IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙමළ සන්ධානය කළු සාටකෙන් නැහිර සභාවේ

පස් වසරකට පෙර  මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදී හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස් සිහි කිරීමට නොදෙතියි  විරෝධය පළ කරමින්  නැගෙනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දස දෙනෙක් අද (27) කළු සාටක පැළද රැස්වීමට සහභාගී වුහ.

විපක්ෂ නායක සිංහාරවේල් තණ්ඩායුදපානී මහතා  පැවසුයේ අවසන් සටනේදී මිය ගිය තම ඥාතීන් සිහි කිරීමට ඉඩ නොදීම ගැන ගමන් විරෝධය දක්වන බවයි.

ඔහුට මේ සම්බන්ධයෙන් කතා කිරීමට ඉඩ දිය නොහැකි බවත්,ඊට හේතුව  එම කාරණය න්‍යාය පත්‍රයේ සඳහන් නොවීම බවත් සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය කීවාය.

 

 



අදහස් (0)

දෙමළ සන්ධානය කළු සාටකෙන් නැහිර සභාවේ

ශිවා Tuesday, 27 May 2014 07:47 PM

ලුම්බිණිගේ කතාව 100%ක්ම නිවැරදියි (නි)

:       0       0

දයාල් Tuesday, 27 May 2014 07:49 PM

ඉන්දිකගේ කතාව ඇත්ත. (නි)

:       0       0

අමිල Tuesday, 27 May 2014 07:51 PM

මගේ සිතට නැ‍ඟෙන අදහස මෙහි ප්‍රකාශ කළ නොහැක. (නි)

:       0       0

සෝමසිරි Tuesday, 27 May 2014 07:55 PM

තවත් ඉන්නවා කට්ටිය. වෙලාවට එළියට එයි (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 27 May 2014 07:57 PM

අර කවුද වගේ ලුම්බිණිත් ඉඳලා ඉඳලා කට ඇරියොත් බැනුම් අහනවාමයි (නි)

:       0       0

සම්පත් Tuesday, 27 May 2014 08:03 PM

තවම කොටි සෙවණැලි හොල්මන් කරනවා වගෙයි (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 27 May 2014 08:13 PM

මේ මිනිස්සු සමරන්නේ මියගිය අයයි.එතනදී සාමාන්‍ය මිනිස්සුත් මැරුණා කියනවනේ. අපි ඉතින් ඔවුන්ට එය කරන්න දෙමු.අපි මේ දේවල් වලට අකුල් හෙලුවොත් තමයි එයාලට අපිට විරුද්ධව බොරු ප්‍රචාර පතුරවාගන්න හැකිවෙන්නේ (නි)

:       0       0

අජන්ත Tuesday, 27 May 2014 08:18 PM

ලුම්බිණි, රටේ බහුතරය බුද්ධිමතුන් වුණා නම් අද මේ රට මේ තත්ත්වයේ නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කළා තෑග්ගක් කෙනෙක් බාර නොගත්තොත් ඒක අයිති තෑග්ග දෙන්න උත්සාහ කළ අයටමයි කියලා. සතුටු වෙන්න ඔබේ අදහස් ගැන. ලෝකයේ බහුල දේවල් ලාබයි. අදහසුත් එහෙමයි. බහුතරය ලාබයි (නි)

:       0       0

සුසීමා Tuesday, 27 May 2014 08:37 PM

ලුමිබිණි, ඔබ සුබවාදී අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. සත්‍යය සත්‍යය ලෙස ඔබ දිගටම ලියන්න (නි)

:       0       0

බිමල් Thursday, 29 May 2014 06:49 AM

ඇයි අපි සියළු දෙනාටම සහයෝගයෙන් ඉන්න බැරි? (නි)

:       0       0

සෙනෙවි Tuesday, 27 May 2014 11:27 PM

ලුම්බිණි ,සුසීමා, ත්‍රස්තවාදීන් පරාජය කරපු රටේදී ඔවුන් සමරන්න ඉඩ දෙන්නේ කෙසේද? ත්‍රස්තවාදී යන වචනය අර්ථ දැක්විය යුතු නෑ නේද ? රටේ ලෝකේ ගැන අවබෝධයෙන් සිහිබුද්ධියෙන් අදහස් දක්වන්න. (ස)

:       0       0

ශාන් සෞදි Tuesday, 27 May 2014 11:51 PM

ඔතන ඉන්න ඔක්කොම කට්ටිය සාටකේ කරෙන් දාගෙන අවා තියා සාටකෙන් අමුඩේ ගහගෙන ආවත් ඇදුම් නැතිව ඔලුවේ බැදගන ආවත් මල කොටි තියා එන්ඩ හදන කොටියෙක්වත් ලංකා භූමිය තුල අායේ සමරන්න ඉඩ තියන්නේ නැහැ . (ස)

