IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම්රිය මඟිහු අදත් රස්තියාදුවේ

දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම   අද හත් වැනි දිනටත් පැවැත්විණි.මේ නිසා මඟිහු හා කාර්යාල සේවකයින්  මහත් අසීරුතාවට පත් වුහ.

අපරික්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කළැයි රියදුරන් කිහිප දෙනකුගේ  වැඩ තහනම් කැර විනය පරීක්ෂණ පැවැත්වීමත් සමඟ පොතේ හැටියට දුම්රිය ධාවනය කරන බව දුම්රිය රියදුරෝ කියති.

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ද බොහෝ පමා විය.

 



අදහස් (0)

දුම්රිය මඟිහු අදත් රස්තියාදුවේ

රජින්ද Tuesday, 13 May 2014 11:14 AM

සමහර පාලකයින්ගේ අඥාන වැඩ සහ නිලධාරීන්ගේ නරක ගති නිසා ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ගොඩයාමක් නැත. කොන්ද කෙළින් තිබෙන, ජාතික අභිමානය ඇති, හදවත තරමක් දැඩි පාලනයක් අවශ්‍ය මොහොතකි මේ. රට අරාජික වෙමින් යන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 13 May 2014 11:14 AM

මෙම රියදුරු රැකියාව විශාල දැනුම් සම්භාරයක් ඇති කෙනෙකු විසින් කළ යුතු අසීරු රැකියාවක් නොවේ නේද? නමුත් මොවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අති විශාල දැනුම් සම්භාරයක් වගේම කාලයක් අපතේ යන හැටි? බොහෝවිට ඔවුන් වැරදිත් කරලා මඟීන්ටත් වද දෙනවා. (නි)

:       0       0

තරංග Tuesday, 13 May 2014 11:19 AM

ඒ මිනිස්සු හරි. එයාලා තමන්ගේ රැකියාව ගැන හිතන්න ඕනෑ. ඔය මඟීන් කියන අය රියදුරන්ට මොනවා හරි වුණොත් වගකියන්නේ නැහැනේ. නේද? (නි)

:       0       0

පද්මිණි Tuesday, 13 May 2014 11:30 AM

බලන්න අවට තිබෙන කැළිකසල ගොඩ... ලංකාවට පිරිසිදුකම කවදා පුරුදු කරන්නද? (නි)

:       0       0

දයා Tuesday, 13 May 2014 12:02 PM

මේ දුම්රිය පාර දිහා බැලුවහම තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තිබෙන වැඩපිළිවෙල කොහොමද කියලා. තවත් මොනවා කියන්නද? (නි)

:       0       0

බුද්ධික Tuesday, 13 May 2014 12:06 PM

මම හිතන විදිහට ලංකාවේ කාර්යාල වල සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා අපි මොනතරම් රස්තියාදු වෙලා තිබෙනවද? මේ කාර්යාල සේවකයන් තව තවත් රස්තියාදු වෙද්දී ඒ බව හොඳින්ම ඔවුන්ටත් වැටහෙයි (නි)

:       0       0

සම්පත් Tuesday, 13 May 2014 06:44 PM

ඒ කාලේ මෙච්චර අධ්‍යාපනයකුත් නැතුව නිපදවූ දුම්රිය පදවන්න අද කාලේ විඳින දුකක්? (නි)

:       0       0

නිමාලි Tuesday, 13 May 2014 12:16 PM

සමහර දුම්රිය ස්ථාන වල සිටින නිලධාරීන් තම රාජකීය අකුරටම ඉටු කරන බව ඉහත රූපයේ මාර්ගයේ තිබෙන කසළ දුටුවිට අවබෝධ කරගැනීමට පුළුවන් (නි)

:       0       0

සුරංග Wednesday, 14 May 2014 07:23 AM

මම මේවා දකිනකොට අතිශයින්ම කණගාටු වෙනවා මම උපන් රට ගැන. මේක කවදාවත් දියුණු කරන්න මේ රටේ මිනිස්සු ඉඩදෙන්නේ නැහැ. නමුත් මම සතුටින් ඉන්නවා ඇමෙරිකාවේ ජීවත්වෙන නිසා (නි)

:       0       0

වාසනා Tuesday, 13 May 2014 12:19 PM

නිශා හිතන්නේ පුද්ගලික බස් කොන්දොස්තර-රියදුරු වෙනවා වගේ කියලද, මේක? (නි)

:       0       0

සිරිබිරිස් Tuesday, 13 May 2014 12:27 PM

"කරුණාවෙන් සවන් දෙන්න... නුවර සිට පැමිණෙන මීළඟ සීඝ්‍රගාමී දුමිරිය මන්දගාමීව කොට කොටා මරදාන කරා ළඟාවෙනවා අැත" (නි)

