IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දිඹූලාගල විදුලිය කපයි: භික්ෂූන්ගේ ජීවිත අවදානමක

(නිමල් ජයරත්න)

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය  දෙවන වරටත්  අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ.

1954 අවධියේ සිට පාලකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, ගහන වලසුන් මැද වැඩ වාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නා හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන මෙම විදුලි බිල දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිසේත්ම ගෙවීමට තරම් ආධාර, මුදල්, නොලැබෙන බවත්, වෙනත් විහාරස්ථානවලට මෙන් තම විහාරස්ථානවලට ආධාර පරිත්‍යාග නොලැබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පෙර පාලකයන් මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලි බිල නිදහස් කර දෙන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ,

විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක්, පැමිණියද විදුලි ගාස්තු වැඩිමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගැනීමට නොහැකි බවත් එම බිල මාසිකව ආරණ්‍ය සේනාසනයට නොලැබෙන බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

 



අදහස් (28)

දිඹූලාගල විදුලිය කපයි: භික්ෂූන්ගේ ජීවිත අවදානමක

sriyal Thursday, 24 August 2023 09:38 PM

අතහැරීම නිවනට උපකාර වේ

:       42       38

බද්රානි Thursday, 24 August 2023 09:57 PM

අනෙක් ආගමික ආයතනවලට මේ විදුලි බිල් ගැටලුව නැත්තේ ඇයි...? ඒ අය දන්නවා අනුන්ගෙන් හිඟා නොකා තමන්ගේ විදුලි බිල කළමනාකරණය කර ගන්න. ආගමික ආයතන සංකල්පයෙන් බැහැරව, අනාත ළමා නිවාස, මහලු නිවාස වැනි සමාජයට වැඩදායි කාර්යයන් ඔවුන් විසින් කලත් මෙහෙම ලජ්ජා නැතිව හිඟා කනවා නම් අපි දැකලා නැහැ. සමහරවිට ලෝකෙට ප්‍රදර්ශනය නොකලාට ඒ ආගමිකයින් ඔවුන්ගේ ආගමික ආයතන වලට උපකාර කරනවා ඇති... තක්කඩි පුජකයින් තිරිහන් කරනවා වෙනුවට, මෙවැනි සාමනේර හිමියන් වැඩ වසන ආරාම වලට උදව් උපකාර කරපල්ලා බෞද්ධයිනේ.. කටින් නම් පින්වන්තයෝ... පොකට් එකෙන් ගානක් යද්දී ඇඟේන් ඇටයක් දෙනවා වගේ තන්හාවෙන් පිරිලා... අත්හැරීම ගැන කයිවාරු ගසමින්, බහිරවයෝ වෙලා හෝ මේ මහපොළොව බදාගෙන මතු ආත්මවල උපදින්නමයි පතන්නේ...

:       22       22

athula Thursday, 24 August 2023 10:01 PM

මේ පාලකයාට පාපයේ තරම තම පියාගෙන්ම බලා ගන්න පුළුවන් ඒත් තව තවත් මේ ඇමැතියා කර ගන්නේ පාපමයි. පව් පිං හඳුනන්නේ නැති හැටියක්

:       40       76

විජිත් Thursday, 24 August 2023 11:13 PM

ඔබ හරියටම හරි.., ඔබ කියන විදුලිය භාර උද්දච්ච ඇමතිගේ පියා තරුණ කාලේ ඉඳලා කරපු පව් වලට අදත් ඔහුගේම අසුචි ආහාරයට ගනිමින්, කාමරයකට කොටුවී අපාදුක් ගෙවයි.මේ ඇමතියා මේ කරන පව් වලට " මුළු රටේම " ජනතාවගේ අසුචි කමින් පිස්සන් කොටුවේ කාමරයක සිරකරුවෙකුවී සිටිතැයි දවසක ඔබට අසන්නට ලැබුනොත් පුදුම වෙන්න එපා , ඒ තමයි ඔහු මේ ආත්මයේදී කල පව් මේ ආත්මයේදීම " පල දෙන්නට පටන්ගැනීම ..."

:       15       20

swene Thursday, 24 August 2023 10:58 PM

ලොක්කාටම හරියන වධකයෙක්

:       9       17

Nimal ranasinghe Friday, 25 August 2023 02:10 AM

මෙන්න පෘතුගීසි අල්මේදා... බෝර්න් අගේන් වංශයෙන්

:       2       12

ajith Friday, 25 August 2023 02:40 AM

දේශපාලකයෝ විදුලිබිල ගෙවල නැත්නම්, ඒ අයගෙත් විදුලිය විසන්ධි කරනවද?

