IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙමළ පක්ෂවලින් නව සන්ධානයක්

කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එක්ව අද (3) ‘දමිළ ප්‍රගතිශීලී සන්ධානය‘ නමින් නව සන්ධානයක් පිහිටුවාගනු ලැබූහ.

පී.දිගම්බරන්, වී.රාධ ක්‍රිෂ්ණන් හා මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කොළඹ හෝටලයකදී එම එකඟතා ගිවිසුම අත්සන් කළහ.

IMG_2684 IMG_2688 IMG_2747 IMG_2797

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

දෙමළ පක්ෂවලින් නව සන්ධානයක්

නුවන් Thursday, 04 June 2015 04:24 AM

එතකොට කුඩාබණ්ඩා මහත්තය කියන්නේ සිංහල අපිට බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ කියලද. හැමදාම සුළුතර පක්ෂ වල පදේට නටාගෙන රක්ෂිත වනාන්තර එලි කරලා පදිංචි වෙන්න දීලා, අපිට විදේශගත වෙන්න තමයි වෙන්නේ. රටේ අයිති කාරයන්ට බාර දීල. සිංහලයාගේ ඔය නිවට කම තමයි හැමදාම අපිට හරහට හිටියේ. (බ)

:       0       0

නුවන් Thursday, 04 June 2015 04:43 AM

බලාගෙන ගියාම සිංහල ජනතාව මාර පොහොසත්නේ. මේ ගෙවල් ඔක්කොම හදල දෙන්න ඕනේ සුළු පක්ෂ වල අයට. සිංහල දුප්පත් ජනතාවට ගෙවල් හදල දෙන ප්‍රොජෙක්ට් ගැන මම අහලාම නෑ. (බ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 04 June 2015 05:11 AM

නුවන් මහත්තයා කියන "බලාපොරොත්තුව" ඉස්සර දවසක අපේ හිත්වලත් කැටිගැහිලා තිබුණ තමයි. අපේ ගං වලට තිබිච්ච මරණ බය නැතිකරලා රට එකසේසත් කොරපු යුගෙන් පස්සේ. ඒත් ඒ උත්තමයෝත් ජයෙන් මත්වෙලා ඇහැකන පියාන සංවර්ධනෙත් කරන ගමන් ගසා කන්නන්ට ඒවටත් ඉඩ දීලා සැප විදන් ඉන්නංවාලේ හිටියා මිස ජනතාවගේ හිතුම් පැතුම් තේරුම් ගත්තේ නැති කමින් උන්දැලත් එක්ක රටම අගාධයට අද වැටුණා. එයින් පස්සේ පේනවානේ දැන් වෙන දේවල්? අපේ මාළු අපේම ඇඟේ තියං කපද්දී ඔන්න කවදාකවත් නොතිබිච්ච සන්ධානත් බිහිවෙනවා. ඉතින් කොහොමද නුවන් මහත්තයෝ අපි එකමුතු කොරන්නේ.? අපිත් අනාගතේදී " ආමඟ දොරේ සාමි" කියන්ට බලාගෙන ඉමු. (බ)

:       0       0

ගාමිණි Wednesday, 03 June 2015 02:49 PM

ශ්‍රී ලංකාවේ අලුත් රජවරු මෙන්න ...(හේ)

:       0       0

චන්දන Thursday, 04 June 2015 06:03 AM

දෙමල ප්‍රගතිශීලී සංවිධානය. මේක ජාතිවාදී සංවිධානයක් නෙමෙයිද? (ම)

:       0       0

නිහාල් Thursday, 04 June 2015 06:07 AM

දෙමළ කට්ටිය එකතු වෙනවා, අපේ සිංහල අය බෙදා ගන්න මරාගන්නවා. (ම)

:       0       0

අරුණ Wednesday, 03 June 2015 03:33 PM

සිංහල ප්‍රගතිශීලි කියල හැදුවොත් එ්ක සිංහල ජාතිවාදය (බ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 04 June 2015 06:17 AM

ආගම් හා සිංහල,දමිළ ,මුස්ලිම් ආදී ජාතිකත්ව පදනමින් පක්ෂ හදන එක ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුයි...ඒකීය රට කැඩීමට ,බෙදීමට රටේ සමගියට, සන්හිදියාවට මූලිකම හේතුව එයයි...(ම)

:       0       0

සිසිර Thursday, 04 June 2015 06:45 AM

පිවිතුරු යහපාල යනු හරියට ගම්මන්පිල වගේ. (බ)

:       0       0

කුමාර Wednesday, 03 June 2015 04:02 PM

රට ඉවරයි (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 03 June 2015 04:11 PM

සිංහල ප්‍රගතිශීලි නමින් පක්ෂයක් පිහිට වීමට කටයුතු කළානම් ඒ ඔක්කම සිහල ජාතිවාදීන් වෙනවා.අනේ! හෙළ දිවයිනට ගිය කලක්. (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 03 June 2015 04:13 PM

ජාති වාදියෝ රැළම එකතු වෙලා (බ)

