IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දඹුල්ල උප පුරපති පුරපතිට ‘ගහයි‘

දඹුල්ල මහ නගර සභාවේ ප්‍රථම පුරපති ජාලිය ඕපාත මහතාගේ පාලනය අක්‍රමිකතා හා දූෂණවලින් පිරී ඇතැයි ද, නගරයේ හැම වැසියකුම රුපියල් 12000කින් පමණ ණයකරුවකු කර ඇතැයි ද පවසමින් උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න, නාගරික මන්ත්‍රීන් වන එච් එම් රූපසිංහ හා ඒ කේ අනුර බණ්ඩාර අද මාධ්‍ය හමුවක් පැවැත්වූහ. නගරාධිපතිට සන්ධානයේම දෙපිරිසක් මෙම ගැටුමට මැදිවී සිටිති.

රෝහල සතු ඉඩමකින් ඇළ මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමයකින් අක්‍රමිකතා සිදුවී ඇතැයි ද, නගර සභාව දැන් තිස් දෙකෝටියකට ආසන්න ණය ගෙන ඇතැයි ද ඔවුහු කීහ.

නගර සභා කැබ් රථ පෞද්ගලික පරිහරණයට ගන්නා බවත්, වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයෙන් ද නගර සභාවට ආදායම් අඩුවනු ඇති බවත් ඔවුහු චෝදනා කරති.

රජයේ ඉඩම් කොල්ලයක් ද සිදු වෙතියි ඔවුහු කියති. නගරයට කාණු පද්ධතියක් නැතැයි ද,  නගරාධිපති මහා මන්දිරයක් ඉදිකරතියි ද ඔවුහු කියති.

මේ චෝදනා සම්බන්ධයෙන් නගරාධිපති ඕපාත මහතා මෙසේ කියයි. ඔහු  සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

‘දඹුල්ල නගර සභාව සත පහක්වත් ණය නෑ. ප්‍රාදේශීය සභා කාලයේ ණය තිබුණා. ඒවත් එජාප කාලයේ ගත්ත ණය. රෝහල් ඉඩම දුන්නේ කාලයක් එහි පදිංචිව සිටි අයටයි.

ඇළ සංවර්ධනයේදී කිසිම හොර වැඩක් නෑ. නගර සභා වාහනයකින් කිසිම පෞද්ගලික වැඩක් කරන්නේ නැහැ. බස් පොළේ දැන්වීම් ප්‍රදර්ශනය නීත්‍යනුකූලව කළ වැඩක්. ‘

‘මම ගෙයක් හදනවා. ගේ හදන්න පටන් ගත්තේ නගරාධිපති වෙන්නත් ඉස්සෙල්ලා. හැබැයි වීදුරු ගෙවල්වලට වී අනුන්ට ගල් ගැසීම නුසුදුසුයි. ‘



අදහස් (0)

දඹුල්ල උප පුරපති පුරපතිට ‘ගහයි‘

ශ්‍රීමා Tuesday, 19 February 2013 05:44 PM

කොහොම හරි කමක් නැහැ කට්ටිය සමසමව බෙදාගන කන්න. (නදී)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 12:15 AM

මහ ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදන එක් එක් ඡන්ද කොට්ඨාස පරිහරණය කරන අයුරු සොයාබැලීමට ඒ ඒ ඡන්ද කොට්ඨාස වලින් විද්වත් කමිටුවක් පත් කළ යුතුයි.(නදී)

:       0       0

ප්‍රභාත් Tuesday, 19 February 2013 12:29 PM

දඹුල්ලේ නම් කිසිම සංවර්ධනයක් නැහැ. අතුරු පාරවල්වල අලි නාවන්න පුළුවන් වලවල් තියනවා. කොන්ක්‍රීට් තියා බොරලුවත් දාලා නැති පාරවල් නගරය කිට්ටුවෙම කොච්චර තියනවද? ඒ වුනාට තිත්තවැල්ගොල්ල පාරේ නම් තියන තට්ටු 2ක ගෙයක් හොඳට සංවර්ධනය වෙලා තියනවා ඇලෙන් ගත්ත කුඹුක් ගස් එක්ක. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 February 2013 01:21 AM

නිකන් ඉන්න එපා. කොහොම කොහොම හරි ගහපල්ලා තට්ටු ගෙවල්.(නදී)

:       0       0

සේන Tuesday, 19 February 2013 12:43 PM

මේ අය ඡන්දෙ ඉල්ලන්න කලින් කරපු රකියා සහ තිබුන වත්කමි බලන්න ඕනේ.(නදී)

:       0       0

වීරසිංහ Monday, 18 February 2013 05:17 PM

හරි වැරැද්ද ‍මොකක් වුණත් මට නම් සන්තෝෂයි. (නි)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 05:26 PM

ගහගෙන බලමුකෝ ඊලගට මොනවද වෙන්නේ කියලා.(නදී)

:       0       0

කිවි Tuesday, 19 February 2013 06:33 AM

ප්‍රශ්නයක් නැහැ. ඡන්දය දෙන්න ඕනෑතරම් ඉන්නවා මිනිස්සු. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 February 2013 07:02 AM

හොද අවංක, ධර්මිෂ්ට නගරාධිපති කෙනෙක්.(නදී)

:       0       0

රනිල් සේනානායක Monday, 18 February 2013 06:00 PM

අනේ මන්ද ඔයාල කියනවා අපි අහනවා (දී)

:       0       0

කුමාර Monday, 18 February 2013 06:45 PM

රටම පිස්සන් කොටුවක් වගේ (දී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:43 PM

වැරැද්දට මහත්වරුන් සේ නැගී සිටිය යුතුයි. (නදී)

:       0       0

පාලිත Tuesday, 19 February 2013 10:10 AM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

ශාන්තලාල් Tuesday, 19 February 2013 10:16 AM

අපි මේ ලිපිය ජනාධිපති කොමිසමට යොමු කරමු නේද?(නදී)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 08:13 PM

මණ්ඩලේ කචල් එකක් නිසා අපි ඕවට අත දමන්න කැමති නැහැ.(නදී)

:       0       0

හෂාන් Tuesday, 19 February 2013 10:55 AM

ඔන්න ඔහොමලු උනේ (දී)

:       0       0

හිල්මි Monday, 18 February 2013 09:25 PM

ගම් වලට මොන මහ නගර සභාද? (නි)

:       0       0

සුරංග Monday, 18 February 2013 09:29 PM

දඹුල්ලට මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

බණ්ඩා Monday, 18 February 2013 09:37 PM

ඔහොම යමු. ඔහොම යමු. (නි)

:       0       0

රොහාන් Monday, 18 February 2013 09:39 PM

අපේ රටේ දේශපාලඥයෝ වැඩියි. (දී )

:       0       0

කමල් Monday, 18 February 2013 09:38 PM

දැන් දේශපාලනයේ සුදනෝ නැහැ. (නි)

:       0       0

රනා Tuesday, 19 February 2013 04:23 PM

ගෝලයා ගුරුවරයාට ගැහුවා වගේ (දී)

:       0       0

මුතුකුඩ Monday, 18 February 2013 09:55 PM

දඹුල්ලේ හැමදාම කචල්. (නි)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 11:45 AM

දැන් ඔක්කොම අනිත් පැත්ත වෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 146 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 248 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 147 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 392 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1010 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1361 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38865 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site