IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දුම්වැටි/මත්පැන් මිල ඉහළට

සිගරට් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යංශය පවසයි.

බියර් හා අනෙකුත් දේශීය හා ආනයනික මත්පැන්වල මිලද ඉහළ දමා ඇත.

බියර් ලීටරයක් සඳහා මිල රුපියල් 40 කින්ද අනෙකුත් ඇල්කොහොල් අඩංගු බීම වර්ග (ඇල්කොහොල් ප්‍රතිශතය 5% කට වැඩි) ලීටරයක් රුපියල් 60කින්ද ඉහළ යනු ඇත.



අදහස් (0)

දුම්වැටි/මත්පැන් මිල ඉහළට

පිටබැද්දර ජයා Saturday, 03 October 2015 09:55 PM

වැඩිවුණා කියලා නොබීම ඉඳියි. වෙනදා එකක් බීපු අය දැන් ඕක දෙකට කඩලා බාගේ බාගේ බොයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 03 October 2015 11:20 PM

ලංකාවේ වැඩි දෙනෙක් බෞද්ධයෝ වුණාට ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පානය කරන රටවල් අතරට එකතුවෙලා බොහෝ කල්. මාසිකව ගෙදරට ලැබෙන ආදායම බිරිඳ හා දරුවන්ගේ පැවැත්මටත් ප්‍රතිපාදන සැළසිය යුතුව තිබුනද, ශ්‍රී ලංකාවේ පිරිමි වැඩි දෙනෙක් දැඩි ආත්මාර්ථකාමීන් ලෙස යහළු මිත්‍රාදීන් නිවසට කැඳවා ගෙනවුත් මත්පැන් වලට හා "බයිට්" වලට වියදම් කරති. මේ තත්වයෙන් ඔවුන් මුදාලන්න බදු වැඩි කිරීමෙන් පමණක් කරන්න බැහැ. පවුල් සංස්ථාව තුළ ඇති ආදරය, දයාව, අනුකම්පාව හා ආරක්ෂාව වැනි සමාජ නිර්නායකයන් ප්‍රතිව්‍යුවහගත කර ඒ ඒකකය රැකදීමට රාජ්‍ය මට්ටමින් දියහැකි ඉහළම දායකත්වය ලබාදිය යුතුයි. මේ සම්බන්ධයෙන් ගෙදර මුලිකයාගේ නිරෝගී බව වැදගත් සාධකයක් බව ප්‍රායෝගිකව පෙන්වා දිය යුතුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 03 October 2015 11:29 PM

විස්කි බොන ගමන් අපි බොන මත්පැන් ටිකේ මිල වැඩි කරනවා. අනික ප්‍රදීප් කියනවා වගේ බොන කෙනා බොනවා. එනිසනේ මත්පැන් මිල වැඩිකරන්නේ. එක ආණ්ඩුවට ස්ථිර ආදායමක්. මේ මිල වැඩිකිරීමට නම් මම බොහොම විරුද්ධයි. නොබොන අය නොබී ඉන්න. නමුත් බොන අයට ඒකට ඉඩදෙන්න. ලෝකේ මත්පැන් බොන අය ඉන්නේ ලංකාවේ පමණක් කියලා හිතාගෙනයි මිනිස්සු කතා කරන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 03 October 2015 11:34 PM

ප්‍රදීප්,බෙනට් වරක්දක්ද කියලා තිබෙන්නේ? (නි)

:       0       0

චානක Sunday, 04 October 2015 01:19 AM

මේක නම් හොඳ වැඩක් කවුරු කළත් (නි)

:       0       0

කපිල Sunday, 04 October 2015 01:42 AM

අයියෝ මේ මොකද වුණේ? (නි)

:       0       0

මහේෂ් Sunday, 04 October 2015 01:40 AM

මාසෙට බීර 4 ක් බිව්වා. අද ඉඳලා ඒකත් නැහැ (නි)

