IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දඹර අමිල හිමියෝ දබරැඟිල්ල ඔසවති

සිවුරු දරාගෙන බුද්ධ ශාසනයේ භික්‍ෂුව යැයි සමාජයට හඟවමින් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ගෙන යන භූමිකාව වසර 2500ක් රැකගෙන එන ථේරවාදී සංඝ සමාජයට කැළලක් බවත්, වහා මෙවැන්නක් සංඝ සමාජයෙන් ඈත් කර විය යුතු බවත් පසුගියදා හෝමාගම උසාවී භූමියේදී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.

මෙම සිවුරු දරා ගත් අය නීතියේ ආධිපත්‍යයට, මුළු මහත් රාජ්‍ය සේවයට හා අගමැතිට, ජනාධිපතිට, හෑල්ලූ කරමින් කළ ආන්දෝලනය මුළු මහත් සමාජයම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බවද උන්වහන්සේ කියති.



අදහස් (0)

දඹර අමිල හිමියෝ දබරැඟිල්ල ඔසවති

තුසිත Thursday, 28 January 2016 03:58 PM

ස්වාමීන් වහන්ස ඔබවහන්සේ වැනි කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස් කව්රුත් පිළිගන්නේ නැහැ එහෙත් හාමුදුරුවන්නේ ඔබවහන්සේ කිසි දවසක ශාසනය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යමක් කරලා තියේනම් කියන්න මේකෙන් අපේ ස්වාමීන් වහන්සේල කරපු ක්‍රියාව අනුමත කරනවා කියන්නේ නැහැ එහෙත් ඔබ වහන්සේ මෙවැන්නක් කියන්න කලින් හිතල බලන්න (බ)

:       0       0

කරුණාපාල Thursday, 28 January 2016 04:07 PM

අපේ හාමුදුරුවනේ, ඔය වගේ බුද්ධ ශාසනයට වින කරන ඇත්තන්ට ඇඟිල්ල දික්කරලා මදි. මඩු වලිගෙන්ම තලන්න ඕනා. (බ)

:       0       0

තිලංග Thursday, 28 January 2016 04:02 PM

සිංහලය සහ බෞද්ධාගම එකට බැදිලා තියෙන්නේ. බෞද්ධාගම නැති වුණ තැන සිංහලය ද නොමැත. සිංහලය පෙන්න බුද්ධාගම නැති කරන්න යනවා. මේ වැඩ නිසා වෙන්නේ භික්ෂුවට තියන ගෞරවය නැති වෙන එක. හෝමාගම සිද්ධිය පිළිකුලින් හෙළා දකිනවා. මහේස්ත්‍රාත් තුමා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහොම හොදයි (බ)

:       0       0

සන්තුෂ් Friday, 29 January 2016 05:27 AM

ඔබවහන්සේ හරියටම හරි. සිවුර දරාගෙන කළයුත්තේ කෙලෙසුන් දුරු කිරීමට ප්‍රතිපදා පිරීමයි (ම)

:       0       0

ප්‍රියාන් Thursday, 28 January 2016 04:06 PM

තමන් වහන්සේ මොනවද රටට කරල තියෙන්නේ..ගලබොඩ හාමුදුරුවෝ නම් ජාතිය ආගම ගැන හරි කතා කරනවා,, (බ)

:       0       0

චන්දන ගමගේ - මාතර Thursday, 28 January 2016 04:23 PM

අමිල හාමුදුරුවනේ ඔබ වහන්සේ කවුද කියන්න අපි දන්නවා (බ)

:       0       0

නිමල් ලලිත Thursday, 28 January 2016 04:37 PM

ඥානසාර හිමියන් සිරගතවුණේ මේ බේරාගත් රණවිරුවන් සිරගත කිරීම නිසා ඇතිවූ ආවේගය මත උසාවියේ විරෝධය පළකිරීම නිසාය. සිංහලයාට බොදු අයිතියට සිදුවෙන විනාශයට විරුද්ධව කතා කිරීම නිසාය. ඉතින් ලැජ්ජා වියයුත්තේ කවුද? (නි)

:       0       0

දිලුපා Friday, 29 January 2016 05:56 AM

එතකොට ඔබ වහන්සේ සිවුරකුත් දාගෙන කොළඹ මැද්දේ ඒකාලයේ හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව නටපු හැටි සිල්වත් ක්‍රියාවක්ද. (බ)

