ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
දුම්රියක් පැමිණෙන තෙක් දුම්රිය ස්ථානවල විශාල පිරිස් රැඳී සිටින අතර කලාතුරකින් ගමන් ගන්න දුම්රියවල විශාල පිරිස් දොරවල්වල පවා එල්ලී ගමන් කරනු දක්නට ලැබිණි.
මෙම වැඩ වර්ජනය හේතවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාට 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කෙරුණු අතර සේවය නිමවා නිවෙස්වලට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණි කාර්යල සේවකයෝ මෙන්ම දුරබැහැරින් කොළඹ පාසල්වලට පැමිණි දරු දැරියන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබිණි.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබූ අතර කළුතරින් පමණක් ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාට අටක් පමණ අවලංගු කර තිබු බව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග කියයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගයේ ද දුම්රිය රැසක් අවලංගු කර තිබුණි. ධාවනය වූ දුම්රියවලට ගමන් කල නොහැකි මට්ටමට මගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.
ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි
ඡායාරූපය සුමිත් පොතුපිටිය
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු - මගීහු අමාරුවේ
ජයන්ත Thursday, 05 October 2023 08:40 AM
ලංකාවෙ දුම්රිය වර්ජනය ගැන බැලුවම දියවැඩියාව හැදුනු කෙනෙක් මුත්‍රා කරන්න යනවා වගේම වර්ජනය කරනවා ඉතින් එහෙම ලෙඩ්ඩුත් එක්ක රටක් හදන්නෙ කොහොමද රටේ දියුණුව අවශ්‍ය නම් මේ අහේනිය තියෙන කාලයේ හදිසි නීතිය පනවා හෝ වර්ජන තහනම් කරන්න ඕන ඒ ඒ අංශවල අසාධ්‍යම රෝගීන් (සමිති කාරයෝ ) වයිද්‍ය හේතු මත (ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ විධිවිධාන උපයෝගී කරගෙන ) අනිවාර්ය විශ්‍රාම යැවීම කලයුතුය රට අබමල් රේණුවක කැක්කුමක් හා හැගීමක් තියෙන තමන්ගෙ දරුවන්ට යහපත් අනාගතයක් පතන කිසිවකු එයට විරුද්ධ නොවේවි මෙහෙම කරන එවුන්ට පමණක් නොවෙයි එහෙම එවුන් සමාජයට හදාදුන් අයටත් හොදක්නම් වෙන්නෙ නැහැ ධම්ම පදයේ තියෙන ආකාරයට කරන පව් ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ පැමිණේවි
citizen Thursday, 05 October 2023 09:11 AM
මොන ජරා සත්තුද මේ? තමන්ගේ වගකීම සහ වගවීම ගැන වගේ වගක් නැති අධම මිනිස්සු
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 October 2023 09:25 AM
රටේ සමහර ප්‍රදේශ වලට නොකඩවා වැසි ඇද වැටෙන අවස්ථාවක,ගංවතුරෙන් ජනයා පීඩා විඳිනා අවස්ථාවක දුම්රිය සේවකයන් සිදුකරන මේ අයුතු අසාධාරණ ක්‍රියාව දෙවියන්ට පෙනේවා.අප්‍රමාදව දුම්රිය මගීන් මේ අසාධාරණ ක්‍රියාවෙන් බේරාගැනීම රජය විසින් කල් නොයවා ක්‍රියාත්මක කළ යුතුයි.පිටරට හොඳ සමාගමක් වෙත දුම්රිය සේවය දීර්ඝකාලීන බද්ධට ලබා දීම සිදු කළ යුතුයි.
කිරිපකා Thursday, 05 October 2023 09:34 AM
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කළා. මේ ප්‍රශ්නය තනිකරම පෞද්ගලික එකක්. රජයක් නැද්ද රටේ ?
Premarathna Thursday, 05 October 2023 12:15 PM
ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙන්ම අදාල අමාත්‍යාංශයේ ලේකම් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය කරල තියෙද්දි ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ පළමු පරිච්ඡේදයේ තියෙන පෞද්ගලික කටයුතු සමග රාජකාරි කටයුතු අතර ගැටුමක් නොවිය යුතුය කියලා තියෙද්දි ඒ ගැන නිහඩව ඉන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැහැ ඇත්තටම දැන් කාලයේ ආයතන සංග්‍රහය අවලංගු කර රාජකාරි කරනවාද අහන්න කැමතියි
Shashi Thursday, 05 October 2023 11:59 AM
සමහරවිට ඇමතියා ඔය ප්‍රශ්නේ වැඩි වෙන්න දීලා ,සී.ජී.ආර් එක ප්‍රයිවට් කරන ප්ලෑන් 1 ගහනවා ඇති කියලත් හිතෙනවා .මොකෝ ඇමතියා Dr .බන්දුල නිසා ....