(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙය දඹුල්ල පිල තරග හයකදී ලැබූ සිවුවැනි ජය වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.
දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 134 ක ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
අවිශ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්විය.
පළමුව පන්දුවට පහර දුන් ගෝල් පිලේ එකම සාර්ථක පිතිකරු වූ නායක දසුන් ශානක පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.
බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 14 ක් පමණක් දෙමින් කඩුල්ලක් දවාගනිමින් ගෝල් පිල අඩපණ කිරීමට සමත් විය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 133 (ටිම් ශීෆට් 15, දසුන් ශානක 36, දුෂාන් හේමන්ත 31/2) දඹුල්ල අවුරා පිල ඕවර 17.4 කදී කඩුලු 3 ට 134 (අවිෂ්ක ප්‍රනාන්දු 70, කුසල් මෙන්ඩිස් 18, සධීර සමරවික්‍රම 25, ලහිරු කුමාර 31/2)
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දඹුල්ල අවුරා පෙරමුණට එයි