:       0       0

රත්නසිරි Tuesday, 13 May 2014 12:45 PM

මඟී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක්. තම තමන්ට ඕනෑ විදිහට දිගින් දිගට දුම්රිය ගමන් අඩපණ කිරීම ජාතික වගකීම මඟහැරීමක්. පසුගිය දිනවල සිදුවීම් දෙස බලනවිට නොසැළකිළිමත්කම නිසා සිදු වූ බරපතල හානි මහජනතාවගේ මුදල් විනාශ කිරීමක්. මගේ මවුබිම කියන හැඟීම හැම කෙනෙකු ළඟම ඇති වන්නේ නම් මේ රට ඉදිරියට ගෙන යෑම අපහසු කාර්යයක් නොවේ. (නි)

:       0       0

ධනංජය Tuesday, 13 May 2014 12:50 PM

හෙදියන්,වෛද්‍යවරුන් සහ ‍දුම්රිය රියදුරන් අද සිටින තත්ත්වයට පත්වී ඇත්තේ මහජනතාවගේ මුදල් වලින් නේද? ඉතින් ඔවුන් කරන කියන දේ ගැන විමසීමට මහජනතාවට අයිතියක් ඇත (නි)

:       0       0

උදාර Tuesday, 13 May 2014 12:51 PM

නිමාලි, ඔය කසළ එකක්වත් දුම්රිය දෙපාර්තමේන්කුව දාපු ඒවා නොවේ. කෝච්ච්යේ යන එන අපි එයාලා වගේ සාමාන්‍ය අහිංසක අවංක මිනිස්සු දාපුවා තමයි.(නදී)

:       0       0

ජනක Tuesday, 13 May 2014 12:52 PM

ඔහොම යන්, මේවා ලොකු පුටුවල ඉන්න පාලකයන්ගේ වැරදි. පව් අහිංසක ජනතාව.(නදී)

:       0       0

ජනක Tuesday, 13 May 2014 12:54 PM

මේ ලංකාව කවදාවත් හදන්න නම් පුළුවන්කමක් වෙයිද? (නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 13 May 2014 01:06 PM

වග කිවයුත්තන්ට සුදුසු දඩුවම දෙන්න දුම්රිය රියදුරන් මේකට ඍජුවම වග කිව යුතු නැත. දුම්රිය බලධරයනි දේශපාලකයින් මත යැපෙන්න එපා.(නදී)

:       0       0

ලක්ෂිකා Tuesday, 13 May 2014 01:10 PM

ආයෙමත් ගුටි කන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

මාග්‍රට් Tuesday, 13 May 2014 01:15 PM

මේ ගොල්ලන්ට ප්‍රේමදාස යුගය මතක් කර දුන්නා නම් හරි. (නදී)

:       0       0

ධනූ Tuesday, 13 May 2014 01:32 PM

ප්‍රේමදාස යුගය මතක් කර දුන්නා නම් මෙහෙම කරන එකක් නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 13 May 2014 01:37 PM

කෝ මේ අපේ බන්දුල පෙරේරා? අර රජින්දගේ සටහන පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සිරිබිරිස් Tuesday, 13 May 2014 01:44 PM

ලක්ෂිකා අැයි ගුටිකන්ෙන් ඒ අය බත්කාලා අැවිත් තමයි වැඩ කරන්නේ.(නදී)

:       0       0

බංඩාර Tuesday, 13 May 2014 01:47 PM

නිශාන්ත, දුම්රිය රියදුරු වෘතිය කියන්නේ විශාල දැනුමක් අවශ්‍ය රස්සාවක්. ඒ නිසා නිකන් ඒ වෘතිය හෑල්ලුවට ලක් කරන්න එපා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හොයල බලන්න. අවශ්‍ය සුදුසු කම් මොනවද කියලා.(නදී)

:       0       0

සෝබන Tuesday, 13 May 2014 01:54 PM

මේ දුම්රියකට මොකට ලතවෙනවද? අර හොඳට අධිවේග හදලා දීලා තියෙන්නේ මහජනතාවට යන්න. (නි)

:       0       0

නිමාලි Tuesday, 13 May 2014 01:57 PM

බණ්ඩාර, දුම්රිය රියදුරු වෘත්තිය කියන්නේ විශාල දැනුමක් අවශ්‍ය රැකියාවක් නම් ඒ වෘත්තිය හෑල්ලුවට ලක්කර නොගෙන මහ ජනතාවට සේවය කරන්න. රියදුරන් විසින්ම එය හෑල්ලුවට ලක්කරගෙනයි තිබෙන්නේ (නි)

