IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දුම්රිය වැටුප් නැති වුණොත් දුම්රිය කොට උඩ

දුම්රිය වැඩ වර්ජනය පැවතියද අද (08) පෙරවරුවේ දුම්රිය 7 ක් සහ පස්වරුවේ  දුම්රිය දෙකක් ධාවනය කළ බව  දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය දිනකට දුම්රිය 400 ක් පමණ ධාවනය කැරේ.

වැටුප්තලය ලබා නෙදීමට විරෝධය දක්වා  ඊයේ (07)මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වු පැය 48 වර්ජනය  හෙට මධ්‍යම රාත්‍රියෙන්  අවසන් වුවද  යළි දින කිහිපයකින්  අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද  දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ  කැදවුම්කරු  ජනක ප්‍රනාන්දු මහතතා පැවැසීය.



අදහස් (0)

දුම්රිය වැටුප් නැති වුණොත් දුම්රිය කොට උඩ

උපාලි Tuesday, 09 July 2013 04:42 AM

දුම්රිය සේවකයෝ වගේ අඩු වැඩ කොටසක් සඳහා වැඩි වැටුප් සහ අතිකාල ලබන තවත් අය ඉන්නේ දෙපාර්තමේන්තු කීපයක විතරයි. සංස්ථාවල නම් ඕන තරම් ඉන්නවා. අතිකාල ගෙවන්නේ ඇත්තටමද? නැහැ. ගෙවල්වල ඉඳන් අතිකාල ගන්න පිරිස තමයි වැඩි. ප්‍රශ්නය විසඳන්න දැන් සාකච්ඡා වලටත් යන්න බැරිලු. ඒ කියන්නේ මස් රාත්තලම ඕන කියන එකනේ. බන්දුල කියනවා වගේ ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති පාඩුව තමයි මේ. (නදී)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 07:11 AM

විමලේගේ බම්බුව තමයි මේ මිනිස්සුන්ව කොයි කලේ ඉදන්ද පාලකයන් රවට්ටන්නේ? කීපාරක් වර්ජනය කරන්න හැදුවද? පාලකයෝ කල් ඉල්ලා ඉල්ලා මග ඇරියා අපිත් කෝච්චි නැතුව කට්ට කනවා එත් කොයි දේත් රැවටීමේ සීමාවක් තිබිය යුතුයි?(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 09 July 2013 07:14 AM

වර්ජකයිනි, වැඩි පඩි ඉල්ලලා කරන වර්ජනය ඔබලාගේ හෘද සාක්ෂියට එකගද කියලා බලන්න. මොකද දැනට ගන්න පඩියටවත් ඔබලාගෙන් මහජනයාට සේවයක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නදීශානි Tuesday, 09 July 2013 08:03 AM

මේ වර්ජනය වැරදියි කියන මිනිස්සු පොඩ්ඩක් හිතල බැලුවනම් අද ජිවත් වෙන්න ලැබෙන පඩිය මදි නේද? ආසාවට වර්ජන කරනවද? පාලකයෝත් දැනගන්න ඕනේ මිනිස්සුන්ට සරිලන වැටුපක් ලබාදෙන්න.(නදී)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 09:11 AM

නිමල් ඔබ හරි. ඕනෑ නම් දෙන පඩියට වැඩ කරන්න. නැත්නම් දාලා යන්න. වැඩට එන්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ලංකාවේ නැත්නම් ඉන්දියාවෙන් ගෙන්වමු. (නි)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 09:20 AM

නදීෂානී මිනිසුන්ට හරියන පඩි තමයි දෙන්නේ. ඒ ගොල්ලන් ලැබෙන පඩියට ජීවත් වන්න හදා ගන්න ඕනා. නැතුව එයාලගේ ජීවන රටාවට හරියන්න පඩි ගෙවන්න ආණ්ඩුවට බැහැ.(නදී)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 09:25 AM

මේ ගොල්ලන්ට විතරක් නොවෙයි හැමෝටම පඩි මදි. මොකද ලැබෙනවට වඩා වියදම් කරන්න පුරුදුවෙලා නිසා. ඉතින් මෙගොල්ලනට පමණක් පඩි වැඩි කරලා හරියනවද?(නදී)

:       0       0

සරත් Tuesday, 09 July 2013 09:38 AM

ලංකාදීපය මේ තරම් බංකලොත්ද වෙබ් එකේ හතර වටෙන්ම වෙළද දැන්වීම දාන්න තරම්. මට නම් දැන්වීම විතරයි පෙන්නේ. ඒකෙන් අයින්වෙන්න තැනකුත් නැහැ.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 09 July 2013 09:44 AM

කෝච්චිය නැතුව බස් එකේ පරක්කු වෙලා ගිහින් අපෙත් පඩි කැපෙනවා.(නදී)

