IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘දඹුල්ල බෞද්ධ උරුමයක් : ලෝක උරුමයක් නොවේ‘

රන්ගිරි දඹුලු රජමහා ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින  බව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එරීනා බොකෝවා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දඹුලු විහාරිය මහා සංඝරත්නය පැවසූයේ දඹුල්ල බොදුනුවන්ගේ උරුමයක් මිස ලෝක උරුමයක් නොවන බවයි.

විවිධාකාරයෙන් බෞද්ධ ස්ථාන විනාශ කළාට දඹුල්ල විහාරය අතීතයේ සිටම මහා සංඝරත්නය විසින් ආරක්ෂා කරගෙන ආ බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ කියති.

වත්මන් විහාර භාරකාර අඹගස්වැව රාහුල නා හිමියෝ කිවේ දඹුලු රජමහා විහාරය බොදු උරුමයක් විනා ලෝක උරුමයක් නොවන නිසා ඉදිරියේදී මහා සගරුවන සමග දඹුල්ල ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් සකසන බවයි.



අදහස් (0)

‘දඹුල්ල බෞද්ධ උරුමයක් : ලෝක උරුමයක් නොවේ‘

බණ්ඩාර - කැකිරාව Saturday, 20 August 2016 03:33 AM

ආගමික ස්ථාන වලට යන දේශීය හෝ විදේශිකයන්ගෙන් කිසිම ,මුදල ය නොකලයුතුය .ඔවුන් කැමැත්තෙන් ආදර දෙන්නම් ඒවා ලබාගන්න නිසි ක්‍රමවේදයක් සකසන්න. පන්සල් වලට යන්න ටිකට් ගන්න ඕනනම් ,එක අපේ බුදු දහමට හා එහි දර්ශනයට පටහැනි ක්‍රියාවකි .අපේ පන්සල සුරකින්නේ අපි විසින්මයි එහෙම නැතිව යුනෙස්කෝවනම් නෙමයි.(රේ)

:       0       0

සුපුන්‍ Friday, 19 August 2016 11:57 AM

වරදක් වෙලා නම් එ්ක හදාගන්ට වැඩ කරනවා වෙනුවට ඕනෑම වරදක්, අඩුපාඩුවක් වහගන්නට අපේ රටේ උදවිය බටහිර විරෝධය පාවිච්චි කරන හැටි. කවදා හැදෙයිද අපි? ලෝක උරුමයක් වුණා හෝ නොවුණා හෝ නරකක් වෙයිද රැකගත්තොත්. (නි)

:       0       0

පාල Friday, 19 August 2016 11:54 AM

කොහේ ගියත් ඉතින් බේදනේ. අනවශ්‍ය ඉදිකිරීම් එහෙම වෙලාම නැද්ද. ඒවාට උත්තර දෙනවා වෙනුවට, වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට වෙනත් කතා..... (නි)

:       0       0

නීල් Friday, 19 August 2016 11:55 AM

ඔන්න ඔන්න සිංහල ‍බෞද්ධ සිංහ කතා පැන්නා එළියට. ඕනෑම වරදක් වුණ හැටියේම සිංහ කතා ටිකක් කියලා මඟහරිමු නේද? (නි)

:       0       0

සුසිල් Friday, 19 August 2016 02:41 PM

ලංකාව තියෙන්නෙ ලෝකය තුල මිසක් ලෝකය තියෙන්නෙ ලංකාව ඇතුලෙ නොවෙයි. (අ)

:       0       0

සහාන් Friday, 19 August 2016 02:45 PM

ලෝක උරුමයක් වුණොත් ඔය විදියට විකුණගෙන කන්න බැහැනේ , අදටත් හාමුදුරුවෝ කරන්නේ සුද්දට ගල පෙන්නන්න දාස් ගානක ටිකට් එකක් කඩන එකනේ (අ)

:       0       0

කින් බෙනට් Friday, 19 August 2016 02:53 PM

මට නම් හිතෙන්නේ ඕක දැන් ඔය දෙකටම නැතුව පොඩි කණ්ඩායමකගේ උරුමයක් බවට පත්වෙලා බවයි . (අ)

:       0       0

නිරාජ් Saturday, 20 August 2016 01:21 PM

බණ්ඩාරගේ කතාව හරියට හරි.විදේශිකයන්ගෙන් මුදල් ගරා කෑම බෞද්ධ ආගමට කරන අවනම්බුවක් .හැම විදේශිකයෙක්ම සල්ලි කාරයෝ නොවේ (රේ)

:       0       0

ශශික Friday, 19 August 2016 05:36 PM

දඹුලු විහාර ගෙවල් පෙන්නා මුදල් සෙවීම අනුමත කළ නොහැකිවා මෙන්ම අපි වෙහෙර විහාර සජීවී බෞද්ධ සංස්කෘතික උරුමයන් විනා පුරාවස්තු පමණක්ම නොවනබව තේරුම්ගත යුතුය. (නි)

:       0       0

නිරාජ් Friday, 19 August 2016 06:38 PM

දඹුල්ල නොමිලේ බලන්න පුළුවන්. යුනෙස්කෝ පාලනය කරන සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුර බලන්න සල්ලි ගෙවන්න ඕනෑ පිටරට ඉන්න අයට. (නි)

:       0       0

සෝමදාස Friday, 19 August 2016 06:33 PM

මට නම් තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා (නි)

:       0       0

නිරාජ් Friday, 19 August 2016 09:18 AM

හාමදුරුවනේ යන්න ඉදිරියට තුරුණුවන්ගේ සරණයි .(හේ)

:       0       0

සේරම් Friday, 19 August 2016 09:24 AM

ලෝක උරුමයක් වුණොත් අදායම වලකෙනවනේ නේද .(අ)

:       0       0

රසික Friday, 19 August 2016 09:43 AM

කාගේ උරුමයක් වුනත් යුනෙස්කෝවේ ඇත්තෝ කියන්නේ පැරණි දේ විනාශ වෙන්න නොදී ආරක්ෂාකරගන්න කියලයි. (හේ)

:       0       0

සෑම් Friday, 19 August 2016 10:08 AM

ලෝක උරුමයක් ලෙස නම් කල ස්ථානත් (බාමියන් ප්‍රතිමා වැනි ස්ථාන ) විනාශ කළා. . නමුත් ඒවා වැනසුවේ ත්‍රස්තවාදීන් ලෙස මුළු ලොවම පිළිකුල් කල පුද්ගලයින් විනා ඒවායේ ආරක්ෂයින් ලෙස පෙනී සිටින්නවුන් නොවේ . (හේ)

:       0       0

අමල් Friday, 19 August 2016 10:43 AM

ඇයි ලෝක උරුමයක් නොවන්නේ.(හෙ)

:       0       0

අසෝකා Friday, 19 August 2016 11:22 AM

අපේ රටේ තියෙන දේවල් ලෝක උරුම වුනත් අපේ උරුම වුනත් ටික කලක් යනකොට දේශපාලකයින්ගේ හෙන්චයියලට ඕනේ විදියට උරුමේ පාවිච්චිකරන්න ගිහින් විනාශ කරනවා. පෙන්නේ නැද්ද මේ කලින් තියෙන සිගිරිය ගැන ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1194 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2155 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site