IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දඹදිව ගියත් වඳින්න බැරිවේ

ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ    බස් රථයක් පෙරලීමෙන්   තුවාල ලබා එරට රෝහල් ගතකර සිටි  වන්දනා නඩයකට අයත් ශ්‍රී ලාංකිකයෝ දහතුන් දෙනෙක්   අද  මිහින් ලංකා  ගුවන් යානයකින් කටුනායකට   පැමිණියහ.

මෙම වන්දනා නඩයේ එක් අයෙකු හැර සෙසු සියල්ලෝම තුවාල ලදහ. මොවුහු  කැලණිය සහ කුරුණෑගල  ප්‍රදේශ වල  පදිංචි කරුවෝ වෙති. තුවාල ලැබූවන් අතර කාන්තාවෝ දස දෙනෙක් ද අතර පිරිමි දෙදෙනෙක් ද  වූහ.

එක් කාන්තාවකගේ අත වැලමිට ප්‍රදේශයෙන් කපා ඉවත් කැර තිබිණි. මේ අතර හිසට  බරපතල ලෙස මැහුම්  දමා සිටි කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.

තුවාලකරුවන් අතර ප්‍රවීන ගායිකා සුජාතා අත්තනායක‍ගේ සොහොයුරිය වන රංජනී පෙරේරා මහත්මිය ද සිටී.   සුජාතා අත්තනායක මහත්මියද කදුළු පිරි දෙනෙතින් යුතුව තම සොයුරිය රැගෙන යාම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියාය.

වීදුරු කටු ඇණීමෙන් තුවාල ලද්දෝ ද වූහ.

දිල්ලි බෞද්ධ වන්දනා මධ්‍යස්ථානයේ පල්ලේගම විජිත හිමියන් විසින් මෙම පිරිසට ආපසු දිවයිනට පැමිණීම සදහා ඉතා අඩු මුදලට ගුවන් ටිකට් පත් ලබා දෙන ලෙස මිහින් ලංකා ගුවන් සේවයෙන් කරන ලද ඉල්ලීමකට  අනුව   අවම මුදලකට ගුවන් ටිකට් පත් ලබා දුන් බව එම ගුවන්සේවයේ රාජ්‍ය හා පොදු කටයුතු පිළිබඳ කලමනාකාරී ගාමිණී අබේවර්ධන මහතා කීවේය.

මොවුහු පසුගිය පෙබරවාරි 07 වෙනිදා උදෑසන  බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමේ අරමුනින් ඉන්දියාවේ චෙන්නායි  නුවර ගියහග පසුව චෙන්නායි සිට දිල්ලිය වෙත දුම්රියෙන් ගමන් කිරීමෙන් අනතුරුව බස් රථයකින් අග්‍රා වෙත ගොස්  එතැන් සිට  බරණැස බලා  ගමන් කරමින් සිටියදී අනතුර සිදු විය.

තමන් අනතුරට පත්වන විට බස් රථය පැදවූවේ රියදුරා නොව රියදුරු සහයට ගිය බසයේ අයිතිකරුගේ  පුතා  බව   තුවාලකරුවෝ  පැවසූහ.

බසය එකවරම ශබ්ද නගමින් පැද්දී ගොස් පෙරලී ගිය බවත් එවිට රියදුරා සහ ගෝලයා දෙදෙනාම බස්යෙන් ඉවතට පැන ඇති බවත් මොවුහු කියති. යමි හෙයකින් රියදුරා පැදවුවේ නම් කෙසේ හෝ පෙරලී යාමට ඉඩනොදී පාලනය කරගැනීමට හැකියාව තිබූ බවද කීහ.

එසේම දින දාහතරක් ඉන්දියාවේ වන්දනාමාන කිරීමේ අරමුණින් දිවයිනෙන් පිටත්ව ගියද කිසිදු සිද්ධස්ථානයක් වැදපුදා ගැනීමට නොහැකිවූ බවද මොවුහු පැවසූහ.

 සීතා ජයසුන්දර මහත්මිය මෙසේ කීවාය.

‘අපි පසුගිය 07 වෙනිදා මුලින්ම ගුවනින් චෙන්නායි වලට ගියා. එදින රාත්‍රිය අපි චෙන්නායි වල ගතකලා. පසුවදා උදෑසන අපි දුම්රියෙන් දිල්ලි වෙත පිටත් වුනා. දිල්ලි වලට ආවේ 9 වෙනිදා. ඉන්පසු 10 වෙනිදා බරනැස බලා පිටත්වුනා ඒ අතරමගදී තමයි මේ අනතුර සිදුවුනේ.

