IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෙමළ සංසදය සතුට පළ කරයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා සංහිඳියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ලන්ඩනය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම දෙමළ  ඩයස්පෝරා සංවිධානයක් වන "ගෝලීය දෙමළ සංසදය"පවසයි.

පසුගියදා නිමාවට පත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 32 වැනි සැසිවාරයට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂහිද් රා අද් අල් හුසෙයින් කුමරු විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සාදරයෙන් පිළිගන්නා අතරම ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ගෝලීය දෙමළ සංසදය විසින් අද (06) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් වලින් ආරක්ෂක හමුදා ඉවත් කොට එකී ඉඩම් එහි සැබෑ හිමිකරුවන්ට ලබාදීම, දැනට රඳවා සිටින පිරිස් සඳහා නඩු පැවරීම හෝ නිදහස් කරලීම, උතුරු-නැගෙනහිර පළාත්වල හමුදා සීමා කිරීම, ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියා මාර්ග ගැනීම සිදුවෙමින් පවත්නා බව ඔවුන් සිය නිවේදනයෙන්  පෙන්වාදී තිබේ.

සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් සිදුකෙරෙමින් පැවතීම පිළිබඳ ද තම ප්‍රසාදය හිමිවන බවත් ගෝලීය දෙමළ සංසදය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් දිගු කාලීනව ශ්‍රී ලංකාවේ සාමය, සාධාරණත්වය  හා දේශපාලන බලය බෙදාගැනීම සඳහා කරනු ලබන මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බවද ඔවුන් වැඩිදුරටත් තම නිවේදනයෙන් පෙන්වා දෙයි.



අදහස් (0)

දෙමළ සංසදය සතුට පළ කරයි

සුසන්ත Wednesday, 06 July 2016 10:25 AM

පිරුබාහරන්ට අවුරුදු ගානක් නැහිගෙන යුද්ධ කරලත් ගන්න බැරිවුන දේවල් නිකන්ම බන්දේසියක තියලම දෙද්දී කාටද සන්තෝස නැත්තේ අප්පා. (බ)

:       0       0

ප්‍රියන්ත නානායක්කාර Thursday, 07 July 2016 04:38 AM

ඔබට සතුටුයිද දැන්? (බ)

:       0       0

කුසුමා Wednesday, 06 July 2016 12:51 PM

ජාතීන් අතර සංහිඳියාව ඉතා වැදගත් කාරණාවක්. (ර)

:       0       0

සමන්ත Wednesday, 06 July 2016 01:48 PM

කවුද කියන්නේ මේ බන්දේසි වල තියලා රට දෙනවා කියලා? මහින්දගේ ගෝලයෝ නම් කියනවා. එතකොට මැන්ඩෙලා බන්දේසියක තියලා රට සුද්දන්ට දුන්නද දකුණු අප්‍රිකාවේ? මේ මෝඩ අදහස් හින්දා තමා අපි හැමදාම හිඟන්නෝ වගේ ඉන්නේ. කා කොටාගෙන මරාගන්නේ වැද්දෝ වගේ. සංහිඳියාව කියන්නේ කාටවත් රට පාවා දෙනවා කියන එක නෙමෙයි. හැමෝටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් එක රටක් හදන එකයි (නි)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:21 PM

සුසන්ත හරි. (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 04:39 PM

මෙම ක්‍රියාමාර්ග වලට රට තුළ සිටින අපගේ බලවත් අප්‍රසාදය රජයට හිමිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

චානක Wednesday, 06 July 2016 04:40 PM

සුසන්ත, තේරුම් ගන්න බලන්න සටන් කරලා ලැබෙන විසඳුමයි දේශපාලන විසඳුමයි කෙතරම් වෙනස්ද කියා. මහින්ද යුද්ධය දිනුව කියා පම්පෝරි ගගහා හිටියා මිසක් ඔවුන්ව දේශපාලන විසඳුමකට කැන්ඳන් ඒම ඕනෑකමින් මඟහැරියා. මම ඉතා විශ්වාසයෙන් කියා සිටිනවා හරි දේශපාලන විසඳුමකින් මේ ප්‍රශ්නය නිරාකරණය වී ජාතිය එකමුතු වුණොත් ලොව ප්‍රබල රටක් ලෙස නැඟීසිටීමට පුළුවන් බව (නි)

:       0       0

රුවන් Wednesday, 06 July 2016 04:44 PM

අපි මෙම රජයට ඡන්දය දුන්නේ මේ වගේ දේවල් කරන්න නෙමෙයි. රටේ මුල්‍යමය හොරු ඇල්ලීම, බඩු මිල අඩුකිරීම, විදේශ ණය නොගෙන විදේශීය ආයෝජකයන්ගේ ප්‍රාග්ධනයෙන් රට සංවර්ධනය කිරීම ආදියට. නමුත් දැන් කරන දේ කලින් අප දන්නවා නම් ඡන්දය නොදෙන බව කිවයුතුයි. (නි)

:       0       0

සනත් Wednesday, 06 July 2016 09:19 PM

කරුණාකරලා ටිකක් ඉවසන්න මහත්වරුනේ. අපි ටික ටික ඔක්කොම දෙනවා. එතෙක් මහත්වරුන්ගේ ඡන්දෙ විතරක් අපිට දෙන්න. (නි)

:       0       0

සුපුන් Wednesday, 06 July 2016 08:53 AM

අනේ ඔව් දැන් ඒගොල්ලන්ට ඕන විදියටනේ රටේ වැඩ වෙන්නේ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 696 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 529 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1610 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 491 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1358 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site