:       0       0

බමුණු Thursday, 29 May 2014 09:07 AM

"ඇයි අපි සියළු දෙනාටම සහයෝගයෙන් ඉන්න බැරි? " එකට රටෙන් 2/5 දෙන්න වේවි කැමතිද? (නදී)

:       0       0

සමන් Monday, 02 June 2014 12:03 AM

.තවම සටන අතහරින්න එපා..(ස)

:       0       0

බමුණුසිංහ Wednesday, 28 May 2014 04:40 PM

කළු සාටක නොවෙයි කොහොම ආවත් අපි නම් ඕවා ගණන් ගන්නෙ නැහැ (නි)

:       0       0

රකිත Wednesday, 28 May 2014 08:46 AM

වසර 27ක් පුරා පැවතුනු යුද්ධයේ ඔවුන්ට සිහි කරන්න අවශ්‍ය වී තිබෙන්නේ වසර 5 කට කලින් හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස් පමණයි. ඒ කියන්නේ ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලියි. මොවුන්ට වහාම අනතුරු ඇඟවීමක් කල යුතුය. නැත්නම්, ඉදිරි අනාගතයේදී තවත් ප්‍රශ්න ඇතිවනු වැළක්විය නොහැක. (ස)

:       0       0

ඉනෝකා Saturday, 31 May 2014 07:14 PM

ඔය දඟලන්නේ පිටරටවල ඉන්න කොටි ටිකට පෙනෙන්න (නි)

:       0       0

රංගන විරාජ් පාලිත Tuesday, 27 May 2014 02:47 PM

ඔච්චරම අමාරුද? (ස)

:       0       0

සුනිල් Tuesday, 27 May 2014 02:47 PM

අපිට මොකද? (ස)

:       0       0

දිනේෂ් Tuesday, 27 May 2014 02:48 PM

කළු සාටක ඇඳගෙන ආවත් අපිට මොකද. අපිට කියන්න තියෙන්නේ මෙත් මව්බිමට ද්‍රෝහිකම් කරන අය කියල. (ස)

:       0       0

දුෂාන් Wednesday, 28 May 2014 09:10 AM

කොටි සමරන්න තමිල්නාඩුවට යන්න

:       0       0

රංජිත් Tuesday, 27 May 2014 02:54 PM

ඔසාමා බින් ලාඩන් සමරන්න ඇමරිකාව ඒ රටේදී ඉඩ දෙනවද ? ලංකාවේදී LTTE සමරන්න නේද මේ ඉල්ලන්නේ ? මිය ගිය තම ඥාතීන් සිහි කිරීම ප්‍රසිද්ධියේ රටටම අඬබෙර ගහල කරන්න ඕනෙද? තම තමන්ගේ නිවෙස් වලම දාන මාන කරලා පින් දෙන්න පුළුවන්නේ. (ස)

:       0       0

අරවින්ද Tuesday, 27 May 2014 02:56 PM

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලින් උපුටාදමා තිබෙනවා. එයට ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාවටත් ස්තූතිවන්ත විය යුතුයි. (ස)

:       0       0

කස්සප Tuesday, 27 May 2014 02:58 PM

කළු බැරිනම් ඕන සාටකයක් බැඳන් එන්න. අපිට මොකද? (ස)

:       0       0

සුරංග කන්තලේ Tuesday, 27 May 2014 03:00 PM

ඔය කළු සාටකෙන් කියන්නේ රට බෙදන්න හදපු කොටින්ව සමරනවා කියලනේ. මෙයාලට රට ගියා නම් අපිට ඕව කරන්න ඉඩ දෙයි? අපි මෙයාලට බයේ ගමත් දාල ගියේ. (ස)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 28 May 2014 09:38 AM

මේ අයගෑන මීටවඩා බුද්ධි අංශවල අවධානය යොමුවිය යුතුයි..(ස)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 27 May 2014 03:28 PM

ලෝකයේ කෝහේවත් නෑ තස්තවාදින්ව සමරන්න රජයක් උදවු කරනවාය කියා.මේ අය රජයට ස්තූතිවන්ත විය යුතූයි තමන්ගෙ ජිවිත බේරලා මේ විදිහට පහසුකම් මැද ජීවත් වීමට පරිසරය සකසා දීම සම්බන්ධව. (ස)

:       0       0

නුවන් Tuesday, 27 May 2014 03:36 PM

කළු සාටක නෙමේ හරිනම් උපන් ඇඳුමෙන් එන්න තිබුණේ. කොටින්ට කිරි පොවන්න එනන එපා. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 27 May 2014 03:39 PM