:       0       0

ඇසළ Thursday, 28 January 2016 04:51 PM

හාමුදුරුවනේ, මම මොකුත් ලියන්න යන්නේ නැහැ. මොනවාහරි ලිවුවොත් අපිට පව් පිරෙනවා. (නි)

:       0       0

ගුණතිලක Thursday, 28 January 2016 06:10 PM

නිකන් බොරුවට කෑගහලා වැඩක් නැහැ මිනිසුනේ (නි)

:       0       0

අනුර කොලොන්නාව Thursday, 28 January 2016 06:22 PM

අමිල හාමුදුරුවන්ගේ කතාවට සමහරුන්ට ගොඩක් රිදිලා. ඕකට තමා කියන්නේ ඇත්ත තිත්තයි කියා. (නි)

:       0       0

රත්න Thursday, 28 January 2016 06:51 PM

දඩබ්බර ගති භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

රණවීර Friday, 29 January 2016 06:59 AM

මේ ස්වාමීන් වහන්සේ රාජපක්ෂ රෙජීමය එලවා දැමීමට විශාල මෙහෙයක් කළා. එයට උන් වහන්සේට ස්තුතියි. ඥානසාර ස්වාමීන් වහන්සේ හිරගෙට ගියේ කුලියට මිනී මරපු යයි සැක කරන සොල්දාදුවන් පිරිසක් සිරගත කිරීම පිළිබඳව උසාවියට අපහාස වන විදියට කතා කරපු නිසයි. අනික හැම සොල්දාදුවෙක්ම වීරයෙක් නොවෙයි. (බ)

:       0       0

ශානක Friday, 29 January 2016 07:46 AM

බුද්ධ ශාසනය එපා කරවනවා අපිට (බ)

:       0       0

ගැමුණු Friday, 29 January 2016 07:39 AM

එක්තරා රුපවාහිනී සාකච්ඡාවකදී බුදුන් වහන්සේ ගේ පිරිනිවන් පෑම ට ඔබවහන්සේ යෙදු වචනය අගෞරවනිය එකකි.එය මාහට කිසිදා අමතක නොවේ. (බ)

:       0       0

විජිත Friday, 29 January 2016 07:46 AM

අමිල හිමි හරි. හාමුදුරු කෙනෙක් සංවර වෙන්න ඕන. ඥානසාර හිමි කරන්නේ මහින්දට කඩේ යන එක. මම බෞද්ධයෙක්. මට ලැජ්ජියි අපිත් එක්ක වැඩ කරන අන්‍ය භක්තිකයෝ කියන කතා වලට. අපි ආණ්ඩුවට කියන්නේ කතිකාවත ගෙනෙල්ල මේ වගේ අයගේ හැසිරීම පාලනය කරන්න කියලා. නැතිනම් බුද්ධාගම නැති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි අපිමයි (බ)

:       0       0

දිනේෂ් Thursday, 28 January 2016 09:15 PM

ඉස්සර තදබල දේශපාලන උණක් තිබුනා. දැන් අනුන්ට මෙහෙම කියනවා. තමුන් කළදේවල් මතක නැති හැටි? (නි)

:       0       0

ලලිත් Thursday, 28 January 2016 09:33 PM

මේවා දිහා අපේ ශික්ෂාකාමී හාමුදුරුවරු පහන් සංවේගයෙන් යුතුව පන්සල් වලට වෙලා සංවේගයෙන් යුතුව බලාගෙන සිටිනවා. (නි)

:       0       0

ශානක Friday, 29 January 2016 08:31 AM

විජිත මහත්තයෝ එතකොට මෙයා කාටද කඩේ යන්නේ (කෞ)

:       0       0

රවී Thursday, 28 January 2016 10:23 PM

හාමුදුරුවෝ කියන දෙය සම්පූර්ණ ඇත්ත. විනයගරුක ශික්ෂාකාමි සඟ රත්නයක් ගැන කතාකළ කාලය අවසන්වෙලා. පටු ජාතිවාදයෙන් මිනිස්සු මුලාකරන සමහරු නීතියත් අතට ගන්න යනවා. වෛරය වපුරනවා. දැන්මම ජනතාව අවදි වුණේ නැත්නම් විශාල විනාශයක් වෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 January 2016 10:45 PM

