IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දුම්රිය නිදන මැදිරි වෙනුවට නිදන ආසන මැදිරි වැඩි කරන්න යයි

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව  දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මේ තුළින් වැඩි දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලැබීම වැඩි කර ගත හැකි බවද  හෙතෙම පැවසීය.


පළමු වැනි පන්තියේ   නිදන මැදිරි ප්‍රවේශව පත්‍රයක මිල රුපියල් 1200 ක් වන අතර  එක් මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 12 දෙනකුට පමණි.


ආසන වශයෙන් ගත්විට මගීන් 40 කට  වැඩි සංඛයාවකට මැදිරියක ගමන් ගත හැකි බව පෙන්වාදෙන සාමාන්‍යාධිකාරිවරයා 50 කට  ආසන්න පිරිසකට ගමන් කළ හැකි මැදිරියක මගින් 12 දෙනකුට නිදන මැදිරි ලෙස වෙන් කිරීම දෙපාර්ත මේන්තුවට සිදුවන පාඩුවක් බව පැවසීය.


නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි පාඩු නොවන මට්ටමෙන් පවත්වාගෙන යාහැකි බව සඳහන් කරන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

දුම්රිය නිදන මැදිරි වෙනුවට නිදන ආසන මැදිරි වැඩි කරන්න යයි

sachith Thursday, 31 January 2019 06:47 AM

ටික ටික මොලේ පෑදෙනවා වගේ. ඔය වගේම සිග්නල්, මාර්ග නඩත්තුව වගේ ඒවටත් මොලේ පෑදේවා..!!!

:       0       0

දමිත Thursday, 31 January 2019 06:58 AM

පමාවී හෝ මෙවැනි බුද්ධිමත් තීරණයක් ගැනීම ගැන අගය කරන අතර ජනතාවට ඉතාමත් සැප පහසු ගමන් ලබා දෙන්න.

:       0       0

හේරත් Thursday, 31 January 2019 07:33 AM

පාඩු සිදුවෙන්නේ මේ අයගේ නොහැකියාව නිසා මිස නිදන මැදිරි නිසා නොවෙයි. බදුල්ලේ / මඩකලපුවේ වගේ තැන් වල ඉඳලා පැය 6 කින් කොළඹ එන්නේ මොන කෝච්චියද?

:       0       0

ravi Thursday, 31 January 2019 08:55 AM

ඕක ඉතින් දැනුත් තියන දෙයක්නේ .. කෙල හලාගෙන .. ගොරවන දුම්රිය මගීන් අපිනම් ඕන තරම් දැකල තියනවා .

:       1       5

bandula Thursday, 31 January 2019 10:49 AM

වටිනා අදහසක්, වෙන රටවල නිදන මැදිරි යොදන්නේ නම් 2000 -3000 වැනි දුර යාමටය. කිලෝමීටර් 400 වැනි දුරකට යාමට ඇඳන් අවශ්‍ය නැත .

:       0       0

sirimal Thursday, 31 January 2019 11:00 AM

අපේ දුම්රිය මැඳිරි බොහොමයක් ඉතාම පැරණි දිරාපත්වූ ඒවා බව පෙනෙන්ට ඇති බැවින් ඒවා ඉවත්කර නවීන පහසුකම් සහිත නව මැඳිරි හඳුන්වා දීමටත් ඒවා වගකීමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම පිළිබඳව මඟීන් දැනුවත් කිරීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුවෙයි. ලෝකයේ ඉතාම අඩු මුදලකට ගමන් කල හැකි දුම්රිය සේවයක් ඇත්තේ අපේ රටේ බවයි මම හිතන්නේ. මෙතරම් සුළු මුදලක් අයකරමින් දුම්රිය සේවාවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් පුදුමයක්. දුම්රිය මෙන්ම දුම්රිය ස්ථානද නිසි පරිදි පවත්වාගෙන යාම වැදගත් වෙයි. විශේෂයෙන් දුම්රිය ස්ථානවල ඇති වැසිකිලි ආදියද ප්‍රසන්න භාවයකින් යුක්තව පවත්වා ගෙන යාම වැදගත් වෙයි.

:       0       0

Donald Thursday, 31 January 2019 07:00 PM

අපට දුම්රිය දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නැත. ෆේස්බුක් එකේ ඉන්නවා කෝච්චි ගැන දැනුම තියන කොල්ලෝ ඕන තරම්. ඒ උදවිට දුන්නානම් අපූරුවට කෝච්චි ටික දුවවනවා. මේ අලුත් ඇන්ජින්, පවර් සෙට් පවා ලැබුණේ ඒ උදවියගේ කැපවීම නිසා. ෆේස්බුක් එකේ එක කෝච්චි සම්බන්ධ සමූහයක මිතුරෙකු ඉන්නවා ඔහු පෞද්ගලික ධනයෙන් ඉන්දියාවට ගියා මෙම අලුත් ඇන්ජින්, පවර් සෙට් වල ගුණ දොස් නිරික්ශණය කර රේල්ලුවට දැනුම් දීමට. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආණ්ඩුවේ මුදලින් පිටරට ට්‍රේනින් යන්න හදන කාලෙක, මෙවැනි සිදුවීම් අගය කල යුතුයි.

:       0       0

Tharanga Friday, 01 February 2019 05:13 AM

එන්න එන්න දුම්රියේ පහසුකම් අඩු වෙනවා. පහසුකම් අඩු වුනාම අමාරු වෙන්නේ දුර යන මගීන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 897 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 255 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 97 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 891 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 665 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 230 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 722 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site