මට නම් මෙතන වරදක් කරපු බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රජාතාන්ත්‍රික විදියට තමන්ගේ විරුද්ධත්වය පල කිරීමක් විතරයි. වෙනත් පළාත් සභාවල මන්ත්‍රී වරු කළු පටි බැඳගෙන විරෝධය පල කරපු අවස්ථා තිබුණා. (ස)

:       0       0

සරත් සෞදි Tuesday, 27 May 2014 03:48 PM

කළු පටි ගෙන යන්න අර තමිල් නාඩුවේ විචෝ හම්බ වෙන්න. (ස)

:       0       0

අබේගුණසේකර Tuesday, 27 May 2014 03:49 PM

කොටි තාම හොල්මන් කරනවා වගේ. තීරණයක් ගන්න වෙයි වගේ. (ස)

:       0       0

රංජිත් Tuesday, 27 May 2014 04:01 PM

අපේ හමුදාව 27000ක් ජිවිත පුජා කල නිසා තමයි ඔබ අද ඔය විදියට ඉන්නෙ. ඒ බව අමතක කරන්න එපා. (ස)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 27 May 2014 04:02 PM

ලුම්බිනි.ඔලුව තිබුණට මදි, මදේත් තියෙන්න ඕන. මේ අය කවුරු සමරන්නද ඉල්ලන්නෙ? (ස)

:       0       0

සුරංග කන්තලේ Tuesday, 27 May 2014 04:03 PM

අනේ ලුම්බිණි ඔයාල හිටපු රට නේ හමුදාව බේර ගත්තේ. මේ වගේ කතා අහනවට වඩා හොඳයි අපි යුද්දෙන්ම මැරිලා ගියා නම්. කෙලෙහි ගුණ නැති ජාතිය. (ස)

:       0       0

හේමන්ත Tuesday, 27 May 2014 04:12 PM

ළිදෙන් වතුර බී මුහුදට ආවඩන කළ ගුණ නොදත් පිරිසක්. එපා නම් අර කුණු ගොඩේ ලගින්න යන එකයි කරන්න තියෙන්නේ, කැමති කෙනෙකුට කරගන්න දීලා. (ස)

:       0       0

පූර්ණ Tuesday, 27 May 2014 04:18 PM

ඇත්තටම මේ කට්ටිය අමුතුවෙන් කළු සාටක පලඳින්න අවශ්‍ය නැහැ.මේ ගොල්ලන්ගෙ හැසිරීමෙන්ම ඒ අයගෙ කළු අදහස් ඕනෙම කෙනෙකුට වටහා ගන්න පුළුවන්.කූඩැල්ලන් මෙට්ටයේ තබන්නට නොහැකි සේම බෙදුම්වාදයෙන් කුරුවල් වී එන්.ජී.ඕ.ඩොලරයට කඩේ යන මුන්නැහේලගෙ හැසිරීම නිරීක්‍ෂණය කරගෙන අවදියෙන් සිටීම රටේ පැවැත්මටත් අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳ බව නම් කිව යුතුයි.!! (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 27 May 2014 04:20 PM

ඔය වටින් ගොඩින් අර අදින්නේ මොන යකාටද කියලා දන්නෝ දනිති.කව්රු කොහොම මේ දේ අනුමත කරන්න හැදුවත් එ්ක ඒ හැමෝටම හීනයක් විතරයි. (ස)

:       0       0

දයාන් Tuesday, 27 May 2014 04:29 PM

පිටරට සිටින දෙමළ ජනතාව ඒ ඒ රටවලට නීති වලට අනුගතවයි ජීවත් වෙන්නේ,කිසිම අමාරුවක් නැතුව. දැන් උතුරේ පළාත් සභාව ද මේ සිද්ධියේදී ආදර්ශමත්ව ක්‍රියාකරන බවකුයි,පෙනෙන්නේ...අරමුණ කෙසේ වෙතත් විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදිව කරන බවකුයි මට හැඟෙන්නේ . (ස)

:       0       0

ඉන්දික Tuesday, 27 May 2014 04:30 PM

ඔච්චරම අමාරු නම් ඕක ගෙදර ඉඳන් කරන්න බැරිද? අයි මේ ලෝකෙට පේන්න කරන්න හදන්නේ? අපේ ඥාතීනුත් මැරිලා තියෙනවා යුද්දේ නිසා. අපි එ්කට අඬ බෙර ගහන්න යන්නේ නැහැනේ. (ස)