බුද්ධ චීවරය දරාගෙන අපේ රට වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් ජීවිත කැපකළ සඟ පීතෘවරු මේ ශාසනයේ ඉඳලා තිබෙනවා. හැබැයි හෝමාගම වගේ වාග් ප්‍රහාරයන් භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)

:       0       0

පාල Thursday, 28 January 2016 11:48 PM

රට හිනස්සන්නේ නැතුව කරුණාකරලා, අපේ භික්ෂුන් වහන්සේලා සමගිව, එක අරමුණකට ආවා නම් නේද වටින්නේ? දේශපාලන පක්ෂවලට නොබෙදී, ඕනෑම දේශපාලකයෙකුට අවවාද දෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 29 January 2016 12:35 AM

නමුත් ගොඩක් අය කියන්නේ බණ නම් නොවෙයි බයිලා. (නි)

:       0       0

සචිත Friday, 29 January 2016 01:27 AM

තමන් පසුගිය කාලයේ කළ දේවල් තියාගෙනද මේ අනුන්ට හොඳින් හැසිරෙන්න කියන්නේ? (නි)

:       0       0

එඩ්වඩ් Friday, 29 January 2016 01:24 AM

අපි මේ ප්‍රකාශයට විරුද්ධයි (නි)

:       0       0

නිමල් ලලිත් Friday, 29 January 2016 09:17 AM

විජිත මහත්තය හොඳ සිහියෙන් රට වටේ ගොස් විපරම් කර බැලුවා නම් පෙනේවි සිංහල බෞද්ධ අයිතියට වෙලා තියෙන දෙය. (කෞ)

:       0       0

රන්ජිත් Friday, 29 January 2016 01:40 AM

මේ අය ඇත්තටම බුද්ධ ශාසනය විනාශ කරන්න තමයි හදන්නේ හාමුදුරුවනේ (නි)

:       0       0

චමින්ද Friday, 29 January 2016 01:42 AM

දේශපාලනය නිසා රටේ මිනිස්සු මරාගන්න හදනවා. මේ රටේ මිනිස්සු තවමත් වනාචාරියි. සාමයෙන් සමාදානයෙන් ඉන්න කැමැත්තක් නැහැ. අනුන්ගේ මතවාද ඉවසලා පුරුද්දක් නැහැ. නීතියට ගරුකරන ශිෂ්ට සම්පන්න සමාජයකට අවවාද අනුශාසනා දෙනවා වෙනුවට ගහමරාගන්න ගියාම ලෝකය සිතන්නේ හාමුදුරුවන් කියන්නේ භයානක අය කියලා. මේ නිසා බුද්ධාගම ගැන තිබෙන ගෞරවය මිනිසුන්ගෙන් නැතිවෙනවා (නි)

:       0       0

ශිරන්ති Friday, 29 January 2016 01:54 AM

ඔබවහන්සේලාගෙන් ශාසනයට රටට වෙලා තිබෙන සේවය මොකක්ද? අපිට ඒ ගැනත් කියන්න (නි)

:       0       0

අමල් Friday, 29 January 2016 01:59 AM

කතාව ඇත්ත. කරන දේ හොඳයි. නමුත් සිවුරට ගැළපෙන්නේ නැහැ (නි)

:       0       0

රාජා Friday, 29 January 2016 02:09 AM

දඹර අමිල හිමි කියන්නේ දේශපාලනය කරන කෙනෙක්නේ. තමන් හොඳින් ඉඳලා අනෙක් කෙනෙකුට හැසිරෙන හැටි කියන්න (නි)

:       0       0

රසින්ත Friday, 29 January 2016 02:03 AM

මොනවා කිවුවත් හරි දේ තෝරාබේරා ගත හැකි තරමට අද ජනතාව බුද්ධිමත් (නි)

:       0       0

රොෂාන් Friday, 29 January 2016 04:20 PM

විජිත , දැන් ලැජ්ජාව හින්ද කට වහන් ඉන්නවා වගේ , තව ටික කාලෙකින් බය හින්ද සිංහලයට කට වහන් ඉන්ඩ වෙයි.(කෞ)

:       0       0

ජයන්ත Friday, 29 January 2016 02:10 AM

මේ කවුරු කවුරුත් ගැන අපිට තේරුනේ ගොඩක් කලින්. (නි)

