(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලොක ලූනු ගොවියෝ පවසති.
පසුගිය දින කිහිපයේ දේශීය ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රුපියල් 85 සිට රුපියල් 130 දක්වා පැවති බවත්, කොරෝනා සිද්ධිය සමග දේශීය ලොකු ලූනු සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් අද (07) පෙරවරුවේ සිට දේශීය ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 200 සිට රුපියල් 240 දක්වා වූ ඉහළ මිලකට අලෙවි වන බවත් ගොවීහු කියති.
මෙවර දේශීය ලොකු ලූනු වගාවට හඳුනා නොගත් රෝගයක් බෝවීම නිසා සාර්ථක අස්වැන්නක් නොලැබී ගොවීන් අසීරුතාවයකට පත්ව සිටි කාලයක කිලෝවකට රුපියල් 240ක් වැනි ඉහළ මිලක් ලැබීම නිසා යම් මට්ටමකින් තමන්ට ණයතුරුස් ගෙවාගෙන සතුටෙන් ජීවත් වීමට හැකි බව දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ සිටම ගොවීන් විශාල වශයෙන් තම අස්වනු අලෙවි කිරීම සඳහා රැගෙන එන ආකාරය දැක ගැනීමට හැකිවිය. ගොවින් කියාසිටියේ වසර කිහිපයකට පසු තමන්ට වචනෙකින් හෝ සතුටු වීමට හැකිවන පරිදි ලොකු ලූනු සඳහා හොඳ ඉල්ලුමක් සහ මිල පවතින බවය. විදේශීය ලොකු ලූනු තොග ද යම් මට්ටමකින් වෙළඳපොලේ පැවතියද ඒවා ප්‍රමාණවත් නොවීම නිසා තම අස්වනු වලට ඉහළ මිලක් ලැබෙන බවත් ගොවීහු පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ දේශීය ලොකු ලූනු ගොවියාට කලකට පසු අතමිට සරුවන හොඳ මිලක් ලූනු සඳහා ලැබී ඇති බව ය. බොහෝ ගොවීන් දේශීය ලොකු ලූනු වගාව අතහැර දමා තිබුණු අවස්ථාවක සාධාරණ මිලක් ලැබීම නිසා ඉදිරි කන්නවල වගා කිරීම සඳහාද මෙම මිල විශාල උත්තේජනයක් වනු ඇති බවද වෙළෙන්දෝ පෙන්වා දෙති.
පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග ද වෙළඳපළේ යම් මට්ටමක් පවතී. ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල ද රුපියල් 140ක් යටතේ අලෙවි වන බවත් එහෙත් දේශීය ලොකු ලූනු සඳහා වෙළෙන්දන්ගේ වැඩි ඉල්ලුමක් පැවතීම නිසා මිල ඉහළ ගිය බවත් ඔවුහු පෙන්වා දෙති.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන්
saminda Wednesday, 07 October 2020 09:21 AM
හුඟ කාලෙකින් අහන්න ලුබුණු හොඳ පුවතක්...
kumara Friday, 09 October 2020 11:07 AM
දැන් සැපද?
sampath Friday, 09 October 2020 11:13 AM
ගොවියා වගේම පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕනේ.. ඒ නිසා මේක හොඳ ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද? මිනිස්සු ළූණු ග්‍රෑම් 100ක් 250ක් ගන්න ලොකු මුදලක් වියදම් කළාම සම්බෝලයක් එක්කවත් කන්නේ කොහොමද?
mahinda Sunday, 11 October 2020 09:13 AM
කෝ දැන් සැපද අහපු අය?