අපි බරණැස බලා එනකොට රියදුරු මහතා වාහනය පදවාගෙන ගියා. නමුත් ටික දුරක් යන විට බස් අයිතිකරුගේ පුතා කියලා කියපු කෙනෙක් බස්රථයේ සුක්කනාම අතට ගත්තා. වාහනය වේගයෙන් පදවාගෙන ගියා.

පස්සේ පොලිස්යෙන් ඇවිත් ඒ දෙන්න  අරගෙන ගියා. ඒත් එක්කම අපේ තුවාල කාරයින්ව ඇම්බියුලන්ස් එකක් රැගෙන විත් උත්තර ප්‍රාන්තයේ සයිිෆා කියන රෝහලට ඇතුලත් කළා.  අපිට රෝහලෙන් හොඳට සැලකුවා. උත්තර ප්‍රාන්තයේ මහා ඇමති තුමා අප බලන්න නියෝජිතයින් එවාා තිබුණා.

මගේ හිසට මැහුම් 17 ක් දාලා තියෙනවා. දුක හිතෙන සිද්ධිය තමයි අපි එක්ක ගියා කුරුණෑගල පැත්තේ දෙන්නෙක්. ඒ මිනිස්සු හරිම අහිංසකයි. ඒ නෝනගේ අත කපන්න සිදුවණා. එයාගේ මහත්තයටත් තුවාලයි. අන්තිම අහිංසක අසරණ මිනිස්සු.

අපිට දැනගන්නට ලැබුනා අප රක්ෂණය කර නැති බව . මම රජයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් ඉන්දියාවට වන්දනා නඩ යනවිට රක්ෂනය කරලද යවන්නේ කියලා සොයා බලන්න.‘

සුජාතා අත්තනායක මහත්මියගේ සොයුරිය වන රංජනී පෙරේරා මහත්මිය මෙසේ කීවාය.

‘අපි අග්‍රා වල සිට  සැතපුම් 70 ක් පමණ දුරක් එනවිට එක පාරටම බස්එක දඩ දඩ ගාලා සෙලවුනා. ඉන්පස්සේ තමයි  පෙරළුණේ . අප අනතුරට පත් වූ අවස්ථාෙවි සිට අපට උදවි කල දිල්ලි වල බෞද්ධ මධ්‍යද්ථානයේ පල්ලේගම විජිත හිමියන්ටත් උත්තර ප්‍රාන්ත මහ ඇමතටත්ල සාරානාත් පන්සලේ හාමුදුරුවන්ටත් අපේ  ස්තුතිය පුද කරනවා. ඒ අයගේ මැදිහත්වීම නිසා තමයි අපේ ලෙඩිඩුන්ටත් හොදින් ප්‍රථීකාර ලබාගෙන අප සියලූ දෙනාටම මේ තරමි ඉක්මනින් එන්න ලැබුනේ.‘

මෙම අනතුරින්   නඩයේ ප්‍රධාන සංවිධායකවයා වූ කොලොන්නාවේ පදිංචි බී.එච්.එම්.ඩබිලිවි බංඩාර මහතාද තුවාල ලැබීයග ඔහු  පැවසුෙවි  74 වතාවක් පමණ මේ අයුරින් වන්දනා නඩ රැගෙන ඉන්දියාවට ගොස් ඇති බවත් මේ පිළිබඳව ඉතා කනගාටුවන බවත්ය.    මෙම පිරිස රක්ෂණය කර ගෙන ගියේද යන්න පිළිබඳව විමසුවද ඒ පිළිබඳව පැහැදිලි පිලිතුරක් ලබා ගැනීමට නොහැකි විය.

 සුසන්ත ජයසුන්දර මහතා මෙසේ කීවේය.

 ‘අපි එක්කෙනෙක් රුපියල් අසූදහසක් ගෙවා තියෙනවා මේ ගමන යන්න. අන්තිමට අපිට කිසිම තැනක් වන්දනා මාන කරන්න ලැබුනේ නැහැ.  සංවිධායක මහත්තය නමි කිව්වා නැවත අප රැගෙන යනවා කියලා. නමුත්  මෙතන ඉන්න හුඟ දෙනෙකු මෙයා එක්ක මේ ගමන නැවත යන්න කැමති වෙන එකක් නැහැ.‘

 

 



අදහස් (0)

