IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 
ඒ සඳහා ඉදිරිපත් කළ  කැබිනට් සංදේශයට අද (01) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

දුම්රිය සේවයේ විවිධ ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා, ඒ අනුව නිවැරදි කිරීමට ඉදිරියේදී  කටයුතු කර ඇත.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බලා වාර්තාවත් ඉදිරිපත් කිරීමට ඉකුත් සතියේදී පත් කරන ලද  අනු කමිටුව සහ දුම්රිය වෘත්ති සමිති අතර ඊයේ(30) පැවැති සාකච්ඡාව සැලකිල්ලට ගෙන දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය. 

 



අදහස් (5)

දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය

Mahee Tuesday, 01 October 2019 08:04 AM

මේ හදන්නේ ආයෙත් කෙළවරක් නැති වැටුප් විෂමතා පටලැවිල්ලකටයි. ප්‍රතිඵල පෙනෙයි ඉක්මනටම.

:       9       13

lalithm Tuesday, 01 October 2019 08:35 AM

ඉස්සර විදුලි සංදේශන දෙපාර්තමේන්තුවත් තිබුනේ අද දුම්රිය වගේ. ඔහේ ගියා. ටෙලිෆෝන් එකක් ගන්න ඇමති අනුමැතිය ඕනේ වුණා. 1981 සැප්තැම්බර් මාසේ ඒක ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාව වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා ටෙලිකොම් වුණා. දැන් කොහොමද සේවාවේ දියුණුව? දුම්රියටත් ඔය දේම කරන්න. වැඩ කරන් නැති අය අයින් වුනොත් මිනිස්සුන්ට හොඳ සේවාවක් දෙන ආයතනයක් බවට පත්වේවි. රජයට බදුත් හම්බ වෙයි.

:       1       296

PA - RA Tuesday, 01 October 2019 08:53 AM

පඩි වැඩි කරනවා බඩු මිලත් වැඩි කරනවා.පුද්ගලික සේවකයන්, රැකියා නැති අය මොකද කරන්නේ?

:       0       55

sandy123Tuesday, 01 October 2019 09:19 AM

අඩි හයක් දිග හතරක් ගැඹුර වලක් හාරලා නිදා ගන්නවා.වෙන මොනවා කරන්නද?

:       0       1

gamarala Tuesday, 01 October 2019 09:01 AM

ඔය සංවෘත වැඩේ නිසා තමයි රාජ්‍ය සේවයේ ප්‍රශ්න වැඩි උනේ. වහාම විශේෂ තනතුරු හැර අනෙක් සියලුම තනතුරු සමාන නමකින් හදුන්වා ආයතන නම යෙදිය යුතුයි.කොතන හිටියත් තනතුර එකම විය යුතුයි. උදාහරණ වශයෙන් ලිපිකරුවා මොන ආයතනයේ හිටියත් ලිපිකරුවාම විය යුතුයි. ලිපිකරුවා කළමනාකරයෙක් උනාම එයා අනෙක් අයගෙන් වැඩ ගන්න යනවා විනා වැඩ කරන්නේ නැහැ. ඒකනේ පෞද්ගලික ආයතනවල මේ වගේ බේද නැහැනේ.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 367 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3136 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 837 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1215 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1046 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1217 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site