IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය සේවකයා මහා අනතුරක් වළක්වයි

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය දුම්රිය ලොරි අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය  ගේට්ටුකරු රාමයියා වර්ධරාජා මහතා සමත්විය. සිමෙන්ති පටවා ගත් ලොරියේ තිරිංග කැඩී යාම නිසා දුම්රිය මාර්ගයේ මීටර් කිහිපයක් ලොරිය ඇදී ගියේය. ඒ වන විට බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය  බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය ද පසු කර තිබිණි. ඒ බව වටහා ගත් වර්ධරාජා මහතා  දුම්රිය එන මගට දිව ගොස් රතු කොඩියක් අල්ලා දුම්රිය නතර කර ගැනීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගත්තේය.



අදහස් (0)

දුම්රිය සේවකයා මහා අනතුරක් වළක්වයි

ප්‍රසාද් Sunday, 23 June 2013 06:06 AM

විශාල අනතුරක් වැළකුණා. ඔබ විශිෂ්ට දෙයක් කළා. මොහුට මුදල් තෑග්ගක් සමග මොහුගේ සේවය ඇගයිය යුතුය. (නි)

:       0       0

පුබුදු Sunday, 23 June 2013 06:54 AM

රාමයියා මහතා ආදර්ශමත් ලාංකිකයෙක්. ද්‍රවිඩ ජනයා රාජකාරිය අකුරට කරනවා හැමදාම (නි)

:       0       0

රනිල් Sunday, 23 June 2013 02:43 PM

කොලතැන්න දුම්රිය හරස් මාර්ගය තියෙන තැන අවුරුද්දකට ඔයවැනි සිදුවීම් ගණනාවක් වෙනවා. රේල් පාර පිහිටා තිබෙන්නේ මහා මාර්ගයේ විශාල වංගුවක් හා පල්ලමක් එක්ක.හුගක් වෙලාවට රියදුරන් අනතුර වලක්වා ගන්න රේල්පාරට දානවා.එහෙම බැරිවුණොත් ගෙවල් පෙරලගෙන ප්‍රපාතයට පෙරළෙනවා. ඔය පුද්ගලයා ඉන්න කුටිය තියෙන්නෙත් අනතුරුදායක තැනක.වහාම මේ ස්ථානයේ වෙනස්කම් කීපයක් සිදුවිය යුතුයි. (නි)

:       0       0

මොහමඩ් Sunday, 23 June 2013 02:45 PM

සරත් ගේ සම්පුර්ණ නම මොකක්ද? (නි)

:       0       0

වල්පිට Sunday, 23 June 2013 07:35 AM

මේ වගේ පොඩි මිනිස්සු තමා රටට වැඩක් කරන්නේ. ඔබ සැබෑ දක්ෂයෙක්. (නි)

:       0       0

සරත් Monday, 24 June 2013 10:44 AM

මම කිවුවේ "දෙමලුත් ඉදලා හිටලා හොද වැඩ කරනවා" කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙමලු හොද වැඩ නොකරනවා කියලා. (නි)

:       0       0

ඉන්දු Sunday, 23 June 2013 08:17 AM

වර්ධරාජා මහතාගේ පින්තුරයක් තිබුන නම් හොඳයි ! (නි)

:       0       0

සරත් Sunday, 23 June 2013 08:50 AM

අනතුරක් වුනා නම් දැනටමත් මිනිහටගෙ වැඩ තහනම් කරලා. ඒත් රාජකාරිය නියමෙට කරලා තියෙද්දි තවමත් නැහැ ඇගයීමක්. ඇගයීමත් ඒ අවස්ථාවේදීම කළ යුතුයි. පසුව කිරීමෙන් බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

නිහාල් Sunday, 23 June 2013 08:56 AM

මේ මහත්මයට උසස්වීමක් සමග රුපියල්50000 කවත් මුදල් ත්‍යාගයක් දිය යුතුයි (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 09:47 AM

ඔන්න අපිට අවශ්‍ය විදියේ මිනිස්සු! (නි)

:       0       0

නිමල් Sunday, 23 June 2013 10:12 AM

කෝ මේ මහත්තයාගේ ෆොටෝ එක ?(අ)

