කොළඹ ඊපීසීඑස් ධාවනාගාරයේ දුම්රිය රියදුරකු හා සේවකයකු අතර ඇති වූ බව කියන ගැටුමකින් පසු එස් නවය හා දහය බලවේග දුම්රිය රියදුරන් කෑම ප්‍රශ්නයක් මත අද උදේ වර්ජනයක් ඇරැඹූ බව දුම්රිය ආරංචි කියයි.
මේ වන විට බලවේග ධාවන දුම්රිය 10ක් අහෝසි කර ඇත.
දුම්රිය රියදුරන්ගේ රාජකාරි වේලාව සිහිපත් කරන සේවකයකු ගෙනා උදේ කෑම වේල පිළිබඳ ප්‍රශ්නයක් ගැටුමට මුල් වී ඇතැයි දැනගන්නට ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම්රිය වර්ජනයට මුල කෑම ප්‍රශ්නයක්
පුලතිසි Thursday, 31 October 2013 10:45 AM
අනේ කමක් නෑ. බඩගින්න නිසානේ ස්ට්‍රයික් කරන්නේ. බඩ පිරුණම ඕක ඉවර වෙයිනේ. එතකන් අපි පාරේ වේලි වේලි ඉන්නම් කමක් නෑනේ. (ස)
ලුම්බිණි Thursday, 31 October 2013 11:02 AM
මේ විදියට ඉතාම සුළු දේවල් වලටත් මහජනයාට කරදර වෙන විදියට කටයුතු කරන අයට විරුද්ධව විනයානුකුලව ක්‍රියා කල යුතුයි. (ස)
නිමල් Thursday, 31 October 2013 11:30 AM
එහෙනම් හොද කෑමක් දුන්නා නම් හොදයි. (නි)
චමත් [ලංකාව] Thursday, 31 October 2013 12:39 PM
ඕකට ස්ට්‍රයික් කරන්න ඕනෑද? ගොඩින්ම බේරා ගන්න තිබුනනේ. ඕකෙන් අපිටනේ කරදරේ. (නි)
උපාලි Thursday, 31 October 2013 12:55 PM
අනේ මෙහෙම මිනිස්සු. පුද්ගලික ප්‍රශ්නයක් ඇති වුනත් වර්ජන. මහ මඟ රස්තියාදු වෙන මගීන් ගැන අල්ප මාත්‍රයක්වත් හිතන්නේ නැති හැටි. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හොඳ වැඩියි. (ස)
ගුණපාල Thursday, 31 October 2013 01:10 PM
අපේ රටේ පවතින මේ පහත් පෙළේ වැඩවර්ජන වැඩවර්ජන කියන නමටත් නිගරුවක්. (නි)