IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දඹුලු ඡන්දෙට ගිහින් තලගොයිත් මරති

දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද නිලධරයෝ පිරිසක් ඡන්දයෙන් පසු ඉබිබන්කටුවේ  හෝටලයක් අසල සාදයකට හවුල් වුහ.

මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා කියයි.

ඡන්ද නිලධරයන් හා ඡන්දයෙන් අලුතින් පත්වු සභිකයන් මේ පාටියට පැමිණි බව දැක ගත හැකි විට .රජයේ වාහනය ගහක් යට නවතා ඔවුහු තැන් දෙකක මත් පැන් බොමින් සිටියහ. එසැණ එහි යනු දුටු  දඹුල්ල සමුපකාර සේවකයෙක් එසැණ කැමරාවට ගහන්නට ගත් උත්සාහය අසාර්ථක විය.

 සමුපකාර පරීක්ෂක ඩබ්ලිව්.එම් වර්ණසුරිය මහතාද එහි සිටියේය. සමුපකාර ඡන්දයේ අක්‍රමිකතා පැවති බව එක් නිලධරයෙක් පිළිගත්තේය. මාතලේ දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස් ඩබිලිව්.එම් චන්ද්‍රරත්න මහතා පැවසුවේ දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත් වු බවයි.‘‘ අපි දඹුල්ලේ කාරක සභා ඡන්දය පැවැත්වුවා. ඇතැම් ස්ථානවලින් වාර්තා වූ  අක්‍රමිකතා සොයා බැලුවා.   රාජකාරී අවසන් වෙලා පොඩ්ඩක් ගත්තා. අපි ඒ වරද පිළිගන්නවා. එතැන සමුපකාර සේවකයන් ද, අලුතින් පත් වූ කාරක සභිකයන් ද   අපේ සමුපකාර පරීක්ෂකවරුන් එහි සිටි බව දැකගත හැකි විය.

‘හැබැයි අපි සාධාරණව කාරක සභා පත් කරන්න වැඩ කරනවා‘ ද ඔහු කියයි.

 



අදහස් (0)

දඹුලු ඡන්දෙට ගිහින් තලගොයිත් මරති

අතපත්තු Monday, 08 April 2013 12:07 PM

නසාර් ,ඉල්ලගෙන නා ගන්නවා කියන්නේ මේවට. කිසිම ආගමකට අගෞරව කරන්න එපා , මිහිපිට පල දෙනවා. මිනොලිටත් එක්ක මේ කියන්නේ. (නි)

:       0       0

සේන Sunday, 07 April 2013 11:19 PM

මෙයාල විතරක් නෙමෙයි, දඹුල්ලේ තව ලොකු ලොකු ඇත්තෝ නගර සභාවේ නිල වාහන එයාලගේ වගේ පාවිච්චි කරනවා. (නි)

:       0       0

අජිත් Monday, 08 April 2013 12:17 PM

ලංකාදීපයට ගහන්න හැදුවේ මොකටද (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 April 2013 12:19 AM

වෙන වෑඩ නෑත්ද අපේ දේවල් හොයන්නෙ. අපි මේ රෑඩිකල් පාලනයක් ගෙන එන විදිහක් ගෑනයි මෙතන කතා කරන්නෙ. නිකන් යන්න මනුස්සයො යන්න. ඈයි මීට කලින් අපි බොනව දෑකල නෑත්ද?(නදී)

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2013 12:25 AM

කෙලින්ම ඉවත් කරලා දාන්න ඕන. නැත්නම් සමුපකාරය දියුණු කරන්න බැහැ. මහ ඇමති තුමනි මෙය ඔබේ වගකීමක්.(නදී)

:       0       0

තිසල් Monday, 08 April 2013 12:46 PM

මහා අය හිටගෙන කරනකොට පොඩි එවුන් දුව දුවා කරනවා කියනවනේ. ඉහළ සිට පහළටම දුෂණය වංචාව මගඩි නැවැත්විය යුතුයි. ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් යැයි දිය කෙලියේ ...කිවුවලු. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 08 April 2013 01:22 AM

අනේ මේ පොඩි දේවල් අපි අමතක කරමු මේ බක් මහේ, දැන් ඉඳන් පොඩ්ඩක් ගත්තොත් තමයි ලබන සතිය වෙනකොට පදන් වෙන්නේ, මේගොල්ලෝ බක් මහ උළෙල දැන්ම පටන් අරන් වගේ.(නදී)

:       0       0

චූලා Monday, 08 April 2013 01:52 AM

සේනාවට කීව්වද.?(නදී)

:       0       0

රාජු Sunday, 07 April 2013 03:50 PM

මේක යකාගෙ කතාවක්නෙ. ‘අපි පොඩ්ඩක් ගත්තා තමා. හැබැයි සාධාරණව කාරක සභා පත් කරන්න වැඩ කරනවා.(නදී)

:       0       0

පුබුදු Monday, 08 April 2013 02:07 AM

සමහර මෝඩයෝ හැම දෙයකටම බොදු බල සේනාව ගෙන කියවනවා. අදාළ දෙයක් නම් කමක් නැහැ (නි)