:       0       0

දර්ශන Sunday, 04 October 2015 02:20 AM

ඒක නම් හොඳ දෙයක් (නි)

:       0       0

දමයන්ත Sunday, 04 October 2015 02:28 AM

සිගරැට් නම් ගණන් ගියාට කමක් නැහැ.ඒත් මඟුල් ගෙදරක් ගන්නේ කොහොමද දුප්පත් මිනිහෙක්? යහපලානේ කියලා කරන්න ඕනෑ දේවල් ‍නෙමෙයි මේවා.හොඳ දේවල් වලට මුල් තැන නැහැ. (නි)

:       0       0

උපුල් Sunday, 04 October 2015 05:17 AM

දමයන්ත මගුල් ගෙයක් ගන්න මත්පැන් ඕනමද? මත්පැන් නැතුව මුස්ලිම් අය කොච්චර ලස්සනට මගුල් ගෙවල් ගන්නවද? මේකෙන් පේන්නේ යහපාලනය එක්ක තියෙන පැහැදිලි ඉරිසියාව (බ)

:       0       0

අරුන් Sunday, 04 October 2015 05:54 AM

හැම ආණ්ඩුවක්ම කරන්නේ එකම දේ...සිගරට් , අරක්කු මිල වැඩි කරන්නේ ඒවා බොන කට්ටියට තියෙන ආදරේට, ඒගොල්ලෝ එ්කෙන් බේරා ගන්න නෙමෙයි..ආණ්ඩුව කරන කට්ටියට ඕන බදු ආදායමයි. පුලුවන්නම් මේවා විකුණන එකම නවත්වන්නකෝ...එතකොට මිනිස්සු ඔක්කොම බේරා ගන්න පුළුවන්නේ... එහෙම කරන්නේ නැහැ...ඒගොල්ලෝ හැමදාම සුපිරි පාටි දානවා....පොඩි මිනිහගේ සල්ලි වලින්....ශිවාස්, බ්ලැක්, ටිකිලා බීලා.....ඉදල හිටලා ඕල්ඩ් එකක් ජින් එකක්, ගලක් ගහල පොඩි ෆන් එකක් අරගන්න පොඩි මිනිහගේ පොකට් එකෙන් බදු ගන්නවා....(බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Monday, 05 October 2015 12:25 AM

ප්‍රංශයේ - සුජීව ,ඒ මොකටද? ඒක මඟුල් ගෙදරට අවශ්‍ය දෙයක්ද? මනාලියයි, මනාලයයි, අමුත්තොයි විතරක් මදිද? ඒ ගමන තවත් අය කියාවි දුක වාවාගැනීම සඳහා මළගෙදරටත් ඕවා යවන්න කියලා (නි)

:       0       0

ප්‍රංශයේ - සුජීව Sunday, 04 October 2015 07:08 AM

මගුල් ගෙවල් වලට සහනයක් ලැබෙයිද ? (බ)

:       0       0

ගාමිණී Sunday, 04 October 2015 07:27 AM

කියක්‍ වැඩි කළත්‍ බොන මිනිහා බොනවමයි ගෙදරට දෙන ගාන අඩුකරයි ගෙදර අය හාමතේ‍ (ම)

:       0       0

ගෞරියෙල් Saturday, 03 October 2015 12:37 PM

ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

පැතුම් Saturday, 03 October 2015 01:07 PM

දුම්වැටි වල මිල නම් තවත් ඉහළ දාන්නයි තිබුණේ (නි)

:       0       0

බෙනට් Saturday, 03 October 2015 02:02 PM

දැන් බලද්දී සහන දෙන්නේ මොනවාටද? (නි)

:       0       0

අනුරුද්ධ Saturday, 03 October 2015 02:11 PM

නියමයිනේ. තවත් වැඩි කරන්න ඕනෑ (නි)

:       0       0

පෙරේරා Saturday, 03 October 2015 02:15 PM

කසිප්පු ජාවාරමට නියමයි. මොකුත් ඕනෑ නැහැ. මත්පැන්වල මිල ඉහළ යන්න යන්න කසිප්පු බොන අයට හොඳයි (නි)

