IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුම්වැටියේ පළහිලව්වට දුම්රිය ගමන් අඩාලයි

( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධාවනාගාර මූලස්ථානයට ඇතුළු වී සිටි බව කියන දුම්රිය උප නියාමකවරයෙකු  සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් පසුඇතිවූ ගැටුමකදී දෙදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.

සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකු දුම්වැටියක් පානය කරමින්ධාවන බලාගාරය තුළ ගමන් කරන අයුරු දුටුප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරි භාරව සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් වරයාදුම්වැටිය පානය නොකරන ලෙස එම පුද්ගලයාට දැනුම් දී අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා ඇතැයි දුම්රිය  දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අවස්ථාවේ දුම්වැටි දුම්වැටියක් පානය කරමින් සිටියේ යැයි කියන පුද්ගලයා තමා දුම්රිය උප  නියාමකවරයෙකු බව පවසා හැඳුනුම් පතෙන්  දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයාගේ මුහුණට දමා ගසා ඇතැයි කියති.

දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයෙන්වරයාට  පහරදෙනවා දුටු සේවකයින් කිහිප දෙනෙකු වහා එහි පැමිණසැරයෙන් වරයාට පහරදුන් පුද්ගලයා අල්ලා ඔහුට ද පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මෙම සිද්ධියට අදාළ රූප රාමු ඒ  අසල සවිකර ඇති සීසීටීවී  කැමරාපරීක්ෂාකර බැලීමේදී ද දක්නට ලැබිණි යෑයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයා ට පහර දුන්නේ යැයි කියන උප නියාමකවරයා ඒ අවස්ථාවේඔහුට නියමිත නිල ඇඳුමෙන් සැරසී සිට නොමැති බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. පහරකෑමට ලක්වූ මෙම දුම්රිය උප නියාමකවරයා මෑතකදී සේවයට එක් වූ අයෙක් බවද පැවසේ.

 

 

 



අදහස් (9)

දුම්වැටියේ පළහිලව්වට දුම්රිය ගමන් අඩාලයි

warnasinghe Wednesday, 04 October 2023 05:40 PM

තැලෙන යකඩ උඩ පැනපැන තලනවා... අපරාදේ මිනිස්සු පව්... වැස්ස දවස්වල ගෙවල්වලට යන්නවත් විදියක් නැහැ...!

:       0       33

ලක්මාල් Wednesday, 04 October 2023 05:54 PM

පුද්ගලික ආරවුලකට දුම්රිය මගීන් දහස් ගණනකින් පලි ගන්නවා. හැකි ඉක්මණින් මේ ආයතන පුද්ගලීකකරණය කරන්න...!

:       1       58

ධනුෂ්ක Wednesday, 04 October 2023 06:37 PM

හරි පුද්ගලීකරණය කළා කියමු. දැන් පුද්ගලික බස් රථ සේවය හොඳයිද? එවාලා ස්ට්‍රයික් කරන්නේ නැද්ද? පුද්ගලීකරණය කළාම තරඟකාරිත්වය මත තෙල්මිල අඩු වෙනවා කිව්වා. දැන් වුණාද? මිත්‍රයා මේක ලංකාව ඔබතුමා වාඩිවෙද්දී හිමින් වාඩිවෙන්න...!

:       0       0

chaminda Wednesday, 04 October 2023 06:00 PM

ස්ට්‍රයික් කරනවා නම් වේලාසනින් කියහල්ලා... නැත්නම් එදා වගේ පොලිස් රාළහාමිලා දාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ... හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැනේ...!

:       0       32

Prabha Wednesday, 04 October 2023 06:22 PM

ඔවුනොවුන් ගහගත්තත් තැලෙන්නේ අහිංසක මගියා...!

:       0       28

krishna Wednesday, 04 October 2023 09:25 PM

වහාම පුද්ගලික කරණය කල යුතුයි දුම්රිය

:       0       1

Bamunuarachchi Thursday, 05 October 2023 02:39 AM

දුම් වැටියක් පානය කරමින්? යකෝ කාගේ සිංහලද මේවා? දුම් වැටියක් උරමින් කියපන්. උන් දුම්වැටි උරලා ගහගත්තාම ජනතාවගෙ කන් වලින් දුම් විසිවෙන්නේ

:       0       1

Winsly Thursday, 05 October 2023 12:03 PM

මුන් ටික ගෙදර ගෑණිත් එක්ක රන්ඩු වෙලා ඇවිදිනුත් ස්ට්රයික් කරයි . දැන් සති දෙකකට කලින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කලා නේද?

:       0       0

ඒ.එස්. සමරසිංහ Friday, 06 October 2023 06:41 PM

දුම්රිය ප්‍රතිව්‍යූහගතකරණය වහාම සිදුකටයුතුයි. කවදාවත් මගීන්ට යහපත් සේවාවක් නොසපයන ශ්‍රී ලංකා දූම්රිය එහි පාලනාධිකාරිය සේවකයන් වෘත්තීය සමිති කොතරම් ජන පීඩන ආයතනයක් වුවත් එය රැකගැනීම යන කඩතුරාවට මුවා වී තම තමන්ගේ කරා තිරම අනුව ශ්‍රීලංකා දුම්රිය ඉල්ලමක් කරගෙන බහිරවයින් සේ හැසිරෙන ආකාරය ඉතා පිළිකුලෙන් හෙළා දකිමු. නිදහසින් වසර 75 ම ගමනාන්තයක් වඩවඩාත් ප්‍රමාද වී ළගා වීමට තම අයිතියක් සේ සළකන පාලන අධිකාරියක් සහ වෘත්තීය සමිති මාෆියාවක් සහ අධික සේවක සංඛ්‍යාවක් මහජන මුදලින් නඩත්තු කිරීම වහාම නතර කළයුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1532 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 273 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 77 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 164 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 84 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 58 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39980 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site