:       1       32

surath Friday, 25 August 2023 04:10 AM

බුදුදහම ලංකාවෙන් ඉවත් කිරීමේ පිලිවෙතට වත්මන් පාලනය මුල පුරලා

:       5       10

Nimal Friday, 25 August 2023 07:07 AM

තම දුරධාන්ත පියාට වැඩිය විශාල වන්දියක් මේ කාලකන්නි පුතාට ළඟදීම ගෙවන්න ලැබෙයි .එතෙක් ඔහුගේ පුහු මානය උදම්මාගෙන සිටියදෙන්

:       6       17

කසුන් Friday, 25 August 2023 07:09 AM

මේ යනවිධිහට ගිහියන්ට වෙන්නෙ දුක් මහන්සි වෙලා හම්බුකරන සේසතම පන්සල්වල කරන්ට් බිල ගෙවන්න දෙන්නයි

:       8       18

Asanga Friday, 25 August 2023 07:31 AM

කර්මය පලදෙනවිට සියල්ල සිදුවී හමාරවෙයි

:       5       10

ලුම්බිණි Friday, 25 August 2023 07:37 AM

මහමෙව්නා, උමන්දා වගේ සල්ලි හම්බ කරන තෙරුන් ඉන්න පන්සල් නරකද මේ ලයිට් බිල ගෙව්වා නම්. අඩු වශයෙන් පිනක් වත් කර ගන්න පුළුවන් නේ.

:       3       33

සුපුන් Friday, 25 August 2023 08:03 AM

කරන්ට් බිල ගෙවන්නෙ නැතුව ඉන්න ඔබවහන්සේ නාමල් රාජපක්ෂ නෙමේනෙ.

:       3       25

Perera Friday, 25 August 2023 08:17 AM

ශ්‍රියාල්, ඒ වුණාට විදුලිය කොහොමද අතහරින්නේ?

:       3       4

බෙන් Friday, 25 August 2023 08:18 AM

රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් එනවා කියන්නේ කොච්චර විදුලි පරිභෝජනයක්ද/නාස්තියක් ද ? දවාලටත් ලයිට් දාගෙනද කොහෙද ඉන්නේ. රටේ තත්වය (ඉඩෝරය, ආර්ථික අර්බුධය ) තේරෙන්නේ නැද්ද?

:       14       19

thusharaFriday, 25 August 2023 11:21 AM

ඇත්තටම දිඹුලාගල පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා ප්‍රමාණය වැඩි නිසා ලොකු ලයිට් බිලක් එනවා. නමුත් පන්සලට ආධාර ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. නරඹන්නවත් ලොකු පිරිසක් යැවෙන්නෙ නෑ. අවට ඉන්නෙත් ගොඩක් දුප්පත් දායක පිරිසක්. ඒ නිසා මේ ගැන සානුකම්පිතව බලන්න තිබුනා. පුලුවන්නම් ලක්ෂ ගානක බිලක් ගෙවල උදව් කරනවට වඩා එකතුවෙලා සූර්ය විදුලි පද්ධතියක් ලබා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

:       1       25

සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 August 2023 08:36 AM

රට හොරා කෑ දේශපාළු හැතිකරයේ අයගේ නොගෙවූ විදුලි බිල් තිබෙන බවට නිරතුරු පුවත් මැවෙනවා.ඒත්, ඒ දේශපාලුවන් ඒවා ගෙවූ බවක් දැනගන්නට නැහැ.ඒ වගේම නූගත් මදාවි නොහික්මුණු පුතුන්ට රොකට් යැවීමට රටේ මුදල් ඩොලර් මිලියන ගණන් නැති නාස්ති කළ බවට පුවත් මැවුණා.ඒ නාස්තිකාරවියදම් කරන අය ගැන,රටේ දේ හොරාකන අය ගැන වගේ වගක් නෑ. දහම වෙනුවෙන් දිවි පිදූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විදුලි බලය ලබාදෙන්න බැහැ.

:       3       17

sudu Friday, 25 August 2023 08:38 AM

ගෙවන්න බැරිනම් වෙන ක්‍රමයට දාන්න. මේක කියකිය ඉන්න ඕන නෑනේ... පාවිච්චි කරා නම් ගෙවන්න වෙනවාමයි. හැමෝටම සාධාරණයි... පන්සල්, පල්ලි, කෝවිල් කියලා නෑ.

:       4       16

Dinesh Friday, 25 August 2023 09:21 AM

අතහැරීම වෙනයි. ජීවිත අවදානම වෙනයි.

