IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මැදිරි දේශීයව නිපදවන්න යයි

වර්තමාන අවශ්‍යතාවන් සඳහා මගී දුම්රිය මැදිරි දේශීය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයකු තෝරාගැනීමට නියමිතය.

මේ වනවිට මගී දුම්රිය මැදිරි 700ක් පමණ දුම්රිය සේවයට අවශ්‍යව පවතින අතර, ඉදිරියේදී එම අවශ්‍යතාව 800 දක්වා වැඩි වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

දැනට පවතින දුම්රිය මැදිරිවලින් 30%ක් වසර 30ක්ද, 60%ක් වසර 25-30ත් අතර කාලයක් ද, පැරණි ඒවා වන අතර, 10%ක ප්‍රමාණයක් වසර 12ක් හෝ ඊට අඩු කාලයක් තුළ සේවයේ යොදවා ඇත. ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබීමට නියමිත මැදිරි 160 සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට නියමිත මැදිරි 140 මගින් මුළු මැදිරි අවශ්‍යතාවෙන් 42%ක් පමණක් සැපිරෙයි.

මෙම කරුණු සලකා බලා ඊට පිළියමක් වශයෙන් දුම්රිය මැදිරි දේශීයව නිපදවීම පිළිබඳව  ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



අදහස් (8)

දුම්රිය මැදිරි දේශීයව නිපදවන්න යයි

Deepal Nirosh Tuesday, 02 February 2021 07:52 AM

විදේශවලට ණය වී අධිවේගී මාර්ග ඉදිකිරීමට වඩා ඉතා ඵලදායී යෝජනාවක්...

:       13       8

hambanthota samanTuesday, 02 February 2021 08:26 AM

අනිවාර්යයෙන් දැනට තියෙන අධිවේග ටික ලංකාවට හොඳටම ප්‍රමාණවත්. මධ්‍යම අධිවේගය කියා මුදල් නාස්ති නොකළ යුතුයි. ඒ අයට ටිකක් කළින් නැගිටලා එන්න කියන්න. ලංකාවේ අලුතින් අධිවේග හදනවා නම් හොඳම ගාල්ලේ දෙණියාය, බෙලි අත්තට කිට්ටුවන ඇඹිලිපිටිය - හම්බන්තොට, හම්බන්තොට - තිස්සමහාරාමය වගේ...

:       15       2

kamalTuesday, 02 February 2021 11:48 AM

ඇයි ගාල්ලේ, දෙනියායේ, හම්බන්තොට, තිස්සමහාරාමය පැත්තේ උදවියටත් කළින් නැගිටලා එන්න බැරිද?

:       0       7

මුණසිංහ Tuesday, 02 February 2021 10:03 AM

මෙහෙම කියන අය තමයි අධිවේගේ හැදුවාම සිරි නරඹ නරඹා යන්නේ... උදාහරණ ඕනෑතරම් තිබෙනවා.

:       2       10

Raveendra Tuesday, 02 February 2021 09:41 AM

මෙවන් තීරණ ගත යුතුව තිබුනේ මීට දශක කීපයකට පෙරයි. පමාවී හෝ මෙම තීරණ ගැනීම අප අගයන්නෙමු. 225 තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් නම් කිසිඳු තීරණයක් ගැනුමට එක තප්පරයක්වත් පමා නොකරන අතර පොදු ජනතාවගේ පහසුව වෙනුවෙන් ගත යුතු තීරණ මෙසේ පමාකිරීම ඔවුන්ගේ ඒ ආදරණීය මෑණිවරුන් සෑමවිටම මහජනතාවගේ මතකයෙන් මෙන්ම නිතරම මතක්කිරීම් වලින් කිසිවිට ගිලිහෙනු නොමැත.

:       0       42

banda Tuesday, 02 February 2021 09:50 AM

ලංකාවේ දුම්රිය මැදිරි නිපදවීමේ හැකියාවක් නොමැති අතර, සිදුකරන්නේ සේවයෙන් ඉවත්කරපු මැදිරි අලුත්වැඩියා කර නැවත සේවයේ පිහිටුවීමකි.

:       4       10

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 February 2021 10:25 AM

සාමාන්‍යයෙන් මේ රටේ කොන්ත්‍රාත්කරුවන් මුහුණපාන විශාල ගැටලුවක් තමයි අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉහළම දේශපාලකයාගේ සිට පහළට විශාල දොළ පිදේනි ආදිය ලබාදීම... ව්‍යාපෘතිය අනුමත කරදීමට පෙර තමාගේ ලේකම්වරයා හමුවී පැමිනෙන ලෙස දැන්වීම පසු දියයුතු විශාල දොළ පිදේනි ගැන දැනගන්නට ලැබෙනවා. සමහර කොන්ත්‍රාත්කරුවන් ක්ලාන්ත වීමට පෙර එතැනින් පිටව යනවා. සමහර දෙනා ඊට එකඟ වී අමුද්‍රව්‍ය හරිහැටි නොදමා වැඩේ කරනවා. ප්‍රමිතියට වැඩේ සිදුනොවී නිසි තතු එළිවුනොත් අමාරුවේ වැටෙන්නේ කොන්ත්‍රාත් කරුවායි. මේ තත්ත්වය නොදන්නා බොහෝදෙනා කොන්ත්‍රාත් කරුවාගේ පරපුරටම පහර දෙනවා. කපටි දේශපාලකයා හීන්සීරුවේ මාරුවෙනවා. ඔන්න ඕක තමයි පවතින යථාර්ථය. මේ වැඩේ එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       9

sharm warn Tuesday, 02 February 2021 11:43 AM

අවුලක් නැහැනේ.. චීනෙන් කෑලි ගෙන්නලා මෙහෙ පුරුද්දලා පාරට දායි... අනික් කෙරුවාවල් වගේම... වෙන මොනවාද? බලන් ඉන්නකෝ? නැතිව මෙහෙ කොහේද අමුද්‍රව්‍ය? මේකෙනුත් කොමිස් කුට්ටි කොච්චර යනවද දන්නේ නැහැ.

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 426 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 130 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 208 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 264 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 897 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 377 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site