:       0       0

කුසුම් Tuesday, 27 May 2014 04:30 PM

මහ ජනතාවගේ මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් රජයේ ආයතනයක් තුළ ඉඳගෙන මිය ගිය ත්‍රස්තවාදීන් සමරන්න සුදානම් වීම, ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් ලෙස, අපට කෙසේවත් අනුමත කරන්න බැහැ. යම් කිසිවෙකුට, යුද්ධයේදී මිය ගිය ත්‍රස්තවාදී කණ්ඩායමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්බන්ධවූ මියගිය තම ඥාතීන් සැමරීමට අවශ්‍ය නම්, රාජ්‍ය ආයතනයෙන් එළියට ගොස් පෞද්ගලිකව තම නිවසේ, පල්ලියේ, පන්සලේ, හෝ කෝවිලේ සිවිල් පුරවැසියෙකු ලෙස යම් ආගමික වතාවක් සිදු කල හැකියි.එහි වරදක් නම් මා දකින්නේ නැහැ. නමුත්, මේ රට ශ්‍රී ලංකාව බවත්, රටේ නීතියට මෙන්ම රටේ සදාචාරයටත් ගරුකළ යුතු මෙන්ම එයට අවනත විය යුතු බවත් රටේ පුරවැසියන් සියලු දෙනාම වටහා ගත යුතුයි. (ස)

:       0       0

ඉන්දික Tuesday, 27 May 2014 04:32 PM

ලුම්බිණි, පුළුවන් නම් ඇමරිකාවට ගිහිල්ල ඔසාමව සමරන්න පුලුවන්ද කියල බලන්න. (ස)

:       0       0

ඉන්දික Tuesday, 27 May 2014 04:34 PM

ලුම්බිණිට නම් ආණ්ඩුවට විරෝධයක් තියෙනව නම් LTTE එකෙන් හරි කමක් නැහැ එක සාධාරණිකරණය කරන්න හේතු තියෙනවා. (ස)

:       0       0

අමාලි Tuesday, 27 May 2014 04:37 PM

ලුම්බිණි ඔයාල වගේ අය අපි අතර තවත් ඉන්නවා. එදා බෝම්බවලට බයේ වෙව්ල වෙව්ලා ඉදල අද ඔය විදියට කතා කරන්න හයිය අරන් දුන්නේ කවුද. එදා ගුලි වෙලා හිටියේ කවද මේ යුද්දේ ඉවර වෙයිද කියලා. දැන් චන්ඩි වෙලා. (ස)

:       0       0

හේමන්ත Tuesday, 27 May 2014 04:51 PM

ඒ පාර කට්ටියම එකතු වෙලා ලුම්බිනිට ගහනවා. ප්‍රභාකරන්ට වඩා හතුරෙක් වෙලා ලුම්බිණි. ඇත්ත තමා, ඇයි දැන් ටික කාලයක් බෝම්බ බිය නැතුව නිදහසේ ඉදල ලුම්බිනිට ඇතිවෙලාද? (ස)

:       0       0

පද්මිණි Tuesday, 27 May 2014 04:59 PM

මේ ගොල්ලෝ කියන්නේ එයාල ට අවසන් සටනේදී මියගිය ඇත්තන්ව සිහි කිරීමට ඉඩ නොදෙනවා කියල. කෙනෙක් මොනවා සිහි කරනවද කියල කාටවත් කියන්න බැහැ. සිහි කිරීම හිතෙන්,මනසින් කරන දෙයක්. ඉතින් ඔයාල ඕන කෙනෙක් සිහි කරගන්න. ලෝකෙට බොරු පෙන්වන්නේ නැතිව, (ස)

:       0       0

අසංග Wednesday, 28 May 2014 11:47 AM

ඒ කියන්නේ මේ සේරම කොටි කියලද අපිට හිතන්න වෙන්නේ?

:       0       0

පද්මිණි Tuesday, 27 May 2014 05:49 PM

මියගිය නිසා සිහි කරනවා ඉතින්... (නි)

:       0       0

අනුරාධ මෙල්බර්න් Tuesday, 27 May 2014 06:01 PM

අනේ අපි ඔයාලට හරි බයයි. අපි ඉස්සරහට නම් කළු සාටක දාගෙන ආවට කමක් නැහැ. හැබැයි ඕවා හැමෝම ඉවසයි කියලා නම් හිතන්න එපා (නි)

:       0       0

මන්සීර් Tuesday, 27 May 2014 06:03 PM

බලනකොට අවදානම තවම පහවෙලා නැහැ වගෙයි (නි)

:       0       0

නිශාන්ත Tuesday, 27 May 2014 06:46 PM

ලුම්බිණිට දෙන්න ඕනෑ උත්තරය මට මේකේ ලියන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 743 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1675 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1617 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 402 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 661 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 485 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site