:       1       12

aravinda Monarawila Friday, 25 August 2023 09:32 AM

විදුලිය කැපිම වරදක්, විදුලි බිල නොගෙවා සිටීම ඊටත් වඩා වරදක්, විදුලි බිල් නොගෙව ඉන්න අවස්තාව දුන්නම අනිවාර්යෙන්ම අරපරිස්සමෙන් තොරව විදුලිය පාවිච්චි කරවා, ඒ නිසා අඩුඅදායම් ලබන අගමික විහාර වලට විතරක් සහන මිලකට විදුලිය දෙන්න වැඩපිලිවෙලක් යෙදිය යුතුය.

:       0       17

padmapriya Friday, 25 August 2023 10:01 AM

මහ රහතුන් බහුලකොට වැඩ සිටි දිනයෙත් විදුලිබලය තිබුනද? සුඛ දුක්ක නිස්සාරනයට කොහොම්ද විදුලිබලය උපකාර වෙන්නෙ?

:       7       3

Widtarathna Friday, 25 August 2023 10:03 AM

උදේ පහට හවස පහට පිරිත් පුදුම කරදරයක් ලමඉන්ට පාඩම් කරන්න නැහැ ලෙඩ්ඩුන්ට විවෙකිව ඉන්න පිරිත්වලින් සහ පන්සල් වලින් වෙන සෙවයක් නැහැ

:       0       0

Gunendra Friday, 25 August 2023 11:13 AM

මම හිතන්නේ සජිත් බිල ගෙවයි කියලා.

:       5       8

SurainFriday, 25 August 2023 12:18 PM

ඇයි ඔයා හැමදේම සජිත්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? එතුමා විපක්ෂයේ ඉඳන් කරන වැඩ ප්‍රමාණය ගැන පමණටත් වඩා වැඩියි...

:       6       5

Buddika Friday, 25 August 2023 12:21 PM

කාලකණ්ණි ආණ්ඩුවක්... ලොක්කා අදටත් උතුර, දකුණ මාරුවෙලාදවත් නොදැන එකතුවෙනවා. එයාගේ පාරේම ඇමැති පුතාත් යන්නේ. මේ පන්සල අති දුෂ්කර තැනක්... අස්ගිරි, මල්වතු, අනුරාධපුරයට ලැබෙන ආධාර මෙතෙන්ට ලැබෙන්නේ නැහැ. බහුතරයක් ඉන්නේ ආදිවාසී දරුවන් පැවැදි වෙලා...

:       1       6

Nilantha Gamage Friday, 25 August 2023 12:22 PM

පිං කැමැත්තෝ සෝලා විදුලි පද්ධතියක් සවිකිරීමට දායක වෙනු මැනව. අරමුදලක් පිහිටුවන්නේ නම් පළමු දායක මුදල මගෙන්...

:       1       10

බද්රානි Friday, 25 August 2023 01:57 PM

සමහරක්ගේ අදහස් දැක්කම හිතෙනවා හැම ගැටළුවකටම දේශපාලනය ගාවාගෙන ඇමැතිටයි, ජනාධිපතිටයි දොස් නගමින් පෞද්ගලික ගැටළු දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරන බව... මේ නොමනා, විදුලිපරිහරණයේ වගකීම් දරන්න ඕනා අදාළ ඇමැතිද...? එහෙම නැත්නම් රජයද..? ඔය කවුරු වගකීම දැරුවත් අවසානයේ මේ විදුලිබිල් මහජනතාවගේ කරපිටටම වැටෙන බව ලංකාවේ අම්බරුවන්ට නොතේරෙන්නේ ඇයි...? රජයට කිසිම සම්බන්ධයක් නොමැති ආගමික ස්ථාන වලට විදුලි බිල් සහන ලබා දිය යුතුද...? ආගම දහම විකුණගෙන කමින් ජීවිත සුඛවිහරණයේ යෙදෙන පූජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ රටේ මහජනතාවට පව් නොදී, ඒ ආගමික ආයතනවලට සම්බන්ධ දායකයින්ගෙන් හා බැතිමතුන්ගෙන් ඒ ආගමික ස්ථාන වල නඩත්තුව හා විදුලි බිල පිරිමසා ගන්නා ලෙසයි.. නැත්නම් මේක මහා කරුමයක්...!

:       2       7

kumaraFriday, 25 August 2023 04:22 PM

බද්‍රානිට පුදුම අමාරුවක් තියෙන්නේ බුද්ධාගම ගැන...

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1383 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2461 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 348 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1063 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9711 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3699 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site