IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දුම්රිය ගේට්ටුවටත් මාරකයක්

ජනතාවගේ ආරක්ෂාව සදහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු වල මුරකරුවන් ලෙස සේවයේ නියුතු වූවත් තමන්ට ලැබෙන රුපියල් 250 ක මුදලකින් පවුලක් නඩත්තු කරගෙන ජීවත් විම ගැටළුවක් බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති එච්.එම්.ආර්.එල්. සුමේධ මහතා පවසයි.

දිනකට රූපියල් 250 ක මුදලක් එක් මුරකරූවෙකුට පැය අටක සේවයකට ලැබුනත් මසකට දින 31 දක්වා ඇති මාසයන් වලට අදාල එම   මුදල මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන්ට මේ දක්වා ලැබුනේ දින 30 ට බවද 31 දක්වා දින ඇති මාසයන් වලට එම මුදල 2013 ජූලි මාසයේ සිට මේ දක්වාම  නොලැබුන බවද ඔහු පවසයි.තවද පුද්ගලික අංශයේ සේවකයන් ටත් ලැබෙන උත්සව අත්තිකාරම් මුදල වන රුපියල් 10000 ක මුදලවත් රාජ්‍ය අංශයේ සේවයක නියුතු වන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් වන තමන්ට නොලැබෙන බවත් පවසයි.

තවද ඹවුන් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති පුදේශයන් වල සිවිල් ආරක්ෂක නිලධාරීන් අතරින් මුරකරූවන් හැටියට තෝරාගෙන එක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුවක් සදහා පැය අටක සේවයකට තුන්දෙනෙකු සේවය කරන බවත් ඹවුන් හට පොලිස් දෙපාර්තුමෙන්තුව හරහා මාසික වේතනයක් ලබා දුන්නද ඔවුන් සේවය කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට බවත් ලංකාව පුරා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු 687 ක් පමණ ඇති බවද ඒවායේ 2061 ට අධික පිරිසක් මුරකරුවන් හැටියට සේවය කරන අතර එම මුරකරුවන්ව දුම්රිය දෙපාර්තු මේන්තුවට අනුයුක්ත කරන ලෙසද ඉල්ලා සිටින බවත් සභාපති වරයා පවසයි.

මෙම ගැටලු සම්බන්ධව පසුගිය මස 14 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් භාර දි අගමැති, ප්‍රවාහන ඇමැති, පොලිස් දෙපාර්තුමේන්තුව, දුම්රිය දෙපාර්තුමේන්තුව ආදියට ලිඛිතව දැනුම් දුන්නද මේ දක්වා කිසිදු දැනුම් දිමක්වත් නොලැබුණු බව  ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති පවසයි.මේ සම්බන්දව නිසි පිළිතුරක් නොලදහොත් ඉදිරියේදි දීප ව්‍යාප්තව වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිමට ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ විධායක නිලධාරින් එකතුව තීරණයක් ගන්නා බවද සභාපති වරයා කියයි.

____-___-_________-______-1 ____-___-_________-______-6 ____-___-_________-______-8

 

 



අදහස් (0)

දුම්රිය ගේට්ටුවටත් මාරකයක්

පිටිගල Sunday, 05 April 2015 07:04 PM

අද ලංකාවේ රුපියල් 250 කින් දවසක් තියා පවුලකට වේලක් කන්නවත් පුලුවන්ද කියලා ඔය ලොකු ලොක්කන්ට තේරෙන්නේ නැද්ද හැබෑටම? (නි)

:       0       0

සමන්ති Monday, 06 April 2015 12:43 AM

අනාරක්ෂිත ගේට්ටු තිබේ නම් ඒවා අලුත්වැඩියා කළයුතුය.අනාරක්ෂිත ගේට්ටුවලට මුරකරුවන් යෙදිමෙන් ඵලක් නැත. මිනිසුන් දුම්රිය මාර්ග හරහා මාර්ග ඉදිකරන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු අතර එම අවස්ථාවේම මාර්ගය ඉදිකරන ආයතනය හෝ වගකිවයුත්තන් ලවා ගේට්ටුවක් සවිකරවා එය නඩත්තු කළයුතු යැයි නිතියක් පැනවිය යුතුයි. (නි)