:       0       0

කුමාර Wednesday, 03 June 2015 04:21 PM

කෝ මේ ටොයියෝද බයියෝද? අපිට දුකයි රටගැන (බ)

:       0       0

යෝගනාදන් Wednesday, 03 June 2015 04:51 PM

කවුරු මොනවා කිවුවත් මේක හොඳ ප්‍රවණතාවයක් (නි)

:       0       0

විජයබාහු Thursday, 04 June 2015 07:46 AM

බණ්ඩාර දැන් එළිවෙලා නැගිටින්න. ඔයා තාම නිදි වගේ (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 03 June 2015 05:27 PM

උතුර මුළුමනින්ම,නැගෙනහිර වැඩි කොටසක්,කොළඹ නගර සහා සිමාවේ වැඩිම කොටසක්. දැන් මේ සුදනම් වන්නේ මුළු රටේම රජ කිරීමටද? (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 03 June 2015 06:16 PM

උණුසුම් සුබපැතුම්! සිංහලයින් දෙපසකට බෙදී මරා ගන්නවා. සුළු ජාතින් එකතු වී සන්ධානගත වෙනවා. එකතු වී ඉන්න උදවිය දැක්කහම ගොඩාක් දේවල් කියන්න හිතෙනවා.එතකොට අපිට ජාතිවාදී ලේබලය ගසාවි. නමුත් එකමුතුව ගැන සතුටුයි. සිංහලයින්ට ආදර්ශයක්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 06:30 PM

කොටින්ට එළිපිට කඩේ ගිය සමහරු දැන් කියනවා ආයේ මහින්ද මහත්තයාට එන්න දෙන්නේ නැහැ කියලා.අපි කියනවා අපි මහින්ද මහත්තයාව ගේනවා, පුලුවන්නම් නවත්තන්න කියලා. (නි)

:       0       0

නිලාන් -කටාර් Wednesday, 03 June 2015 07:18 PM

දැන් වෙනසකට රට බාරදුන්නා නම්, හැමෝම කටවහගෙන හිටියොත් හොඳයි. " සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා " කිවේ කටකහනවට නෙමෙයි. ජනවාරි 08 කරපු හපන්කමේ තරම දැන් තේරුම්ගන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 03 June 2015 07:26 PM

මේක හොඳ පෙරනිමිත්තක්. මෙයාලා කොටින්ට කිරිපොවන එකක් නැහැ. බොරුවට කලබලනොවී ඉන්න (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 04 June 2015 08:38 AM

නිමල්ගේ අදහසට මාත් එක පයින් එකගයි. ඕක තමයි මුලිකම හේතුව රටේ නස්පැත්තියට! (ම)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 08:38 PM

තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාවය මත දේශපාලනය කරන සෑම දෙනාම ජාතිවාදියෝය. මැතිවරණ නීති හා පාර්ලිමේන්තු ව්‍යවස්තා මඟින් මේ තත්වය පාලනය කරන්න තිබුනේ ඊනියා නිදහස ලැබූ දා පටන්ය. නමුත් අවස්ථාවාදී වාමාංශික මෙන්ම ධනවාදී කොටස් කියන දෙවර්ගයම සුළු ජන කොටස් තම ගොඩට එකතුකර ගැනීමට ජාතික මට්ටමේ දේශපාලනයට ජාතිවාදය ඈඳාගත්තා. 30 අවුරුදු යුද්ධයටත් මේ තත්වය යම් තරමකට බලපෑවා. අහෝ මගේ ලක් මෑණි! (නි)

:       0       0

ජයා Thursday, 04 June 2015 08:58 AM

දිනු දේශය නැවත කොටියා ඩැහැ ගැනීමට පෙර මහින්ද ඇතුළු ප්‍රගතිශීලින් එක්වෙමු. යහපාලනය යටතේ රට අනතුරේ,(ම)

:       0       0

වින්සන්ට් Thursday, 04 June 2015 09:14 AM

ජාතිවශයෙන් හෝ ආගම වශයෙන් දේශපාලන පක්ෂ ඇතිවීම රටකට හානිදායක වියහැකිය. මේ තත්ත්වය රටෙන් තුරන් කර ගැනීමට හැකි ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකි වන්නේනම් එය රටේ සාමයට ඇති එකම දොරටුවයි. (ම)

:       0       0

බමුණු Wednesday, 03 June 2015 11:28 PM

මුළු රටේම ඉන්න කට්ටිය එකතු වුණත් ඔයගොල්ලෝ මුලු රටේම 13% නේ. ඉතින් තව මොනවද කතා? සුළු ජාතින් ඔක්කොම එකතු වුණත් 25% යි. (නි)

:       0       0

රන්ජිත් Thursday, 04 June 2015 12:13 AM

ඔය මනෝ ගනේෂන්ලා 2009 පෙර හිටියේ කොහේද? (නි)

