IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුම්වැටි කතාව පත්තරේට ගිය හැටි අහයි

ලංකා දුම්කොළ සමාගමට අයත් සිගරට් පැකට් තොගයක් රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකරන ලද කාඩ් බෝඩ් පෙට්ටි වල අසුරා බෙදා හැරීමක් ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් පෙර ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද ලංකාදීපයට ලියූවේ කෙසේද යන්න විමසීමට ඔහු කැඳවන්නැයි ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චින්තක කුලතුංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා.ඩී.පියරත්න මහත්මිය කිසිඳු නියෝගයක් නොදුන්නාය.

අනුරාධපුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ නීතිඥ කුලතුංග මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම ඉල්ලීම කළේය.

කුලතුංග මහතා මෙසේද කීවේය.

‘මෙම නඩුව ඉදිරිපත් කළ වේලාවේ මාධ්‍ය සංදර්ශනයක් තමයි සිදුවුණේ.නඩුව පවරන්න කලින්ම ලංකාදීප පුවත්පතේ මෙය පළවුණා.සිගරැට් තොගය අත්අඩංගුවට ගත්තේ පසුගිය 2 දා.3 දින ලංකාදීප පුවත්පතේ එය පළ වුණා.‘

‘පණතේ 17 (4) සඳහන්ව තිබෙනවා මෙම පණත ක්‍රියාත්මත කිරීමේදී බලය ලත් නිලධරයා ලබාගන්නා තොරතුර අධිකරණයට මිස වෙනත් පාර්ශවයකට නිකුත් කිරීම නොකළ යුතුයි කියලා.නමුත් 3 දා ලංකාදීප පුවත්පතේ පළවූ මෙම සිද්ධියට අදාළ ප්‍රවෘත්තියේ අනුරාධපුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි කියලා සඳහන් වෙනවා‘

‘එහෙම කියන්න බැහැ.එසේ කියනවා නම් එය අධිකරණයට කරුණු වාර්තා කිරීමට පෙර පැමිණිලි පාර්ශවය විසින් මාධ්‍යයට කියලා තිබෙන්න ඕනා‘

සිගරට් තොගයක් අනුරාධපුර උණගස්වැවදී අත්අඩංගුවට ගැනීම සහ ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙකුට සහ බෙදා හළ ආයතනයේ නියෝජිතයෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය කළ නියෝගය ගැන ලංකාදීප පුවත්පතේ සහ තවත් ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තා නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය නීතිඥ කුලතුංග මහතාට දැනුම් දුන්නේ දීර්ඝ දේශන පවත්වමින් අධිකරණයේ කාලය මිඩංගු නොකරන ලෙසයි.පැමිණිල්ල , විත්තිකාර සමාගමට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලසෙද මහේස්ත්‍රාත්වරිය ඔහුට කීවාය.

වැඩිදුර විභාගය පෙබරවාරි 19 වැනිදාය කල් තැබිණ.



අදහස් (0)

දුම්වැටි කතාව පත්තරේට ගිය හැටි අහයි

වසන්ජය Monday, 14 December 2015 11:48 PM

ඔය රූපමය අවවාද අත්‍යවශ්‍ය දෙයක්ද? මගේ පියාට දැන් වයස අවුරුදු 91ක්. ඔහු කුඩා කාලේ පටන් බීඩි බිව්වලු. 1967 වසරේදී ඔහු බිවුවේ 3 රෝසස්. 1975 දී විතර බ්‍රිස්ටල් වලට මාරුවුණා. ඔහු අදටත් හොඳ සනීපෙන් ඉන්නවා (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 13 December 2015 03:18 PM

අපේ සෞඛ්‍ය ඇමතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයකුත් පුදාඇති මෙම අවස්ථාවේ නීතිවිරෝධී ලෙස දුම්වැටි මෙසේ බෙදාහැරීම ගැන පුවත්පත් මඟින් අනාවරණය කිරීමේ වරද කුමක්දැයි ගරු අධිකරණය තීරණය කරනු ඇත (නි)

:       0       0

විජිත් Sunday, 13 December 2015 03:53 PM

හරි. බලධරියාට තහනම්ලු ඒ ගැන මාධ්‍යයට කියන්න. පනත අනුව ඔහුට බලය තියෙන්නේ අධිකරණයට වාර්තා කරන්න පමණයිලු. සත්‍ය ජනමාධ්‍යවේදියා කියන්නේ නිතරම තම වටාපිටාව ගැන " අවදියෙන් " සිටින උකුස්සෙක් වගේ කෙනෙක්. එයාට බලධාරියාගෙන් වැඩක් ඇත්තෙම නැහැ. එයා දඩයම් බල්ලෙකුටත් වැඩිය "ඉවක්" තිබෙන ඉතා සංවේදී කෙනෙක්. ඒ ඉව ඔස්සේ ගවේෂණය කිරීමෙන් පැහැදිලි,නිරවුල් සත්‍ය චිත්‍රයක් ඔහුට නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම මේ පුද්ගලයා එයාගේ රැකියාව අකුරටම ඉෂ්ටකර තිබෙනවා. පවතින ඇත්ත තත්වය නිවැරදිව, නියම වෙලාවට මහාජනයා වෙත සම්ප්‍රේෂණය කර තිබෙනවා. මහත්මයාණෙනි ඔබට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

තිළිණ Sunday, 13 December 2015 05:41 PM

මහේස්ත්‍රාත්වරියට අපේ ආචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 838 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5248 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3056 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1419 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1526 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28254 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site