(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(12)දා පෙරවරුවේ සේවයට වාර්තා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය වර්ජනය අවසන්
Nimantha Thursday, 11 July 2024 09:47 PM
දැන් ඔය වැඩට එන්නේ ඉල්ලීම් ලැබිලාද? රෙදි ඉල්ලෙයි තම්බි...!
Chandima Thursday, 11 July 2024 10:11 PM
උසස් නිලධාරියා කිව්වට වැඩවර්ජනේ කරනවුන් කියලා නැහැනේ? නේද? ඔය වගේ බයිලා ඉස්සරත් අපි අහලා තියෙනවා. දැන් ඉන්ටර්නෙට්, ෆේස් බුක්, අරවා, මෙව්වා තියෙනවා, පරණ ගුලි හරියන්නේ නෑ.
lalindra Thursday, 11 July 2024 10:15 PM
උසස්වීම් සහ ප්‍රසංසා ලිපි තැපෑලෙන් ලැබී හෙට දිනයේ සිට උසස් මනසකින් රාජකාරියට වාර්තා කරන දුම්රිය ස්ථානාධිපතින්ට අපේ හදපිරි මෙව්වා එක. අම්මපා කිවා වාගේම ලියුම් කෑලි වලට බය නැතිව සටන දුන්නා ඈ. අඩම්බරේ දෝරෙ යනවා ඇති...!
Prabha Thursday, 11 July 2024 10:43 PM
එක මනුස්සයෙක් මරාගෙන දහස් ගාණක් අතරමං කරලා හෙට වැඩට පලයල්ලා...
de silva Thursday, 11 July 2024 11:02 PM
හොඳ තීරණයක්..., තවදුරටත් මාෆියා පාර්ට් දමන්න ආවා නම්, රස්සාවත් නැතිවෙලා අවසානේ අනිවාර්යයෙන්ම රටේ ජනතාවගෙන් ගුටි කන්න වෙනවා මේගොල්ලන්ට, දැන් මිනිස්සු දිවි ගෙවන්නේ විශාල පීඩනයකින්... පසුගිය දිනවල මාධ්‍යවලට අදහස් දක්වපු මිනිස්සු සිටියේ වර්ජකයින්ට විරුද්ධව ඉතා කෝපයෙන් බව ඔවුන් සිතන්නේ 80, 90 දශකයේ සිතපු විදිහට නොවේ. එමනිසා සියලු රජයේ නිලධාරීන් සිතට ගන්න ඕනේ තමන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදල්වලින් නිසා තමන්ගෙන් යම් කාර්යයක් ඉෂ්ට කරගන්න එන මිනිස්සු රස්තියාදු නොකර, බොරු ගෙම්බර් දමන්නේ නැතිව පගාව ගහන්නේ නැතිව රාජකාරිය සුහදශීලිව, නිවැරැදිව, ඉක්මනින් කරන්න...
R.T:sarath Thursday, 11 July 2024 11:34 PM
මේ කාලකන්නි වර්ජකයෝ කරපු මගුල නිසා සිදුවුනේ මගී ජනතාව රස්තියාදු වෙලා, දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් අහිමිවෙලා, රනිල්ට ලකුණු වැටුණු එක පමණි. පාඩු වුණු මුදල වර්ජකයින්ගේ වැටුපෙන් අය කරගන්න ඕනේ...
Perera Thursday, 11 July 2024 11:51 PM
නටපු නැටුමකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ...
Perera Thursday, 11 July 2024 11:52 PM
දැන් එතකොට අහවල් අමාරුව හරිද?
Gunendra Friday, 12 July 2024 01:08 AM
මේ අය එක්ක මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ, මනුෂ්‍ය ජීවිතයක් අහිමි උනාට පසු.
kapila Friday, 12 July 2024 06:20 AM
කාලකන්ණි . තොපිට ලැබුණු ලබ්බකුත් නැහැ නිකං අපරාදේ අර අසරණ ජිවිතයක් නැති කල. තොපිට ඒ සාපෙන් මිදෙන්න බැහැ . මුන්ට පාරේ යනකොට ගොම ගහන්න ඕනෑ .
Gayantha wickramasinghe Friday, 12 July 2024 06:22 AM
මේ රටේ ඍජු තීරණ ගත්තේ ජේ අර්ර් පමණි . ඒවා වැරදි හෝ හරි වෙන්න පුළුවන් . එත් රටේ ජන ජීවිතේට ආර්ථිකයට සංචාරක වියාපාරයට කරපු පාඩුවට මුන් ටික ගෙදර යවන්න ඕනි. හීනෙන් චු ගියත් මුන් නොකිය වර්ජනය කරනවා. එක ඍජු තීරණ ගන්න පාලකයෙක් බිහි වුණ නම් මේ රට මාස 6න් ගොඩ දන්නා පුළුවන් . පාතාලය මත්ද්‍රව්‍ය ඉවර කරන්න පුළුවන් . පාලකයෝ බලයට ආවම මානව හිමිකම් ලෝකේ කියන ඒවානේ කරන්නේ . උතුරු කොරියාව රුසියාව වගේ නායකයන් ඉන්න ඕනි ලෝකේ වටේ හිග කකා බැගපත් වෙලා රටවල් කරන්න බැහැනේ
Lalla Friday, 12 July 2024 07:48 AM
වර්ජකයෝ අස්කර දාන්න. දුම්රිය කලකට නවතා හෝ එය කල යුතුමයි.
ශාන්ත Friday, 12 July 2024 08:01 AM
මුන් එක්කො බැරි මගුල් නොකර ඉන්න ඕනේ . දැන් ඉතින් අනිත් උන්ටත් ඔය සෙතේ තමා
Rohana Friday, 12 July 2024 09:10 AM
එහෙනම් දැන් ඉල්ලීම් ලැබිලාද ? කයිවාරුව කොහොමද දිගුකාලීන වැඩවර්ජනයක් කරනවා කිව්වා. ආණ්ඩුව එක්ක කරන ගණුදෙනුවලට මගී ජනතාව බිල්ලට දෙන්න එපා. දුම්රිය වර්ජනය නිසා මගී ජනතාව කොතරම් කරදරයක වැටුණාද කියල ඇස් හැර බලන ලෙස වෘත්තීය සමිතිකාරයින්ගෙන් ඉල්ලා සිටිමු.
DHARMASENA KUDAAGAMA Friday, 12 July 2024 09:30 AM
හිතන්න අනෙකුත් සේවකයන්ගේත් වැටුප ගැන
Prasa Friday, 12 July 2024 09:47 AM
ඉල්ලීම් දෙන්න පොරොන්දු වෙලා වැඩවර්ජනය අවසන් වෙන බව දැනගෙන බොරුවක් කරා.ලියුම් ගහනවා කියල...බොරු සංදර්ශනයක්
Hemantha Peiris Saturday, 13 July 2024 03:39 AM
රනිල් ම ඉන්න ඕනේ රට හදන්න..මුන්ව මට්ටු වෙනවා නිකම්ම..