දඹදිව ගියත් වඳින්න බැරිවේ

පැතුම් Friday, 15 February 2013 12:31 AM

පිරිසිඳු චේතනාවකින් ගියත් අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. ඔබ සැමට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 15 February 2013 12:35 AM

සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. (නි)

:       0       0

මාලා Saturday, 16 February 2013 09:41 AM

පවු ඇත්තට (දී)

:       0       0

ෂාෆික් Saturday, 16 February 2013 10:04 AM

හරිම කණාගටුයි. හැමෝටම ඉක්මන් සුවය පතනවා! (නි)

:       0       0

කොල්ලා Friday, 15 February 2013 01:43 AM

සාදු...!!!! සාදු ...!!!! සාදු මේක ඉතා වටිනා තෑග්ගක් (දී)

:       0       0

සුරංග Friday, 15 February 2013 01:09 PM

පින් කරනකොට බාදා එනවා ඒවා මැඩගෙන අපි පින් කරන්න ඔනි එක නිසා ඊලග වතාවෙත් යන්න බලන්න ඔය දෙමාපියන්ගේ ළමයි අයිත් එයාලව යවන්න වියදමි කරන්න පුලුවන්නමි ලොකු දෙයක් හරිම කණගාටු සිද්ධියක් බුදු සරනින් ඉක්මන් සුවය පතනවා....!(ස)

:       0       0

හිල්මි Thursday, 14 February 2013 08:30 PM

ාම්ක චෙන්නායි වලට අයිති බස් එකක් නම් මේ වගේ අනතුරක් වළක්වා ගන්න ඔවුන්ට හැකියාව තිබුණා. (නි)

:       0       0

සුරංග Thursday, 14 February 2013 08:33 PM

වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. ඒක නිසා ඊළග පාර ගිහින් වැද ගන්න බලමු. (නි)

:       0       0

ගාමිණී Thursday, 14 February 2013 08:37 PM

බල්ල‍ගේ වැඩේ බූරුවා කරන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටුණේ අපේම සැදැහැවතුන් පිරිසක්. (නි)

:       0       0

රාමන් Friday, 15 February 2013 08:17 AM

සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. පිරිසිඳු චේතනාවකින් ගියත් අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. දෙවි පිහිටයි! (නි)

:       0       0

සරත් Friday, 15 February 2013 08:19 AM

සැමදෙනාටම ඉක්මන් සුවය ලැබේවා...(ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 14 February 2013 08:43 PM

සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 08:51 PM

මට හරිම කණාගටුයි. ඉක්මන් සුවය ලැබේවා!

:       0       0

ජයතිස්ස Thursday, 14 February 2013 09:21 PM

සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අනුරාධ Friday, 15 February 2013 09:12 AM

රත්නත්‍රයේ පිහිටෙන් මේ සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 February 2013 09:33 PM

ඇත්තෙන්ම ඉතාමත් කණගාටුදායක සිදුවීමක්. අර අතක් අහිමි වු අම්මාට සියලු දෙනාම එකතු වී ජාතිබේදයෙන් ආගම් බේදයෙන් තොරව උදවු උපකාර කළයුතුයි. සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා. (නි)

:       0       0

අසංක Thursday, 14 February 2013 10:10 PM

අයියෝ මෙවන් විපතක්. කනගාටු දායක පුවතක් (දී)

:       0       0

ප්‍රේමරත්න Friday, 15 February 2013 10:06 AM

ගොඩක් දුකයි. සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දුක් නොවී ඊළඟ වතාවේ යන්න ලැබේවා කියලා සිතන්න (ස)

:       0       0

දිනේෂ් Saturday, 16 February 2013 06:56 PM

කවුරු වුණත් අපි ඔක්කොම මිනිස්සු. (නි)

:       0       0

ශාන් Friday, 15 February 2013 10:28 AM

මෙයාලා මත්පැන්වත් ගෙනිච්චද? නැත්නම් ඇයි මෙහෙම දඩුවමක් ලැබුණේ? (නි)

:       0       0

ගාමිණී Thursday, 14 February 2013 10:46 PM

අනතුර සිදු නොවුණා නම් කොච්චර හොද ගමනක් වේවිද? (නි)

:       0       0

ගපූර් Thursday, 14 February 2013 10:54 PM

දෙවියන් වැදීමට නොහැකි වීම ගැන කණගාටුයි. (නි)

:       0       0

සාලිය Thursday, 21 February 2013 10:49 AM

උතුම් බුදු ගුණ බෙලෙන් ඔබට සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 84 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 770 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 619 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2560 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 946 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site