IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම් පානයත් වකුගඩු රෝගයට හේතුවක්ලු

වකුගඩු රෝගය මේ වනවිට උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අතර රෝගය ඇතවීමට හේතුවක් වූ ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිෆෝසේට් ආනයන කිරීම නවත්වන ලෙස ජනපතිවරයා ඉකුත් දිනෙක නියෝග කළේය.

බෝ නොවන නිදන් ගත රෝගී තත්ත්වයක් වන වකුගඩු රෝගය ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වන රටවල් බොහොමයක් මුහුණ දෙන බරපතල ගැටළුවකි. මහාචාර්ය සුනිල් ජේ විමලවංශ ඇතුළු බොහෝ පිරිස් පසුගිය වසර 17ක කාලය පුරා අපවිත්‍ර ජලයෙන් සෞඛ්‍යයට සිදුවන බලපෑම,  බහු සාධක සම්භවයක් සහිත නිදන්ගත  වකුගඩු රෝගී තත්ත්වය ඇතුළු නිදන්ගත රෝගී තත්ත්වයන්ට අපවිත්‍ර ජලයෙන් සිදුවන බලපෑම පිළිබඳ පරීක්ෂණ සිදු කළහ. මෙම රෝගයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ජනතාවය.

නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය ඇතිවීම වළක්වාලීම සඳහා මහාචාර්යවරයා ඇතුළු පිරිස් පරිසර දූෂණය නැවැත්වීමටත්, ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මෙන්ම රෝගය මැඩ පැවැත්වීමට දැඩි ලෙස අත්‍යවශ්‍ය කරුණක් වන ගම් වැසියන්ට පිරිසුදු ජලය ලබාදීමේ වැඩසටහන්වලට ක්‍රියාකාරී දායක්තවය සැපයූහ. අද සිට ආරම්භ වන මෙම ලිපිපෙළ හරහා වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු හා භයානක රෝගී තත්ත්වයක් බවටත් ජාතික ගැටලූවක් බවටත් පත්ව ඇති වකුගඩු රෝගය තුරන් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගත් නිර්දේශත් පෙන්වාදීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය වසර කිහිපයේදීම විවිධ කණ්ඩායම් වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර බොහෝ තොරතුරු සොයාගැනීමට ද එම කණ්ඩායම් සමත්විය. කෙසේ නමුත්, එම සොයා ගැනීම් සම්බන්ධයෙන් විවිධ මතවාද, මිථ්‍යා මත,  ව්‍යාකූලත්වයන් පවතින අතර පර්යේෂණ දත්ත අර්ථ ගැන්වීම,  එම පර්යේෂණ අවසානයේ සිදුකළ නිගමන හා නිර්දේශ සම්බන්ධයෙන් ගැටලූ පවතියි. එම ගැටලූ ක්‍රමානුකූලව නිරාකරණය කිරීමත් පැහැදිලි කිරීමත් මෙම ලිපි පෙළේ තවත් අරමුණකි.

වකුගඩු රෝගය පිළිබඳ අවධානය යොමු කිරිමේදී පරිසර දූෂණය, ජලය හා පස දූෂණය වීම, කෘෂි රසායන, බැරලෝහ,  ඇල්ගී, ග්ලියිෆෝසේට්, ඛනිජ ලවණ ප්‍රමාණය වැඩි ජලය,  උතුරේ හා උතුරු මැද කි්‍රයාත්මක වූ ත්‍රස්ත කණ්ඩායම් ජලයට විස එකතුකිරීම ආදී ෆ්ලෝරයිඩ ගැටලූ හා උපකල්පිත ගැටලූ ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙයි. වකුගඩු අක්‍රීය වීමට අදාළ භූගෝලීය පිහිටීම් හෝ අදාළ ගැටළු සඳහන් කළ කරුණු සියයට සියයකින් බලපෑ ඇතැයි සනාථ කළ  නොහැක. නිදන්ගත වකුගඩු     රෝගී තත්ත්වයට බොහෝ හේතු සාධක ඇති බව මෙහිදී තහවුරු කළ හැකි කරුණකි.

