IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දුම්රිය විශේෂ බලපත්‍ර ඔන්ලයින් හරහා පමණයි

(යොහාන් භාසුර)

දුම්රිය බලපත්‍ර සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කිරීම, වෙන්කළ ‘ඊ’ ප්‍රවේශපත්‍ර හරහා දුම්රියෙන් ගමන් කිරීමට අවසර දීම සහ සෑම ආසන වෙන් කිරීමක්ම ඕටීපී හරහා තහවුරු කිරීම යන ක්‍රියාවලිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.  

එම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී හෙට (14) පස්වරු 6.30 ට පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම්දීමට නියමිතය.

දුම්රිය බලපත්‍ර සඳහා සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට දුම්රිය බලපත්‍රලාභින් http://seatreservation.railway.gov.lk/mtktwebslr/ සබැඳිය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවත් බලපත්‍රයේ අවශ්‍ය තොරතුර පද්ධතියට ඇතුළු කිරීමෙන් පසුව එම තොරතුරුවලට ගැලපෙන පරිදි තම ආසනය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමට බලපත්‍ර ලාභීන්ට හැකි අතර ඒ අනුව ප්‍රවේශපත් පත් වෙන් කරවාගැනීමේදී පෝලීම්වල නොසිට    තමන් සිටින ස්ථානයේ සිට බලපත්‍ර හරහා රාජ්‍ය සේවකයන්ට ආසන වෙන් කරවා ගැනීමට මේ හරහා අවස්ථාව හිමිවේ.

එකී ආසන වෙන්කිරීම කර දින 7 ක් ඇතුළත හෝ දුම්රිය ගමනට පැය 48 කට පෙර හෝ යන දෙකේ පළමුව එළැඹෙන අවස්ථාවට පෙර   බලපත්‍ර හිමියා තම බලපත්‍රය ආසන වෙන්කිරීමේ පහසුකම  ඇති දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.

ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ලබාගනු ලබන ප්‍රවේශ පත්‍රයක් තවදුරටත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන අතර මගියා විසින් මුද්‍රණය කරගත් ප්‍රවේශ පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් ප්‍රමාණවත් වේ. 



අදහස් (1)

දුම්රිය විශේෂ බලපත්‍ර ඔන්ලයින් හරහා පමණයි

Sachith Wednesday, 13 March 2024 01:40 PM

"ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් ප්‍රමාණවත් වේ" මෙන්න මේක කරනවා නම් ලොකු දෙයක්. දැන් අපි ප්‍රවේශපත්‍රය අරගෙන, ඒ එන අංකය අරගෙන එයාම ස්ටේෂන් හරි, දුරකථන සේවා ආයතනයකට යන්න ඕනෑනේ මුද්‍රිත එක ගන්න..

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 64 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 5 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 378 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1329 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 427 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1260 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site