:       0       0

රේ ද සිල්වා Saturday, 03 October 2015 02:26 PM

එතකොට එතනෝල් මිලට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිමල් Saturday, 03 October 2015 02:52 PM

මේකෙන් වැඩි වන ආදායමෙන් ගොවීන්ට පොහොර ,බීජ නොමිලේ දෙන්න . එවිට අනාගතේ ආහාර මිල අඩු වේවි (බ)

:       0       0

තිරන්ජන් Saturday, 03 October 2015 02:54 PM

කාන්තාවෝ නම් කියාවි තවත් ඉහළ යනවනම් හොදයි කියල. එ්ත් දන්නේ නැතුව ඇති කොහොම වැඩි කළත් තමුන්ගේ මනුස්සය බොනවා . ඒ මුදලුත් යන්නේ තමන්ට ලැබෙන්න තියෙන හම්බ කරපු මුදලින් කියල. (බ)

:       0       0

ප්‍රදීප් Saturday, 03 October 2015 03:12 PM

බෙනට්ගෙ උප්පැන්නෙ තාත්තගෙ නම තියෙනවද? (බ)

:       0       0

රොෂානි Saturday, 03 October 2015 03:28 PM

නිමල්ගේ යෝජනාව ගොඩාක් හොඳ එකක්. (නි)

:       0       0

නිශේන් Saturday, 03 October 2015 03:39 PM

නියමයි (නි)

:       0       0

රොෂාන් Saturday, 03 October 2015 04:25 PM

කරුණාකර ගුවන්තොටුපළේ මත්පැන් තීරුබදු රහිතව ගැනීමත් නවත්තන්න. අපේ රටේ ලොකු මුදලක් පිටරටට යනවා. (නි)

:       0       0

අසංග Saturday, 03 October 2015 04:34 PM

මම නම් හිතන්නේ ආණ්ඩුව කොච්චර මිල වැඩිකළත් බොන මිනිහා කොහොමහරි බොනවා. අළෙවිය නැවැත්තුවා නම් තමයි තමයි නියම විසඳුම. පෝයට කලින් දවසේ බලන්න එපැයි පෝළිම. (නි)

:       0       0

ඔමිල Saturday, 03 October 2015 04:48 PM

ඇත්තටම මෙහෙම කරන එක හොඳයි (නි)

:       0       0

පියල් Saturday, 03 October 2015 04:55 PM

හැම රජයෙන්ම කරන දෙයක්නේ මේ. (නි)

:       0       0

සොයිසා Saturday, 03 October 2015 05:25 PM

සමහර සුරාසැල් අද හවස වහලා හෙට වැඩියෙන් විකුණන්න... (නි)

:       0       0

සුජීව ප්‍රංශය Saturday, 03 October 2015 05:25 PM

කොච්චර බදු ඉහළ දැම්මත් පාවිච්චි කරන අය නවත්වන්න බැහැ (නි)

:       0       0

රුචිර Saturday, 03 October 2015 06:57 PM

මේ රටේ සිද්ධවෙන දේවල් දැක්කහම නොබී ඉන්නේ කොහොමද? (නි)

:       0       0

ධම්ම Saturday, 03 October 2015 06:57 PM

දැන් මාර්ග අනතුරු අඩුවෙලා යාවි. අලුත් මිල ගණන් වලට වාහන ගන්නත් අමාරුයි. බොන්නත් අමාරුයි. (නි)

:       0       0

ඉන්ද්‍රා Saturday, 03 October 2015 07:02 PM

හොඳම තීරණයක්. මේවා රටෙන් තුරන් වෙනවා නම් වැඩිය හොඳයි.හැබැයි ගමේ කසිප්පු මුදලාලිට ජය වෙයි. මේ දේටත් දැඩි නීති ගෙනෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1556 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1750 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1302 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1358 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1949 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 799 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site