එසේ වුවද වකුගඩු  රෝගයට බලපාන අනෙකුත් සාධක කෙරෙහි මේ වනතෙක් සැලකිය යුතු අවධානයක් යොමු නොවීම ද බරපතළ ගැටලූවකි. විශේෂයෙන්ම නෙෆ්රෝටොක්සිටි නැමැති වකුගඩුවලට හානි සිදුවන විස සහිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වී නැත. විටමින් හෝ හෝමෝන අඩංගු නොවන ඖෂධ (උදාහරණයක් ලෙස බහුලව භාවිත කරන වේදනා නාශක පෙන්වාදිය හැකිය) , නීතිවිරෝධී ඖෂධ හා මත්පැන්,   මී උණ ,  දේශීයව වැඩෙන දුම්කොළ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන දුම්වැටිවලද ආසනික් හා කැඩ්මියම් බහුලව අඩංගු වේ. එමෙන්ම කෘෂි රසායන,  ජල මූලාශ්‍ර දූෂණය වීම,  අනාරක්ෂිත සෞඛ්‍යයට අහිතකර වැඩ පරිසර,  නිදන්ගත විජලන තත්ත්ව,  පරපෝෂිත හා වෛරස් ආසාදන හා මෙතෙක් හඳුනානොගත් විස වර්ග ද නිදන්ගත වකුගඩු රෝගයට හේතු කාරක වී ඇත. අහිතකර තත්ත්ව යටතේ,  නිරන්තරයෙන් ප්‍රමාණය ඉක්මවා වේදනා නාශක ලබාගැනීම වකුගඩුවලට රුධිරය සැපයීම අඩු වීමට හේතුවක් වී ඇති අතර එය වකුගඩු අකී්‍රය වීමට මඟ පාදයි. පැරසිටමෝල් ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීම නිසා රසායින ද්‍රව්‍ය හා විස ද්‍රව්‍ය විසහරණය කිරීමට (විස ඉවත් කිරීමට) අක්මාවට ඇති හැකියාව අඩු කරයි. ඒ හරහා සිරුරේ ශක්තිය නිපදවන ෙසෙලවල ඇති සංඝටකවලට හානි පමුණුවන අතරම ඩී.එන්.ඒ වලටද හානි පමුණුවමින් සිරුරේ ඇති විස ප්‍රමාණය ඉහළ යෑමට වැඩි අවස්ථාවක් උදා කරයි.

 පහත දැක්වෙනුයේ මේ දක්වා කරන ලද පර්යේෂණවල දත්ත හා නිරීක්ෂණ වාර්තාය.

1  නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පැතිර යන රෝගී තත්ත්වයක් වන අතර රැකියා හා පරිසර දූෂණය මූලික කරගෙන ඇතිවෙයි.

2 අද වනතෙක් බහු සාධක සම්භවයක් හිමි නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයට එක් සුවිශේෂී හේතුවක් සොයාගෙන නැත.

3 දීර්ග කාලයක් පුරා අනාරක්ෂිත වගකීම් විරහිත ලෙස කෘෂි රසායන භාවිත කිරීම,  ජලය,  ආහාර,  පස දූෂණය වීම,  රැකිය ස්වභාවය,  විස හා රසායනවලට වැඩි වශයෙන් නිරාවරණය වීම,  භූගෝලීය පිහිටීම, ඇතැම් බිම් කොටස්, දේශගුණ වෙනස්වීම් සහ මෙතෙක් හඳුනානොගත් විස වර්ග හා පරපෝෂිත හා වෛරස් ආසාදන බහු සාධක සම්භවයක් හිමි නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය ඇතිවීමට හේතු වී ඇත.

4 සුවිශේෂී රෝග ලක්ෂණ හා රෝගය හඳුනාගත හැකි පරීක්ෂණ නොමැතිවීම නිසා වකුගඩු රෝගීන් හඳුනාගන්නේ බොහෝ කල් ගත වූ පසුවය. බොහෝ කල් ගත වීමෙන් පසු රෝගය හඳුනාගන්නා විට රෝගය වළක්වා ගත නොහැකි මෙන්ම, ඉන් වැළැකීම ද අතිශය දුෂ්කරය. එසේම ප්‍රමාද වීම නිසා අධික වියදමක් දරා රුධිර කාන්දුකරණ ප්‍රතිකාරවලට යොමුවීමට සිදුවේ.

