(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් ලබාදීමට සංවිධානය කර තිබූ දෙමළ භාෂා ගුරු පත්වීම් 400ක් පමණ මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අද (05) දහවල් අත්හිටුවීමට පියවර ගත්බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා පැවසීය.
හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට අයත් ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේදී ඇමැති මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබූ බව පැවසේ.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට හා පොලිසියට පැමිණිලි කොට එම නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එම කාර්යාලය තුළ මෙම පත්වීම් ලබාදෙමින් තිබූ බවද පැවසේ.
ජනාධිපතිවරණය කැඳවා තිබූ අවස්ථාවක මෙම පත්වීම් ලබාදීම නීති විරෝධී යැයි පවසා වහාම මෙම පත්වීම් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගත් බව ජනක වැලිවත්ත මහතා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් පලකළ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා මෙසේ කීය.
‘‘මනෝ ගනේෂන් ඇමැතිවරයා මුල්වෙලා අද දෙමළ භාෂා ගුරුවරුන් 400කට පත්වීම් ලබාදීමට සූදානම් කර තිබුණා. මේ පිළිබඳව අපට ලැබුණු තොරතුරක් මත හෝමාගම ප්‍රාෙද්ශීය සභාවේ සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග මෙතැනට පැමිණිලා සිදුවන නීතිවිරෝධී ක්‍රියාව ගැන පොලිසියට සහ මැතිවරණ කොමිසමට දැන්වූවා. ඒ අනුව ඔවුන් ක්ෂණිකව පැමිණිලා මේක නැවැත්තුවා. අද නිවාඩු දිනයක ඇමැතිවරයා කරපු මේ දේ හරිම වැරදියි. ඒ වගේම මැතිවරණයක් කැඳවා තිබූ අවස්ථාවක රජයේ ප්‍රබල ඇමැතිවරයකු මේ කරන වැඩේ නීතිවිරෝධියි.
නුවරඑළිය, බදුල්ල, හපුතලේ, වව්නියාව, මඩකලපුව ආදී දිවයිනේ ප්‍රදේශ රැසකින් ළමයි 400ක් පමණ ඇවිත් හිටියා. මේ නීතිවිරෝධී ක්‍රියාව මැතිවරණ නිලධාරීන් හා පොලීසිය එක්ව නැවැත්වීමට පියවර ගැනීම ඉතාම සතුටු දායක ක්‍රියාවක්.. “ යැයි පැවසීය .
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමළ භාෂා ගුරු පත්වීම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අත්හිටුවයි
Rasitha Saturday, 05 October 2019 01:02 PM
මේකට තමයි අපි ලෝකෙට 2015 හදුන්වා දුන්නු "යහපාලන" කියන්නෙ
Yapa Saturday, 05 October 2019 01:31 PM
මේ අයගෙ වැඩ ගැන කියනවා නම් බොරු 2019.09.10 ලෙස බොරු දිනයකුත් දාලයි පත්වීම් දෙන්න ඉදලා තියෙන්නෙ..කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ..?
saman Saturday, 05 October 2019 03:49 PM
සාධාරණ සමාජයේ අයගේ කටේ පිට්ටුද?
SL Saturday, 05 October 2019 06:27 PM
කොහොමටත් මේ ඊයේ පෙරේදා වෙනකල් අරලියගහ මන්දිරේ රජයේ රැකියා දන්සල පැවැත්වුනා. යාපනෙන්,ගාල්ලෙන්,මඩකලපුවෙන්,පුත්තලමෙනුත් කට්ටිය ආවා රැකියා ගන්න.දැන් එයාලා පින් පඩි අරගෙන බුරුවා ගහනවා ඇති.
මුණසිංහ Sunday, 06 October 2019 01:45 AM
මෙයාලට අවුරුදු හතරක් ගියා මේ පත්වීම් දෙන්න. එතකන් බිල්ලෝ වගේ හිටියේ. අනෙකුත් අමාත්‍යාංශ වලටත් එහෙමයි. ඒ නිසා තමයි කියන්නේ මේවා දේශපාලන පත්වීම් කියලා. මේ විදියට ඇවිත් පත්වීම් භාර ගන්න ඒ ඒ තැන්වලට ගිහිල්ලා අත්සන් කරන අයගෙ ආත්ම ගෞරවයත් ඉවරයි. හැමෝම කියන්නේ යහපාලන පත්වීම් කියලා හංවඩුව වදිනවා.
lal fernando Sunday, 06 October 2019 05:00 AM
මනෝ ගනේෂන් ජාතිවාදියෙක්. හොහුට විරුද්ධව අධිකරණයට යන්න. මගේ ප්‍රශ්නය මේ පොඩි රටේ ඔය වගේ ලෙඩ්ඩු ගැන බලන්න කවුරුත් නැද්ද? සිංහල මිනිස්සු මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන.
Lebbe Sunday, 06 October 2019 11:20 AM
රජයේ රැකියා දීම තරග විභාගයකින් දිය යුතුයි. සියලුම දේශපාලන පත්වීම් අවලංගු කළ යුතුයි.
සෙනෙවිරත්න Monday, 07 October 2019 07:23 AM
ඒක තමයි වැරැද්ද.
සෙනෙවිරත්න Monday, 07 October 2019 07:26 AM
මේ දෙගොල්ලම එක බව මේ මහත්වරු කවදා අවබෝධ කරගනීවිද?