IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දඹුලු කුණු ලූනු පදවි වැසියන්ගෙ බඩේ

කෑමට නුසුදුසු නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කියට දමන ලොකු ලූනු සෝදා පදවිය වැනි පළාත්වලට යවන සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මහ නගර සභා විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා අද සමත් විය.

ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ ඔත්තුවක් අනුව එහි ගිය විපක්ෂ නායක වැඩේ අතටම අල්ලාගෙන නගර සභා සෞඛ්‍ය පරීක්ෂක ජී.අත්තනායක මහතා කැඳවීය. ලොරියකට පටවා තිබූ කුණු ලූනු යළි කුණු බක්කියට දමන ලෙස ඔහු ලොරියේ සිටි අයට දන්වා කිසිම රාජකාරියක් නොකර පිටවී යන්නට ගියේය. එහි පැමිණි එසැණ මාධ්‍යවේදියා ඔහුගෙන් ඒ බව ප්‍රශ්න කළේය. සෞඛ්‍ය පරීක්ෂක පැවසූයේ වෙනත් රාජකාරියකට යායුතු හෙයින් එසේ කී බවයි. පසුව ඔහු දුරකථනයෙන් සඳහන් කළේ එම පිරිසට නඩු පවරන බවයි. කරන දෙයක් තමා බේරා කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ආර්ථික මධ්‍යස්ථානයේ කුණු බක්කිවලට දමන කුණු ලූනු ආදිය රැගෙන යන පිරිස් ගැන මීට පෙරද බලධරයන්ට පැමිණිලි කළ නමුත් වැඩක් නොවූ බව කියති.

DSC05010 DSC05011 DSC05015

DSC05020

 



අදහස් (0)

දඹුලු කුණු ලූනු පදවි වැසියන්ගෙ බඩේ

බන්දු Sunday, 19 October 2014 11:43 AM

ඕක ලොකු වැඩක් නෙමේ අාස්චර්යට යන ගමනට සහයෝගය දීමක් හැටියට කුණු ටිකකුත් අපි හැමෝටම කන්ඩ වෙනවා. (නදී)

:       0       0

පද්මිණී Sunday, 19 October 2014 12:09 PM

අනේ ඔය අධිවේගී පාරට දාල කෙලින්ම අර දියවන්නා හෝටලේ ගාව බස්සවන්නකෝ. එහෙ තමා ජරාව කන්න කැමති අය ඉන්නේ. (නදී)

:       0       0

චතු Sunday, 19 October 2014 09:19 AM

කවුද මේ අරන් යන මිනිස්සු ? පරීක්ෂක එයාලට බය ඇයි ? එයාව ගෙදර යවන්නයි ඕනේ ඉස්සෙල්ලම. මිනිස්සු වකුගඩු රෝගීන් වෙන්නේ මේකයි (නදී)

:       0       0

සෑම් Sunday, 19 October 2014 09:25 AM

කුණු ඉන්ස්පැක්ටර් කියන නම හරියටම ගැලපෙනවා. (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 09:29 AM

අපි කන තරමක් කන්නේ කුණු කරන තරමක් කරන්නේ බලු වැඩ. මේ රට මෙතනින් ගොඩ ගන්න පුළුවන් කවදාද කාටද ? (නදී)

:       0       0

වජිර Sunday, 19 October 2014 08:32 PM

ගොවියා දුක් මහන්සිවී මේවා නිපදවන්නේ කුණුගොඩට දමන්න නොවේ. (නි)

:       0       0

සේන Sunday, 19 October 2014 09:51 AM

මේ ඉන්ස්පෙක්ටර් ඉස්සර වෙලා කුනු ගොඩට දාන්න ඕනා. (නදී)

:       0       0

ජීවන්ත Sunday, 19 October 2014 10:18 AM

වැඩේ අයිතිකාරයා "කුනු පරීක්ෂකම" වෙන්න ඇති. (නදී)

:       0       0

රංගන Sunday, 19 October 2014 10:19 AM

අසරණ මිනිස්සු කන බොන දෙයට මෙහෙම අපරාධ කරන අයට ‍හොදක් වෙන්නේ නැහැ. මොකද මේවා පොලවල් වලින් ගන්නේ ධනවතුන් නෙමෙයි. ආන්ඩුවෙ පඩි ගන්න වේල යන්තම් පිරිමහ ගන්න දුක් විදින අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අපි මේවා සල්ලි වලට අරන් ගිහින් දරුවන්ට උයලා කන්න දෙන්නේ හොදයි කියලා හිතලා. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 10:21 AM

පසුගිය දවසක දේශපාලකයෙක් ප්‍රසිද්ධියේ කිව්වානේ මාද්‍ය කුණු අවුස්සනවයි කියලා. ඔව් කුණු අවුස්සනවා තමයි. එහෙම නැත්නම් මෙවැනි ක්‍රියා රටට හෙළි වෙන්නේ නැහැ. මේ පිලිබදව,අපේ ලංකාදීප මාද්‍ය සොහොයුරාට, අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

