(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ඇමෙරිකානු ඩොලර් විසි තුන් ලක්ෂයක් වටිනා දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 6323 ක් පසුගිය කාලයේදී නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ආයතන අසූ නවයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතික ලබා නොගෙන 2019 -2021 අතර කාලයේදී අවස්ථා 1014කදී දුඹුරු සීනි ගෙන්වා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ.
මේ අනුව දුඹුරු සීනි සම්බන්ධයෙන් ඒ කාල සීමාවේදී විස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර ඇත්තේ අවස්ථා 49කදී පමණක් බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර ලියාපදිංචි නොවූ නිෂ්පාදන ආයතන තිස් එකක් යටතේ ඇමරිකානු ඩොලර් කෝටි නවයකට වැඩි වටිනා ටින් මාලු බහාලුම් හතළිස් තුන් ලක්ෂයක් පමණ ගෙන්වනු ලැබුවද මෙම ටින් මාළු සඳහා සවිස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.
නිෂ්පාදන ආයතන 36කින් අවස්ථා 1522 කදී සන්නාම හතළිස් අටක් යටතේ ටින් මාළු ගෙන්වා තිබූ අතර නිෂ්පාදකයන් පස්දෙනකු සන්නාම විස්සක් සඳහා පමණක් ලියාපදිංචි වී තිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
ආනයනික භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමැතිය මත වන බැවින් ප්‍රමිති ආයතනය පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ආනයනය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවන බවට තහවුරු කරගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශකයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බව විගණන අංශ නිරීක්ෂණය කර ඇත.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරික්ෂා නොකර වෙළෙඳපොළට යවලා
ravin Saturday, 24 September 2022 10:05 AM
මෙවැනි දේට වගකිව යුත්තන් කවුද? දූෂණයද? හරක් රැළ නොසිටින්නේ මේවායින් කොටසක් කෙසේහෝ තමනුත් ආහාරයට ගන්න බව නොදැනද?
soma Saturday, 24 September 2022 12:48 PM
නියාමනයක් නොමැතිකමද? නැත්නම් වෙන පටලැවිල්ලක්ද? දන්න කෙනෙක් කියන්න....
පුරවැසියෙක්... Saturday, 24 September 2022 04:38 PM
රටේ සෑම අංශයකම කටයුතු නියාමනය කිරීමට රාජ්‍ය ආයතනයක් ඇති කොට, එය නියාමය කිරීමට පෞද්ගලික අංශයකට බාරදීම කළ යුතුයි. රටේ ඉහළ සිට පහළටම හරියට තිතටම කරනු ලබන්නේ දූෂණය සහ වංචාව පමණකි. එතෙක් බලා සිටිමු.
Gunasinghe Saturday, 24 September 2022 06:10 PM
බොහෝමයක් රාජ්‍ය ආයතන අපේ බදුමුදල් ගිලින සුදු අලි තමයි. නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය සහ තවත් ඒවා වගේ...
Bamunuarachchi Monday, 26 September 2022 07:08 AM
පාර්ලිමේන්තුවට අපි මිනිස්සු එවන විදිහ දැක්කාම දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරීක්ෂා නොකර වෙළෙඳපොළට යවන එක මහා දෙයක් නොවෙයි...