:       0       0

නාමල් Thursday, 04 June 2015 12:47 AM

මෙතැන එකතුවෙලා තියෙන්නේ වතුකර පක්ෂ. ප්‍රධාන දෙමළ පක්ෂය වෙන ටී.එන්.ඒ මෙතැන නැහැ.සමහරුන්ට "දෙමළ පක්ෂ එකතුවුණා" කියලා පුදුම අමාරුවක්නෙ තියෙන්නේ. ඇයි දකුණේ සිංහල පක්ෂ වලට සන්ධාන ගහන්න පුලුවන් නම් දෙමළ පක්ෂ වලට බැරිද? (නි)

:       0       0

පාලිත පෙරේරා Thursday, 04 June 2015 01:59 AM

නාමල් සිංහල අය එකතු වුණාට වෙනම රටක්, වෙනම ජාතික කොඩි,ජාතික ගී ඉල්ලන්නේ නැත. (නි)

:       0       0

රොහාන් දුනුවිල Thursday, 04 June 2015 02:10 AM

20 සම්මත වෙනවා වගේනේ. එහෙමනම් මෙහෙම සන්ධානයක් ඇතිවිය යුතුයි. මෙතන ඉන්න සියල්ලෝම වාගේ යහපාලන සාමාජිකයෝ. මෙහෙම සන්ධාන ගතවීම පමණක් නොවෙයි. ඊටත් එහා ගිය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකකනට සහ පසුව අගමැතිකමටත් මෙයාලා අනාගතයේදී (ඉදිරි) පත්වනු ඇති. එය එසේ වෙන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ අරුමය නිසාය. එය රටටත් ජනතාවටත් කරුමයකි. මෙවැනි අවස්ථාවන් අපට අහන්නට ලැබෙන්නේ 2015 ලැබීමෙන් පසුවය. (නි)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 02:14 AM

එකතුවීම හොඳ වේ අරමුණ හොඳ නම්....... (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 04 June 2015 02:24 AM

කොටින්ට එළිපිට කඩේ ගිය මනෝ ගනේෂන් කියනවා ආයේ මහින්ද මහත්තයට එන්න දෙන්නේ නැහැ කියල..මෙයා කවුද එහෙම කියන්න..අපි කියනවා එයාට අපි මහින්ද මහත්තයව ගේනවා පුලුවන්නම් නවත්තන්න කියල..මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මරබිය නැති කරපු අපේ දරුවන්ට හෙටක් ඉතුරු කරලා දීපු ඒ අපේ සිංහල නායකයාව එයාල එකතුවෙලා 8 වෙනිදා වල දැම්ම කියල..වැරදිලා මහත්තුරුනේ..පොඩි විවේකයක් ගත්ත විතරයි.ආයේ ඉක්මනින් එනවා. (ස)

:       0       0

ඇසළ Thursday, 04 June 2015 02:30 AM

කොහොම කරත් යාපනේ දෙමළ අයට වතු දෙමල කුලයෙන් අඩු සුළු ජාතිකයෙක්. එකනේ මහා පක්ෂය නැත්තේ. ඒ වුනත් ඔය ජාතියේ මැරුන කෙනා සහ පොටෝ එකේ ඉන්න කෙනා පමණයි විස්වාස කරන්න පුළුවන්. පන පිටින් ඉන්න කට්ටිය විස්වාශ කරන්න එපා කියලයි අපේ පැරැන්නෝ කියල තියෙන්නේ. (ස)

:       0       0

නුවන් Thursday, 04 June 2015 02:43 AM

කියලවත් කරගන්න බැරි වැඩක් කරලා දුන්නේ. නියමයි. දැන් තියෙන්නේ වැඩිම ඡන්ද තියෙන සිංහල පක්ෂ දෙක සන්ධානගත වෙලා, ආණ්ඩුවක් හදන්න. එතකොට ජාතිවාදී අයගේ පදේට නටන්නේ නැතුව හරියට රටක් කරන්න පුළුවන්. සිංහලයාගේ අතේ රට තියෙනකම් සුළු ජාතීන්ටත් සෙතක් වෙනවා. නැත්නම් මේක තමිල්නාඩුවේ ප්‍රාන්තයක් කරගෙන අපිව රටින් පන්නනවා ඉක්මනට. (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 04 June 2015 12:29 PM

කවුරු කොහොම කීවත් මෙරට දියුණුවට මොවුන්ගෙන් කිසිම දෙයක් සිදු නොවේ.රටක් හැටියට හිතන්න කොහෙත්ම දන්නේ නැහැ. (කේ)

:       0       0

සනත් Thursday, 04 June 2015 04:04 AM

නිල් කොළ දෙපිරිස එකිනෙකට වාද කර කර සිටිති.සුළුතරය නැගිටිති...(ම)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 04 June 2015 04:04 AM

නුවන් මහත්මයා. නුවනින් බලන්ට. නුවණින් සිතා බලන්ට. මහ පක්ෂ දෙක එකතුවීම තෙල් එක්ක වතුර එකතු කරන්ට ගන්නා උත්සාහයක් වගේ නොවේද.? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1774 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1123 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2943 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site