යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයාගේ චරිත ඝාතනය කරමින් දමිළ වෙබ් අඩෙවියක් පළකර ඇති පුවතක් හේතුකර ගනිමින් උතුරු පළාතේ සියලුම නීතීඥවරු අද (20) අධිකරණ කටයුතු වලට සහභාගී නොවුහ.
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ.ආනන්ද රාජා මහතාගේ චරිත ඝාතනය වන ආකාරයෙන් මෙම පුවත පළකර තිබුණි.
යාපනය,වව්නියාව,මන්නාරම,මුලතීව් සහ කිලිනොච්චිය යන දිස්තී‍්‍රක්කවල සියලුම අධිකරණවල එනම් අධිකරණ 15 ක පමණ කටයුතු අඩාල විණි.
මෙම වර්ජනය නිසා කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක දී විභාගයට ගැනීමට නොහැකිවූ අතර නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිස් හට ආපසු හැරී යන්නට සිදුවිණි.
මෙම වෙබ් අඩවිය කොටි සංවිධානයේ නිදර්ශනම් වෙබ් අඩවිය මෙහෙයවූ නඩරාජා සේදුරූබන් විසින් සිදුකරගෙන යන අතර මොහු මීට කලකට ඉහතදී උතුරේ රාජ්‍ය අමාත්‍යවරියකගේ රැකවරණය මත සිටි අයෙකු බවද කියවේ.
මොහු විසින් මෙම වෙබ් අඩවිය විදෙස් රටක සිට මෙහෙයවන බවටද තොරතුරු ලැබේ.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දෙමළ වෙබ් අඩවියක් උතුරේ උසාවි 15 ක් වහයි
චාමර Friday, 21 October 2016 01:20 AM
දෙමළ තේරෙන්නේ නැත්තම් මෙවැනි වර්ජනයක් වෙන්නේ නැහැනේ. ලංකාව දෙමළ රටක්ද? සිංහල රටක්ද? ඉංග්‍රීසි දෙමළ, සිංහල කතා කරන උසාවි? මට තේරෙන්නේ නැත්තේ ලංකාව මොන රටක්ද? රටක සංස්කෘතිය ගොඩනැගෙන්නේ කතාකරන භාෂාවට අනුව. මේකට මොකක්හරි පිළියමක් යොදලා දෙන්න (නි)