:       0       0

ගාමිණී Sunday, 07 April 2013 04:07 PM

වැහෙන්න යන සමූකාර නිලවරණයත් ඡන්දයක්ද?(නදී)

:       0       0

ඩිරාම් Sunday, 07 April 2013 04:05 PM

නිකන් බොරුවට තවත් ගනනක් වියදම් කරල පරීක්‍ෂන කරල වැඩක් නැහැ. ඇයි මේ ලංකාවේ හොර ජන්ද කෙරුවාව උනු පලවනි වතාවද?. (නදී)

:       0       0

නසාර් Sunday, 07 April 2013 04:13 PM

බොදු බල සේනා අවදි වන්න.(නදී)

:       0       0

අචිනි Sunday, 07 April 2013 04:19 PM

ඔබට ස්තුතියි.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 08 April 2013 01:37 PM

ලංකාදීපයට ගහන්නත් හදලා, මාර මිනිස්සු නේ (දී)

:       0       0

දයා Sunday, 07 April 2013 05:01 PM

මොනවද අනේ මේ කතා? අපි වැඩ අවසන් වෙලා පොඩි සතුටක් ගත්තහම ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 April 2013 06:05 AM

තිතට මත කියන්නේ මේකට. (නි)

:       0       0

මුතුකුඩ Monday, 08 April 2013 08:36 PM

ලංකාදීපයේ මහත්තුරුන්ට තියෙන ශක්තිය ඔය කැගහන හුග දෙනෙකුට නැහැ. නමුත් ලංකාදීප මහත්තුරුන්ට තීක්ෂණ බුද්ධියත් තැනට සුදුසු නුවණත් කැපවීමත් තිබෙනවා. බලන්න කිසි අවුලක් නොමැතිව ප්‍රශ්ණයක් විසදන ලස්සන. (නි)

:       0       0

රේග Sunday, 07 April 2013 05:38 PM

මෙන්න ඇත්ත. ඔක්කොම චන්ද ඔහොම තමා වෙන්නේ.(නදී)

:       0       0

ඩබ්ලිව් .ඇම්.කේ .සමරසේකර Sunday, 07 April 2013 05:38 PM

මුලු රටේම සමුපකාර ව්‍යාපාරය බේබද්දන්ගෙන් බේරා ගතයුතු කාලය පැමිණ ඇත. මේ බේබද්දන් සමුපකාර දෙපාර්තමේන්තුව තුල මෙන්ම සමුපකාර ව්‍යාපාරය තුලද පිරි ඉතිරි සිටිති .(නදී)

:       0       0

වරුණ Monday, 08 April 2013 07:17 AM

මේ වගේ ඉන්න ඔක්කොම හොරු.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 08 April 2013 07:36 AM

මට නම් හිතා ගන්න බැහැ මෙතන මොකද්ද සිදු වෙලා තියෙන වැරැද්ද කියලා. ඡන්දය වැරදි විදියට පැවැත්තුවා නම් ඒක ගැන හොයන එක හොඳයි. මේ අය ඡන්ද වැඩේ හරියට කරලා ඊට පස්සේ මත්පැන් පානය කරපු එක කොහොමද වැරදි වෙන්නේ? මිනිසුන්ට නිදහසේ ඉන්න අයිතියක් නැද්ද? ලංකාවේ කවුරුවත් මත්පැන් බොන්නේ නැද්ද? මේ අය මත්පැන් බීලා කලබලයක් කළා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න නීති තියෙනවා. (නි)

:       0       0

යොහාන් Sunday, 07 April 2013 05:57 PM

කට ගස්මටද තල ගොයා අරන් තිඑන්නේ.ඔය පැත්තේ හුගක් තලගොයි ඉන්නවා.(නදී)

:       0       0

දිසානායක Monday, 08 April 2013 07:59 AM

මැතිවරණ රාජකාරි වලට එන බොහෝ නිළධාරීන් ඔහොම තමයි. (නි)

:       0       0

ලසන්ත Sunday, 07 April 2013 06:01 PM

බොරුවට පරීක්ෂණ වලට මුදල් වියදන් කරන්න එපා. ඒක තවත් වියදමක්. මේකට සේනාව දාල කුණු බිත්තර පාරක් ගස්සන්න වැඩේ ඉවරයි.(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 07 April 2013 06:02 PM

රජයේ සේවකයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

මේවාවිතාරණ Sunday, 07 April 2013 06:04 PM

සාධාරණව තමා මත්පැන් පාවිච්චි කරලා තියෙන්නේ.(නදී)

:       0       0

සම්පත් Monday, 08 April 2013 08:52 AM

නසාර්, ඇයි "බොදු බල සේනාවට" මෙච්චර බය. කල්මුනේ නගර සබාවේ කටිටිය "බොදු බල සේනාව" තහනම් කරන්න යෝජනාවකුත් සම්මත කර ගත්තලු නේද?(නදී)

:       0       0

සරත් Sunday, 07 April 2013 06:38 PM

නසාර් හීහෙන්ද දොඩවන්නේ ඔයා නැගිටින්න .(නදී)