:       0       0

චන්දි Sunday, 23 June 2013 10:21 AM

මට හිතෙනවා නිහාල් මහත්මයාගේ අදහසට මේ වගේ දෙයක් එකතු කරන්න..,මේ 50000හෙ මුදල් ත්‍යාගය මේ ලොරිය අයිති කරු විසින් ලබාදිය යුතුයි කියල මොකද ඔහුට ගොඩක් අලාබ හානි වෙන්න තිබුණු කරදරයකින් බෙර ගත්ත නිසා...?(බොරුද මන් කියන්නේ ) (අ)

:       0       0

ගමගේ Sunday, 23 June 2013 10:23 AM

අර එක වාක්‍යකින් උඩින්ම කමෙන්ට් දාල තියෙන සරත් ට කියන්නේ. දෙමළා කියන මිනිහගේ මොනව හරි අඩුවක් තියෙනවද? මෙහෙම හිතන තාක් කල් රටේ ප්‍රශ්න එතනමයි.දෙනවත් ඔය මානසිකත්වය වෙනස් කර ගත්තොත් හොඳය.(අ)

:       0       0

හයිඩු Sunday, 23 June 2013 04:06 PM

මිනිහෙක් රාජකාරිය කොරන එක පත්තරේට දාන්න ඕනද? ඔය ලොරිය තියේන්නේ මිනිහාගේ කාඹරේ ලඟම ! (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 23 June 2013 10:58 AM

සරත්, ඔබ වගේ අය තවත් ලංකාවේ හිටියොත් දෙමළ මිනිස්සු නිකම්ම කොටි වෙනවා. ඔය විදිහට පහත් අදහස් දාන්න එපා. ලොකු විනාශයක් නේද වෙන්න ගියේ? 'ගමගේ ඔබ හරි' දෙමළ මිනිස්සු අතරත් ඔය සරත් වගේ එක්කෙනක් දෙන්නෙක් තමා 'කොටි' කියන්නේ. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 23 June 2013 11:07 AM

තිරිංග කැඩිලා රේල්පාරට ආපු නිසා ඔයින් බේරුනා.පල්ලමකට ගියානම් දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

රනේස් Sunday, 23 June 2013 11:10 AM

සරත්, ඇයි අපෙ සිංභලුත් හැමදාම හොද හොද වැඩ කොරන්නෙ... (නි)

:       0       0

නවීන්දු Saturday, 22 June 2013 09:48 PM

නියමෙට රාජකාරිය කරලා තියෙනවා...(අ)

:       0       0

සම්පත් Saturday, 22 June 2013 09:52 PM

ඔබට ගොඩක් පින් වර්දරාජා මහතාණනි (අ)...............

:       0       0

දිනේෂ් Saturday, 22 June 2013 09:51 PM

මෙතුමාගේ සේවය අගය කරන්න ඕන (අ)

:       0       0

ජීවන් Saturday, 22 June 2013 09:54 PM

සුපිරි (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 22 June 2013 09:57 PM

රාමයියා වර්ධරාජා මහතාට දීර්ඝ ආයුෂ පතමි, (අ)

:       0       0

සමන් - ඕමානය Saturday, 22 June 2013 10:04 PM

තම රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම ගැන රාමයියා වර්ධරාජා මහතාට අපගේ උපහාරය! ඔහු සිදුකළ අනගි ක්‍රියාවට දුම්රිය දෙපාර්තමේන්තුව ඔහුට ත්‍යාගයක් පිරිනැමීම කළයුතු බව සිතමි. (නි)

:       0       0

නතාලියා Saturday, 22 June 2013 10:19 PM

වර්දරාජා මහතානනි, ඔබ සැබෑම වීරයෙක්. (නි)

:       0       0

සුරන් Saturday, 22 June 2013 10:21 PM

මෙතන මේ විදියටම ලංගම බස් එකක් හැපිලා තියනවා. ඔතන පාර තියන විදියට මොකක් හරි වුන ගමන් වාහනෙ රේල් පාරට එන්නෙ (නි)

:       0       0

සරත් Saturday, 22 June 2013 10:24 PM

දෙමලුත් ඉදල හිටලා හොද වෙඩ කරනවා. (අ)

:       0       0

වීරසිරි; Saturday, 22 June 2013 10:36 PM

මෙන්න හරියටම තමන්ගේ රාජකාරිය කරන මිනිස්සු. ගරුකරන්න, අගයකරන්න ඕනෑ මේ වගේ අයව. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 22 June 2013 10:39 PM