:       0       0

ශ්‍රී Tuesday, 13 May 2014 02:21 PM

දුම්රිය බංකොලොත් කිරීම සඳහා සියලු දෙනාම බස් වලින් ගමන් කරන්න. (නි)

:       0       0

බන්දුල Tuesday, 13 May 2014 02:23 PM

දුප්පත්කම අභිබවා යාමට නම් ගෝලීයකරණය තුළින් අපි නාගරීකරණය විය යුතුයි. නාගරීකරණය වන අපි වාණිජකරණය තුලින් දුම්රියකරණය නැමැති වෘත්තිය සමිති අභිබවා සමාජකරණය දක්වා ඉදිරියට යෑමට රජයට සහයෝගය දැක්විය යුතුයි (නි)

:       0       0

සිරිබිරිස් Tuesday, 13 May 2014 02:30 PM

ඔන්න ඔන්න බන්දුල ඉඳලා ඉඳලා තව කතාවක් කිවුවා... (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 13 May 2014 02:30 PM

අපි කළ ලොකුම මෝඩකම කළේ 1948 වසරේ නිදහස ලැබුණ දා කියලා මට හිතෙනවා (නි)

:       0       0

සරා Tuesday, 13 May 2014 02:40 PM

දුම්රියේ යන්නෝ කරන්නෙත් ජනතාව අපහසුවට පත් කිරීමයි. දවසින් දවස රට අගාධයට! (නි)

:       0       0

සෑම් Tuesday, 13 May 2014 02:42 PM

මම හිතුවේ දුම්රිය මඟීන් වැඩට නොගිහින්, රස්තියාදු ගහන්න ගියා කියලා.ප්‍රදීප්, ඔයා හරියටම හරි. අනික රස්සාවට අලුතෙන් අය බඳවා ගන්න ඕනෑ. මහජනයාගේ දුක නොතේරෙන අය. (නි)

:       0       0

වීරවංශ Tuesday, 13 May 2014 02:43 PM

මෙයට විසඳුම ජනතාවත් අකුරට වැඩ කරන්නට පුරුදු පුහුණුවීමයි (නි)

:       0       0

රණතුංග Tuesday, 13 May 2014 02:48 PM

මම දකින විදියනම් මේ රියදුරන් මොනතරම් සුළු සුළු කාර්මික දෝෂ දුම්රිය වල තිබුනත් ඒවා ගණනකට නොගෙන මහජනතාව වෙනුවෙන් ලොකු සේවයක් මේ ප්‍රශ්න ඇති වෙනකම් කළා.සමහර විට ඔවුන්ට යම් කලකිරීමක් ඇතිවෙන්න ඇති "අපි මෙච්චර දුම්රිය වල අඩුපාඩු තිබිලත් මෙච්චර සේවයක් කරලත් ,බලධාරීන් අපිට සලකන්නේ මෙහෙමද "කියලා.දැන් කවුරු හරි අහන්න පුළුවන් සුළු සුළු අඩුපාඩු,දෝෂ තිබෙන දුම්රිය ධාවනය කරන්නේ ඇයි කියලා.දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලබන ආයතනයක් නොවෙයි.සමහර විට අවශ්‍ය සුළු සුළු අමතර කොටස් ගබඩාවල නැතුව ඇති.රියදුරන් ඒ බව හොදාකාරවම දන්නවා ඇති.නමුත් රියදුරන් මහජනතාවට අපහසු තාවයක් නොවෙනා ආකාරයට මේ දක්වා දුම්රිය නොනවත්වා ධාවනය කර සේවයක් සැලසුවා නේද ?මම නම් හිතන්නේ අපි මේ ප්‍රශ්නය දිහා සාධාරණව දෙපැත්තම බැලිය යුතුයි.ඔවුන්ට හිතනවා ඇති "ලොකු තැන් අපිට සලකන විදියට අපිත්,අපේ රාජකාරිය නීතියටම කරන්නම් " කියලා.(දිල්)

:       0       0

විපුල Tuesday, 13 May 2014 03:03 PM

ආයතනයක දියුණුව වෙනුවෙන් තමයි එම ආයතනයට ප්‍රධානියෙක් පත්කර සිටින්නේ. මෙතන වෙන්නේ , යමක් නොකර පවතින දෙය පෑමක් වෙන්න ඇර බල සිටීමට නම් , එම ආයතනයට ප්‍රධානියකු අවශ්‍යද ? එයයි දුම්රියේ යන අපට ඇති ගැටලුව. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2725 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1963 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2835 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2869 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site