙනවා කිය කියා කෑ ගගහා ඉන්නවා. වුවමනාවක් නෑ නවත්වන්න. කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක්...

:       1       3

අරවින්ද මොනරවිල Monday, 20 January 2025 10:47 AM

නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රශ්නය පැහැදිලිව තේරුම් ගත් බවක් ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි වුනේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ මේක උඩරට දුම්රිය මාර්ගයේ විතරක් වෙන වැඩක් කියලා. නමුත් සැබෑ තත්ත්වය නම් සියළුම සීඝ්‍රගාමී දුම්රියවල මේ තත්වය අඩුවැඩි වශයෙන් දකින්නට පුළුවන්. ඒ වගේම විදේශිය සංචාරකයින් සඳහා අදාල සංචාරක ව්‍යාපාරවලට දුම්රිය ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නම් ඒ සඳහා අදාල සංචාරක සමාගම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා ඔවුන්ට අවශ්‍ය ආසන ප්‍රමාණය වෙනම වෙන්කරවා ගැනීමේ පහසුකම් සැලැස්විය යුතුයි. එය ශ්‍රී ලාංකීය සංචාරකයින් සමග එකම මෘදුකාංගයකින් ලබා ගැනීමට යාමෙන් තමයි රටේ දූෂිතයින් මේක අවස්ථාවක් කරගන්න සමත්වෙලා තියෙන්නේ...

:       1       5

Praba Monday, 20 January 2025 11:14 AM

දුම්රිය යනකොට ආසන හිස්. එසේම දවසකට ඉස්සෙල්ලා නැතිනම් උදේට බලද්දී සීට් විවෘත වෙනවා... සමහර දුම්රිය සේවකයින් වොරන්ට් වලට අන්තිමට යන ගානට වඩා වෙන්කර ගන්නවා. ඒවා ගැනත් සොයා බලන්න.

:       1       1

රට වැසියා Monday, 20 January 2025 12:03 PM

රාජ්‍ය පාලනය ආණ්ඩුව අතින් ගිලිහෙමින් ඇත! රටට අවශ්‍ය වන්නේ "ජාතික නායකයික්" මිස සහෝදරයන් නොවේ - සහෝදරයින්ට නායකයින් වීමට අවස්ථාවක් ඇත!

:       11       4

Abid Monday, 20 January 2025 12:38 PM

මේකවත් නවත්තගන්න බැරිනම්, ඉතින් අනෙක් දේවල් ගැන කවර කතාද ?

:       3       4

Nishan Monday, 20 January 2025 12:39 PM

මේ ජාවාරමට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති වල අයත් සම්බන්ධ ඇති. ඒ නිසා මේක ඒ විදියටම කරගෙන යන්න ඉඩ දෙනවා ඇති.

:       3       3

පැරකුම් Monday, 20 January 2025 01:31 PM

සහෝදර සහෝදරියෝ රට ආණ්ඩු කලාට රට පාලනය තවමත් දූෂිත නිලධාරීන්ගෙ අතින් ගිලිහී නැති බව ඉතා පැහැදිලිව පෙනේ. මේ මොන්ටිසෝරි දේශපාලුවන්ට ඉගෙනගන්න තව කොච්චර කල් යයිද. ඒ වෙනකොට කෝච්චිය යයි අපි එතනමයි.

:       4       4

Upali Monday, 20 January 2025 01:38 PM

වැඩි දිනක් පවතින්නේ නෑ... ඔය ක්‍රමය ඉක්මනින් වෙනස් වෙයි. ක්ලීන් ශ්‍රී ලංකා...!

:       5       2

මැක්ස් Monday, 20 January 2025 01:59 PM

ටෙන්ඩරයක් දා ගන්න බැරි, හාල් පොල් ටික දෙන්න බැරි මලිමාන්ඩුවට මෙවැනි දේ නතර කර හැකි යයි කෙසේ සිතන්න ද!

:       2       3

ජයන්ත Monday, 20 January 2025 03:22 PM

කරුණාකර අවුරුදු 76ක් රටේ පාලනය කරපු දේශපාලුවො අතේ පමණක් වරද තියාගෙන අහිංසකම පිරිසක් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දොස් කියන්න එපා පව්...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 820 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 181 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 340 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 368 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 446 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 782 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 425 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site