ලසන්ත හේරත් Sunday, 19 October 2014 10:22 AM

දෙන්න පුළුවන් උපරිම දඩුවම් මෙයට සම්බන්ධ හැමෝටම දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සල්ලි දීලා බඩු ගන්න මිනිස්සුන්ට ජරාව කවන්න කාටවත් මොනම හේතුවක් නිසාවත් අවසර නැහැ. කවුද කැමති අතේ තියෙන පිච්චිය දීලා ජරාව ගෙනත් කන්න. දරුවන්ට දෙන්න. මෙය අල්ලා දුන් අයට ස්තුතියි. කරපු අයට නිසි දඩුවම් නොපමාව ලබා දෙන්න. නැත්නම් රට හදන්න බැහැ මින් ඉදිරියටත්. (නදී)

:       0       0

රත්න Sunday, 19 October 2014 10:22 AM

රාජකාරියකට නෙමේ "ජරා කාරියකටයි" හදිසියේම යන්න ඇත්තේ. (නදී)

:       0       0

සල්ගාදු පෙරේරා Sunday, 19 October 2014 10:28 AM

අනුන් ගැන හිතක් පපුවක් නැති මිනිස්සු. තමන්ගෙ අතට කියක් හරි එනවා නම් අනික් මිනිස්සුන්ට වහ හරි කවයි. මේවාට ඇති නිති තදින් ක්‍රියාත්මක කරන්න. නැවත මෙවැනි දේ රටේ ඇති නොවෙන්න. කවුද කැමති කුනු වෙච්ච දහ ජරාව කන්න? (නදී)

:       0       0

පතිරණ Sunday, 19 October 2014 10:28 AM

රංගන මහත්තයාගේ කතාව ඇත්ත. නීතියක් නැති රටේ අපි වගේ දුප්පත් මිනිස්සු කොච්චර අසරණ වෙලාද? (නදී)

:       0       0

ඒබ්‍රහම් Monday, 20 October 2014 12:00 AM

වැඩ තහනම් කරන්න ඉක්මනින්. ඔය වගේ මිනිස්සු හිටියොත් මුළු රටම ලෙඩ වලින් පීඩාවිඳිනවා (නි)

:       0       0

සෙනරත් Sunday, 19 October 2014 10:31 AM

මේවාට මතක හිටින , අනික් අයටත් ආදර්ශයක් වෙන දඩුවම් ලබා දෙන්න". සමාජයට කුණූ වෙච්ච, නරක් වෙච්ච දේවල් කැවීම බරපතල වරදක්. අනික නිකං දෙනවත් නෙමෙයි. මිනිස්සු සල්ලිත් දීලයි මේ කුනු කන්න ගෙනියන්නේ. (නදී)

:       0       0

ශාන් Sunday, 19 October 2014 10:34 AM

මේවා මොනවාද ඉස්සර නුවර මාර්කට් එකේ කුණු ගොහාගොඩ කුණු ගොඩට දැම්මට පස්සේ හවසට කුණු ගොඩෙන් ගත්තු එළවලු කටුගස්තොට පාලම ලග වික්කේ (නදී)

:       0       0

දිනේෂ් Sunday, 19 October 2014 10:40 AM

මේවා මෙහෙම කරගෙන යන්න දෙන්න එපා. එහෙම උනොත් ලංකාව හැමදාම ඔතනම තමා. මේවාට තද නිති ගේන්න. හරියට ක්‍රියාත්මක කරන්න. පිට රටක එහෙම ඔහොම දෙයක් කලා නම් ඒ මනුස්සයා සදහටම ඉවරයි. මොකද ගහන දඩය ගෙවලා ඉවර කරන්න බැහැ මේ ආත්මෙදි. ඒ නිසාම ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැහැ. (නදී)

:       0       0

යශෝධා Monday, 20 October 2014 12:46 AM

මේවා කෙළවරක සිටම නිවැරදි කිරීමට පටන්ගත යුතුයි (නි)

:       0       0

සමන්ති Monday, 20 October 2014 12:58 AM

මෙම කුණු වලලා දැමිය යුත්තේ දඹුල්ල මහනගර සභාවයි. අනිත් කාරණය ලුණු පිරිසිදුකර විකිණීමට ගෙන ඒම වෙළෙන්දන්ගේ වගකීමක්. (නදී)

:       0       0

ශානිකා දි සිල්වා Sunday, 19 October 2014 10:48 AM

හැම වැරැද්දම එකපාර හදන්න බැහැ. අල්ලා ගත්ත වැරැද්ද නිවරැදි කරන්න. මේවා නැවත මේ ලක් පොලොවේ සිදු නොවීමට වගබලා ගත යුතුයි. මෙය අතිශය බරපතල වැරැද්දක් මුළු සමාජයටම කළ. (නදී)

:       0       0

සිරිනාම කටාර් Sunday, 19 October 2014 11:05 AM

ලංකාදීප කාංචන කුමාර ආරියදාස මහතා කරන සේවය අපි අගය කරනවා. දෙන්න එපා හොරුන්ට ජරා වැඩ කරන්න. (නදී)

:       0       0

වීරා Sunday, 19 October 2014 11:10 AM

ඇයි නම් දාන්නේ නැත්තේ ? ඒකයි මේවා නවත්තන්න බැරි..මෙහෙම හංගන්නේ ලංකාවේ විතරයි ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 60 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 473 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 245 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 356 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1115 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2900 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site