:       0       0

නිලූ Monday, 06 April 2015 02:55 AM

දිනකට රුපියල් 350 ක් ගෙවන ලෙස මම යෝජනා කරමි. (නි)

:       0       0

කුමාර Monday, 06 April 2015 03:12 AM

අපේ ළමයි මෙවැනි දුම්රිය ගේට්ටු වලට ස්ව්‍යංක්‍රීය ගේට්ටු කොච්චර හදල සම්මාන ගත්තද?  පත්තර වල පිටු ගණන් ලිපි පල උනා. ඇයි මෙවැනි දේ දුම්රිය දෙපාර්තමේන්තුව යොදාගන්නේ නැත්තේ. රටක් හැදෙන්න නම් අලුත් අලුත් දේ කරන්න ඕනි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 April 2015 03:15 AM

මට මතක හැටියට මේක වැටුපක් නොව ස්වේච්ඡා සේවයට කරන උපකාර දීමනාවක්. වැටුපක් ලබන්න තරම් මොකක්ද ගේට්ටුව අරින වහන එකේ තියෙන්නේ.? මාසිකව සේවයක් කර වැටුපක් ලබන අයටත් මහා පාවා දීමක් මේ වගේ වැඩකට වැටුපක් බලා පොරොත්තු වීම. හොඳ රස්සාවක් හොයාගන්න හැකියාවක් තිබේ නම් එය කරන්න. (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 06 April 2015 04:04 AM

රටේ දේශපාලකයෝ සල්ලි වලින් පිස්සු නටනවා. රටේ පොදු ජනතාවගේ තත්වේ ඕක තමයි. රට වනසන අයට කෝටි ගණන් වැටුප්. ජීවිත ආරක්ෂා කරන සේවකයන්ට දවසට 250. (ස)

:       0       0

කුමාර Monday, 06 April 2015 05:16 AM

මෙයද රැකියාවකි . මොවුන්ට ජීවත් වෙන්න පුළුවන් පඩියක් දිය යුතුය. රජයේ අතැම් ආයතන වල කිසිම රැකියාවක් නොකර මීට වඩා පඩි ගන්න අය ඕන තරම් ඇත. (ස) .

:       0       0

ලාල් Monday, 06 April 2015 05:50 AM

පටන්ගන්නේ ස්වේච්ඡාවෙන් කරන්න, අවුරුද්දකට පස්සේ දීමනාවක්, අවුරුදු දෙකකට පස්සේ ස්ථිර පඩියක්. අවුරුදු 3 ට පස්සේ පැන්ෂන් එක. ඊළගට දුවට පුතාට රැකියාව දාගන්න තමයි ට්‍රයි එක. නියම කම්කරු ජනතාව. (නදී)

:       0       0

හසන් Monday, 06 April 2015 06:03 AM

මොන රස්සාව කරත් ජීවත් වියහැකි මුදලක් ගෙවන්න. (නදී)

:       0       0

කුමාර Sunday, 05 April 2015 05:11 PM

දුම්රිය ගේට්ටු ක්‍රියාකිරීම ඉතා වැදගත් සේවයක්. එහෙත් මෙය අසල්වැසියන්ට දීමනාවක් වශයෙන් දී ක්‍රියාත්මක වන සේවාවකි. මේ මගින් ස්ථිර පඩියක් ලබාගන්න යනවා නම් එය අසාධාරනයි. මොකද ලංකාවේ තිබෙන සීමිත දුම්රිය ගණනින් මෙතරම් ගණනකට වැටුප් ගෙවුවොත් කඩාවැටෙන්නේ දුම්රිය සේවයයි. (නි)

:       0       0

ෆාසි Monday, 06 April 2015 08:02 AM

ඇත්තටම දුම්රිය ගේට්ටු වහන රැකියාව කරන්නේ ඉතා දුප්පත් අධ්‍යාපන සුදුසුකම් නොමැති අයයි, මොවුන්ටත් පවුලක් සමග ජීවත් විය හැකි දීමනාවක් ලබා දීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 219 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 218 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 159 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 124 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 388 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38034 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site