5 රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය හරහා රෝගය සුව කළ නොහැක. එයින් සිදුවනුයේ රෝගය නිසා ඇතිවන අහිතකර බලපෑම් ප්‍රමාද වීමක් පමණි. එම නිසා රෝගයෙන් වැළැකීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමය වනුයේ ආරක්ෂා වීමය.

6 උණු ජලය හෝ ගෘහස්ත ජල පෙරණ (වෝටර් ෆිල්ටර්ස්) හරහා ජලයේ ඇති විස නියමාකාරයෙන් ඉවත් කිරීමක් සිදුවන්නේ නැත. කාන්දුකරණ හො පෙරණ කි්‍රයාවලි හරහා රෝගයෙන් ආරක්ෂා විය නොහැක.

7  පිරිසුදු ජලය ලබාදීම හරහා රෝගය සියයට 50කින් ආසන්න වශයෙන් අඩු කරගත හැකිය.

8 පරිසර දූෂණය නැවැත්වීම, රෝගය පිළිබඳ දැනුවත් කිරීම,  පෝෂණ ප්‍රවර්ධනය කිරීම, ආදිය රෝගය ඇතිවීම වැළැක්වීමට ගන්නා පියවර හා වැඩසටහන්වලට ඇතුළත් කළ යුතු කරුණය.

රෝගය සඳහා කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැති අතර කළ යුතු වන්නේ පිරිසුදු ජලය සැපයීම,  නිවැරැදි ක්‍රියාමාර්ග, රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම, රෝගය තුරන් කිරීමට වැඩ කටයුතු සකස් කිරීම, අරමුදල් වෙන්කිරීම, වෛද්‍යවරුන්ගේ හා විද්වතුන්ගේ සහය ලබා ගනිමින් කටයුතු කිරිමයි. එසේම රාජ්‍ය අනුග්‍රහය ඇතුව පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ලබාගනිමින් නිවැරැදි වැඩපිළිවෙළ සකස් කිරීම, පසුගිය වසර 15 කාලයේදී විවිධ කණ්ඩායම් හා විද්වතුන් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්  දීගු කාලීන සැලැස්මක් ඇති කිරීම හරහා රෝගය තුරන් කිරීමට හැකි වනු ඇත. එළැඹෙන සතියේදී ජලය අපවිත්‍ර වීමත් ඒ හරහා වකුගඩු රෝගය ඇතිවීමට බලපාන ආකාරයත් පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

 

 

 

 

 

 



අදහස් (0)

දුම් පානයත් වකුගඩු රෝගයට හේතුවක්ලු

රසික Tuesday, 23 June 2015 06:56 AM

රජයකට පමණක් 100% මේ සඳහා දායක විය නොහැකී. ජනතාවගේ සහයෝගය සහ සමාගම් වල ස්වයං විනයක් අවශයි. (ම)

:       0       0

දුමින්ද Tuesday, 23 June 2015 01:49 AM

හැමතැනම බාගෙට විසඳුම් (නි)

:       0       0

සරත් Tuesday, 23 June 2015 02:40 AM

මේවා විසඳන්න පැහැදිලි උවමනාවක් තියෙනවා නම් අඩුම ගානේ ,පිරිසිදු වතුර ටිකක්වත් දෙන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ මේ වෙනකොටත්.කතාව දෝලාවෙන් ගමන පයින් කියනවා වගේ,ආණ්ඩුව පැහැදිලිවම මන්දගාමියි. වාහන හදන බොහොමයක් තැන් වල තෙල් හලලා දාන්නේ ළඟම තියෙන වතුර කාණුවට. කවුරුවත් නැහැ ඒවා බලන්න.ඉන්න අයත් සල්ලි අරගෙන,කර අරිනවා.කරනවා නම් වැඩ බොහොමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3227 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2345 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3189 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3069 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36079 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site