:       0       0

මිනෝලි Sunday, 07 April 2013 07:01 PM

මේ සේරම හොඳ බෞද්ධයෝ. මත්පැන් විකුණන අවන්හලෙත් අයිතිකරයා හොඳ බෞද්ධයෙක්ලු, හතර පෝයටම පන්සලට දානය දෙන. (නි)

:       0       0

කුරුවිට Monday, 08 April 2013 09:06 AM

නසාර්, ඒ ටිකත් හලාල් කරලා ගන්න කිවුවා නම් නරකද පිරිසිදු වෙන්න? (නි)

:       0       0

සනත් Monday, 08 April 2013 09:42 AM

අපි හිතුවේ පැපරාසි ඉන්නේ පිටරට විතරයි කියලා. නමුත් ලංකාදීප පැපරාසි කට්ටිය නියමි වීඩියෝව අන්තිම කොටසි අර පරිස්සක තුමා කන පැලෙන්න බිල.(නදී)

:       0       0

ප්‍රියංක Monday, 08 April 2013 09:46 AM

මේක ප්‍රගති සමාලෝචනය වෙන්න ඇති. කරුවත් වeරදියට හිතන්න එපා ? (ස)

:       0       0

ජයනෙත්ති Sunday, 07 April 2013 08:28 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)

:       0       0

ප්‍රගීත් Monday, 08 April 2013 09:52 AM

නසාර් බොදුබල සේනාවට පුදුම බයක්නේ තියෙන්නේ.(නදී)

:       0       0

අරුණ Sunday, 07 April 2013 08:24 PM

නසාර් මේක ලංකාව. සෞදි අරාබියාව නෙමෙයි. ඒක හොඳට මතක තියා ගන්න. අපි ජාතිවාදයට ආසා නැහැ. හැබැයි ආවොත් අරින්නෙත් නැහැ.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 08 April 2013 10:15 AM

මේ ඕන දෙයක් මාධ්‍ය උපකරණ පාලි නැහැ ඔය වැඩ වලට (දී)

:       0       0

සදුනි Sunday, 07 April 2013 09:11 PM

නිකන් බොරුවට බොදුබල සේනාවට කතා කරන්න එපා නසාර් මහත්තයා. අයුක්තියට එරෙහි වෙන්න ඔයාටත් අයිතියක් සහ වගකීමක් තියෙනවා නේද?(නදී)

:       0       0

චින්තක Monday, 08 April 2013 10:26 AM

කා හරි ලව්වා මේක නවත්වන්න බැරිද නසාර්?(නදී)

:       0       0

පෙරේරා Monday, 08 April 2013 04:19 PM

ඉර්ශාර්ඩ්, ඔයා ඇතිතරම් ඌරුමස් කන්න. අපි විරුද්ධ නැහැ (නි)

:       0       0

සුනිල් Monday, 08 April 2013 11:03 AM

හරි වැඩක්නේ . වැඩේ ඉවර උනාම කවුරුත් බොනවා තමයි. මේක මහා ලොකු දෙයක් ද? (නදී)

:       0       0

ඉර්ෂාඩ් Monday, 08 April 2013 11:07 AM

අපිට මස් කන්න හොද නැහැ. එයාලට හොදයි.(නදී)

:       0       0

පුෂ්පා Monday, 08 April 2013 04:38 PM

මම හිතන්නෙ නැහැ මෙතන මේ තරම් කෑ ගහන්න දෙයක් වෙලා කියලා. නමුත් මම දන්නෙ නැහැ බීමත්ව රිය පැදවීම සහ රජයේ වාහන පාවිච්චි කිරීම මොන විදිහටද සළකන්නෙ කියලා නම්. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 07 April 2013 09:51 PM

නසාර්, අපේ හිමිවරුන්ට අපහාස කරන්නේ නැතිව පුලුවන් නම් උලමාලට කියන්න (නි)

:       0       0

රූපවති Sunday, 07 April 2013 09:58 PM

ලංකාදීප වාර්තා කරුවන්ට අපේ ප්‍රණාමය! මාධ්‍යය තුලින් ජනතාවට වගේම ලොකු ලොක්කන්ට මේවා හෙලිකිරීම ගැන. බීමතින් රිය පැදවීම ගැන මොකද කියන්නේ? වගකිවයුතු අය මෙහෙමද හැසිරෙන්නේ? (නි)

:       0       0

පසින්ද Sunday, 07 April 2013 10:35 PM

නසාර් බයවෙලාද? (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 07 April 2013 10:38 PM

ඕක සුළු දෙයක්නේ. (නි)

:       0       0

ශමිල් Monday, 08 April 2013 05:15 PM

අරුණ, ඔයා හරි. මේක සෞදි නොවෙයි. මේක ගෞතම බුද්ධ රාජ්‍යය නොව? (නි)

:       0       0

ෂමිල් Monday, 08 April 2013 05:19 PM

බොදු බල සේනාවට බය නැහැ බොදු බල සේනාව ඇත්ත කතා කරනවානම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 575 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 226 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1305 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2534 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1485 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site