:       0       0

නුවන් Friday, 29 January 2016 02:21 AM

අර හසලක රණවිරු සීමාමාලකය එතනින් ඉවත් කරන්න ඕනෑ කියලා කෑ ගැහුවෙ කවුද කියලා මට මතක්වුණා. ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.... (නි)

:       0       0

ජනහිත Friday, 29 January 2016 02:46 AM

මේ වෙන දේවල් වල හැටියට මතුපිටින් පෙනෙන දේ ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. මේ සිද්ධීන් වලට හේතු සොයලා බලලා ඒවාට විසඳුමක් කවුරුත් එකතුවෙලා සොයන්න ඕනෑ. බුද්ධ පුත්‍රයින් හෝ නීතිය මෙහෙයවන්නන් හෝ ආවේගශීලි වුණොත් නිකම්ම පාතාල ගණයට වැටේවි. (නි)

:       0       0

කෝසල Friday, 29 January 2016 02:49 AM

එක ඇඟිල්ලක් ඉදිරියට දිගුකරද්දී තවත් ඇඟිලි හතරක් යොමුවෙලා තියෙන්නේ තමන්ගේම පැත්තට (නි)

:       0       0

ලකී Friday, 29 January 2016 03:07 AM

ඥානසාර හාමුදුරුවෝ රණවිරුවෝ නිසා මෙහෙම හැසිරුණා කියන එක කිසිසේත් අනුමත කළනොහැක. සාමාන්‍ය රණවිරුවෙකුට මෙහෙම හැසිරුණා නම් සරත් ෆොන්සේකා වෙනුවෙන් කොච්චර දේවල් කරන්න තිබුණද? (නි)

:       0       0

එරංග Friday, 29 January 2016 03:04 AM

අපි ඉන්නවා හාමුදුරුවනේ ඔබ වහන්සේ එක්ක (නි)

:       0       0

කරුණාතිලක Friday, 29 January 2016 03:19 AM

හාමුදුරුවරු දේශපාලනයට ඈදාගත් අය මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

මධූ Friday, 29 January 2016 03:31 AM

දැන්නම් අපිට හොඳටම ඇති වෙලා තියෙන්නේ මේ හාමුදුරුවොත් එක්ක. අපි දැන් පන්සල් වලට දානය දෙන එකත් නැවැත්තුවා මේ පසුගිය කාලේ වැඩ හින්දා (නි).

:       0       0

අහිංසා Friday, 29 January 2016 03:49 AM

මෝහයෙන් අවිද්‍යාවෙන් අන්ධවුණ මේ මන්දබුද්ධික සමාජය ගැන මහා සංවේගයකි උපදින්නේ. මේ උතුම් දර්ශනය ප‍ටු ලෞකික වින්දනයන් උදෙසා භාවිතා නොකරන්න. බෞද්ධ යැයි උදම් අනන ඔබ සැබෑ බෞද්ධදැයි හදවතට තට්‍ටු කර අසන්න. ධර්මය විකෘති නොකරන්න. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 29 January 2016 03:52 AM

අවසර හාමුදුරුවනේ, 1815 ඔබ වහන්සේ හිටියා නම් ශ්‍රී සුමංගල හාමුදුරුවන්ටත් ඔබවහන්සේ මේ කතාවම කියනවාද? අපේ ලොකු හාමුදුරුවෝ නම් කිවුවේ රට වෙනුවෙන් කතාකරන එක බෞද්ධ භික්ෂුවගේ වගකීමක් හා යුතුකමක් කියලා. (නි)

:       0       0

කුමාරි Thursday, 28 January 2016 03:17 PM

සිවුරු ඇදගෙන සිටින සමහර උදවිය ගේ කතා විලාසය මහණ කෙනකුට කිසිසේත් වටින්නේ නැත. (බ)

:       0       0

නිම්මි Thursday, 28 January 2016 03:19 PM

යහපාලනේට කඩේ ගියා මදිවට තව කතා කරනවා. දැන් දෙන්නත් එපා සිංහලුනේ. (බ)

:       0       0

දහම් Thursday, 28 January 2016 03:29 PM

මෙයා මැරෙන තුරු උපවාසයක් පටන් ගත්ත නේද කලකට ඉස්සර. එ්ක භික්ෂු විනයට එකගද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2319 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3216 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site