මේ වර්දරාජා මහත්තයා නම් නියමයි. ඒකටත් එක්ක ඉස්සර හිටපු වර්දරාජා? (නි)

:       0       0

කල්‍යාණ Saturday, 22 June 2013 10:40 PM

රට ජාතිය ගැන හිතන හොද පපුවක් තියන මහත්මයෙක්.ඔබට සුබ අනාගතයක් වේවා! (නි)

:       0       0

ෂෙහාර් Saturday, 22 June 2013 10:43 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Sunday, 23 June 2013 11:56 AM

සරත්, පේන හැටියට ඔබ සිංහලයෙක් වගේ. ඔබ වැනි සමහර සිංහල අයත් මන්ද බුද්ධික විදිහට අදහස් දානවා කියන එක තමා කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ (නි)

:       0       0

මහවැලි Saturday, 22 June 2013 10:50 PM

දේව කාරියට වඩා රාජකාරිය උතුම් කොට සැලකු වර්දරාජා නම් ඒ උතුමාට මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමී. මෙතුමා අනියම් සේවයේ යෙදෙන්නේ නම් සේවය ස්ථිර කිරීමට මෙම ක්‍රියාව හොදටම ප්‍රමාණවත්ය. ස්ථිර සේවයේ යෙදෙන්නේ නම් මොහුට මුදල් පරිත්‍යාගයක් පිරිනැමීම යහපත්ය .ගරු වෙල්ගම ඇමතිතුමාගේ, අවධානය යොමු වේවා!!! (නි)

:       0       0

සයිනාවා Saturday, 22 June 2013 11:10 PM

හාස්කමක්! වර්ධරාජා මහතාට දෙවි පිහිට ලැබේවා!! (නි)

:       0       0

අනුර Saturday, 22 June 2013 11:10 PM

අන්න නියම මිනිස්සු! (නි)

:       0       0

චන්දි Saturday, 22 June 2013 11:14 PM

නියමයි වර්දරාජා මහතාණෙනි,ඔබලා වැනි ගුණගරුක සේවකයන් තමයි අපේ රටට අවශ්‍ය. ඔබතුමාට දිර්ගායුෂ පතමි..!!!වැඩි පඩියක් ලබා දිය යුතුය (නි)

:       0       0

දාස් Saturday, 22 June 2013 11:19 PM

ඔබ වැනි සේවකයන් අපේ රටේ නම් හොයාගන්න හරි අමාරුයි. ඔබගේ සේවය අනර්ඝයි (නි)

:       0       0

ටෙනිසන් Saturday, 22 June 2013 11:22 PM

ජීවිත සිය ගණනක් බේරාදුන් ඒ අහිංසකයට කාගෙන් හරි සන්තෝසමක්, පඩි වැඩිවීමක්,උසස්වීමක් ලබෙයිද ? සේවය අගය කරලා, ස්තුති කරලා දෙන කොල කෑලි නම් ඒ මනුස්සයට වැඩක් වෙන එකක් නැහැ (නි)

:       0       0

ලිලන්ග Sunday, 23 June 2013 12:12 PM

ඔබට ගොඩක් පින්. බලධාරින් මොහුට ස්තුති කර දිරිගැන්විය යුතුයි. මගේ ස්තුතිය ඔබට (නි)

:       0       0

අමිල Saturday, 22 June 2013 11:34 PM

මීට කලින් ලංගම බස් රථයකුත් රේල් පාරේ ගියෙ මෙතනද? රාමයියා මහතාට ස්තූතියි. (නි)

:       0       0

ශෙනාල් Saturday, 22 June 2013 11:39 PM

උසස්වීමක් නම් දෙන්නම වෙනවා (නි)

:       0       0

තිලක් Saturday, 22 June 2013 11:50 PM

ඇත්තටම පොඩි මිනිස්සු වැඩි දෙනෙක් තමන්ගේ රාජකාරි වගකීමෙන් කැපකිරීමෙන් කරනවා. ලොකු ලොක්කෝ ඉන්නෙම බලය පාවිච්චි කරලා හොර වැඩ කරන්න බලාගෙන. මේ මහත්මයට වීර සම්මානයක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Saturday, 22 June 2013 11:56 PM