:       0       0

නිමල් Monday, 08 July 2013 07:21 PM

කාලයක් තිබුණා මේ රටේ වැඩ වර්ජන ගැන අහන්න නොලැබුන. වැඩි වැටුප් ඕන නම් තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කල යුතුය. නොඑසේ නම් වැඩි වැටුප් ලැබෙන රැකියාවක් සොයා ගත යුතුය. එසේ නොවන්නේ නම් සුදු වැන් යොදවා මොවුන් මර්ධනය කල යුතුය. (අ)

:       0       0

නෙවිල් Tuesday, 09 July 2013 10:11 AM

ලැබෙනේ පඩියෙන් ජීවත් වෙන්න ඕන මෙයාල විතරද ඈයි මැති ඇමතිවරුන්ටත් පුළුවන් වෙන්න එපායැ. පොදු රාජ්‍ය මන්ඩලීය නායක රැස්වීමේ උත්සවයට රුපියල් කෝටි 3500 ක් වියදම් කරන එකේ මේ සල්ලී වලින් ජනතාවගේ ජීවන බර අඩුකරන්න පුළුවන්නේ. රටේ නාස්ති කරන්න ඕන තරම් සල්ලි තියනවා. මිනිස්සුන්ට සහන දෙන්න ආණ්ඩුවට බැරි ඇයි.(නදී)

:       0       0

වෙල්ගම Tuesday, 09 July 2013 10:29 AM

මොනා වුනත් කාලෙකින් දැක්ක සාර්ථක වැඩ වර්ජනයක්. පාලකයන්ට නොනැමි හොඳින් මුහුණ දුන්නා.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 09 July 2013 10:38 AM

දැනටමත් කොට උඩ තමා.(නදී)

:       0       0

දිනුක Tuesday, 09 July 2013 10:39 AM

ඉෂාර, පොඩ්ඩක් කලින් නැගිටලා වැඩට ආවානම් පරක්කු වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

අධිකාරිගේ Monday, 08 July 2013 08:25 PM

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 400 ධාවනය කරන දෙපාර්තමේන්තුව,....අද උදේ 7 සහ හවස 2 ධාවනය කළා ,.කියන්නේ හරියට වර්ජනයෙන් මගීන්ට කිසිම ප්‍රශ්නයක් නොවුණ ගානට,, අනේ හැබැට ,...(අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 08 July 2013 08:48 PM

ත්‍රස්තවාදී උවදුරු නැති මේ වගේ පරිසරයක ප්‍රේමදාස වගේ ජනාධිපතිතුමෙක් හිටියනම්...අපේ රට ගොඩේ ගොඩ.(නදී)

:       0       0

ඉන්සාෆ් Tuesday, 09 July 2013 11:44 AM

මේක දුම්රිය දෙපාර්තමේන්ත්වේ වර්ජනයක් නෙමෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ තර්ජනයක් වගෙයි මට නම් පෙනෙන්නේ. ඇයි රජයට බැරි වෘත්තිය සමිති සාමාජිකයින් සේවයෙන් පහ කරලා නව සේවකයින් බඳවා ගන්න....? (නි)

:       0       0

තුෂාර Monday, 08 July 2013 09:47 PM

ඕනෑම කෙනෙකුට තම අවාසිකම් වෙනුවෙන් වර්ජන කිරීමට අයිතියක් තිබේ ඒක කාටවත් වැලක් වන්න බැහ මේ රටේ දෙශපලකින් වංචාව දුෂණය හැම දේම කරනවා ඇත ජිවත් වෙන්න සරිලන වැටුපක් ලබා දෙන්නේ නැහැ අනිවාර්යෙන්ම වර්ජනය කර අයිතිවසිකම් දිනා ගත යුතුය (අ)

:       0       0

ගීත් Tuesday, 09 July 2013 12:06 PM

දිනෙන් දින වැඩිවන ජීවන වියදම අඩු කරන්න රජයෙන් කිසිම සැලැස්මක් නැහැ. දේශපාලකයන් ඇරෙන්න බහුතරයක් පොදු ජනතාව ඉන්නේ අමාරුවෙන්.දුම්රිය සේවකයනුත් ඉන් කොටසක් විතරයි. (නි)

:       0       0

නිමල් Monday, 08 July 2013 11:27 PM

මහජනතාවට බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට ගොස් ,සුර සැප විඳිමින්, මහජනතාව මත සියලු බර පටවන අයටද නිමල් කියන්නේ සුදු වෑන් යොදවා ජීවත් වීමට වැටුපක් ඉල්ලන අයව මර්දනය කරන්න කියලා. වැඩ කරන මිනිස්සුන්ට හරි වැටුපක් දෙන්න බැහැ.වැඩක් නොකරන මහජනතාවට් බරක්වූ දේශප‍ෙලකයන් වැඩි කිරීමට ක්‍රම සකස් කරන බවට ඉරුදින පුවත් පතක පළවුණා. ඒවා ගැන නිමල්,කියන්නේ මොනවද? (නි)

:       0       0

විමලේ Tuesday, 09 July 2013 01:41 AM

ප්‍රේමදාස මහත්තයා හිටියානම් මේ වර්ජකයෝ පන්නලා දාලා අලුත් අයව අරගෙන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1038 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 905 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3610 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2281 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site