රාමයියා වර්ධරාජා මහතාට මගේ ප්‍රණාමය! මේ ලොරිය කොහොමද මෙම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ? පින්තුරයේ හැටියට ලොරිය රේල් පාර දිගේ ගිහින් තියෙන්නේ (නි)

:       0       0

මහවැලි Sunday, 23 June 2013 12:33 PM

පුබුදු, මම ඔබතුමා සමග සැබවින්ම එකග වෙමි. මගේ රාජකාරි ජීවිතයේ මේ දක්වා ලබපු ප්‍රායෝගික අත්දැකීම් තුලින් මමද එය පසක් කර ගෙන ඇත්තෙමි. ඔව්න්ට යහපතක්ම වේවා. (නි)

:       0       0

නලීන් Sunday, 23 June 2013 12:11 AM

ලොකු මිනිසුන්ට වැඩිය පොඩි එකාට මොලේ තියනවා (නි)

:       0       0

පද්මිණි Sunday, 23 June 2013 12:15 AM

ඇමතිතුමා මේ මහතාගේ වැටුප වැඩි කරලා දෙයි දැන්. (නි)

:       0       0

රණවීර Sunday, 23 June 2013 12:54 PM

දුප්පත් වුනත් හිත හොඳ බුද්ධිමත් මිනිහෙක්. (නි)

:       0       0

සුගත් Sunday, 23 June 2013 01:43 AM

මෙතන මේ විදියටම සීටීබී බස් එකක් ගියා දැන් මාසෙකට විතර කලින්. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 23 June 2013 02:37 AM

මෙතුමාට උසස්වීමක් ලබා දෙන්නේ නම්, මෙතුමාගෙන් මතුවට රටට සහ දුම්රියට හොද සේවයක් ලබා ගැනීමට හැක. ඔබට දීඝායුෂ පතමි (නි)

:       0       0

නුවන් Sunday, 23 June 2013 02:42 AM

මෙන්න මිනිස්සු (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 23 June 2013 02:51 AM

රාමයියා වර්ධරාජා මහතාට ගොඩක් ස්තුතියි කළ මෙහෙයට. ඔබ වැනි මිනිසුන් අපේ රටේ සිටීම වාසනාවක්.ඔබට සියලු දෙවියන්ගේ පිහිට පතමි. සිමෙන්ති පටවා ගත් ලොරියේ අයිතිකරු මේ වගේ වාහන පාරට දැමීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි. අහිංසක මිනිස් ජිවිත් සහ දේපල විනශයක් බේරුනේ මේ රාමයියා වර්ධරාජා මහතාට පින්සිද්ධ වෙන්න (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 23 June 2013 01:46 PM

"දෙමළ හෝ සිංහල වුනත් විරුවෙකු නම් ගරු කරනු........" (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 23 June 2013 03:08 AM

ගේට්ටු මුරකරුවෙක් නැති අනාරක්ෂිත ගේට්ටුවක වැඩේ වුනා නම්....?? (නි)

:       0       0

ලාල් Sunday, 23 June 2013 04:13 AM

මෙන්න නියම සේවකයෝ (නි)

:       0       0

සෝමදාස Sunday, 23 June 2013 04:29 AM

මේ වංගුවේ මේ විදිහටම බස් එකක් ගිහින් තිබුනා කාලෙකට ඉස්සර.රාජකාරිය හරියට කළ ඒ මහතාට ස්තුතියි! (නි)

:       0       0

රොනි Sunday, 23 June 2013 04:41 AM

මෙම ශ්‍රී ලාංකික මහත්මාට අපගේ ස්තුතිය හා ප්‍රණාමය! (නි)

:       0       0

අසේල Sunday, 23 June 2013 02:16 PM

සරත් අහල තියෙනවද මෙහෙම කවියක් .... "හෙළයා උනත් ජඩයෙකුනම් පහර දෙනු."... ඔන්න ඕක හරියටම හරියන්නේ සරත් ට. (නි)

:       0       0

දිල්ෂිකා Sunday, 23 June 2013 05:39 AM

ඔහු රාජකාරිය හරිහැටි නොකළා නම් ...? (නි)

:       0       0

උපාලි Sunday, 23 June 2013 05:45 AM

ඔන්න උසස්වීම් ලැබිය යුතු මිනිස්සු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 101 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1949 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2257 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2954 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site