IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දඹුලු පල්ලිය අල්ලන් කලබල එපා

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන රටේ ප්‍රශ්න ඇති නොකරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව දඹුල්ල මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය ඉල්ලීමක් කරයි. දමුල්ලේ සිංහල හා මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන බවත් සියලු දෙනාම රට ගැන සිතා ක්‍රියා කළ යුතු බවත් භාරකාර මණ්ඩල සභික නීතීඥ බුහාර් ඩීන් අමානුල්ලා මහතා පවසයි. විවිධ  අය මේ සිද්ධිය ගැන නොයෙකුත් ප්‍රකාශ කරන බවත්, කළ යුතු එකම දේ හෙට පල්ලියට ගොස් යාඥා කර සාමකාමීව විසිර යාම බවත් ඔහු අවධාරණය කරයි. ‘කිසිම කලබලයක් කරන්න එපා. මේ ප්‍රශ්නය ඇතිවූ දවසේ සිටම දඹුල්ලේ සිංහල මුස්ලිම් සමගිය ඉතාම හොඳින් පවතිනවා. ‘ භාරකාර මණ්ඩලයේ එස් වයි මොහොමඩ් අජ්ජුවාඩ් මහතා පැවසූයේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි. ‘රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් දේශපාලනඥයන් මේ ප්‍රශ්නය අල්ලාගෙන විවිධ ප්‍රකාශ කරනවා. කරුනාකර එය නවත්වන්න. දඹුල්ලේ අපි සාමයෙන් සහජීවනයෙන් සිටින හැටි බලන්න. අපි නීති ගරුකයි. ජනපතිතුමා අපට සාධාරණ විසඳුමක් දේවි. යුද්ධයක් ඇති කරන තැනට මේ සිද්ධිය තල්ලු කරන්න එපා.‘



අදහස් (0)

දඹුලු පල්ලිය අල්ලන් කලබල එපා

වික්ටර් Friday, 27 April 2012 12:55 AM

ඔය කරන වැඩ වලින් නැති ප්‍රශ්න ඇති වෙනවානේද? මීට වඩා රටේ දැවෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කලොත් හොඳ නැද්ද ?

:       0       0

ශාන් Friday, 27 April 2012 01:54 AM

අන්න ඒ වගේ ඉමු. අපිත් කැමතියි

:       0       0

රොහාන් Friday, 27 April 2012 02:28 AM

අපි අවුරුදු 30ක් යුද්දයකින් බැට කෑවා.නැවත එවැනි දෙයක් වුණොත් ඒකේ ප්‍රතිඵල විදින්න වෙන්නේ අපිට නෙමෙයි.අපේ දරුවන්ට.ඒ නිසා මේ කරන දේවල් ගැන දෙවරක් සිතිය යුතුයි.

:       0       0

සිරාජ් Friday, 27 April 2012 03:06 AM

ලංකාවේ අද ලක්ෂ ගණන් සිංහල පවුල් කොච්චර බැන්නත් ඔය සෞදි , ඩුබායි,කටාර් ඇතුළු බොහෝ මුස්ලිම් රට වලට ගිහින් සල්ලි හම්බ කරනවා. ඉස්සර රජ කාලේ ඉදන්ම මුස්ලිම් ජනතාව සිංහල ජාතියත් සමග තමයි හිටියේ.හොදම දේ ජිනිව වල ලංකාවට සහාය පල කලේ කව්ද ඔක්කොම මුස්ලිම් රටවල්. අප‍ රට ලෝකයා ඉදිරියේ දණ ගස්වන්නට මාන බලන මේ ලෝකයේ අපේ හැසිරීම ඔවුන්ට තවත් රුකුලක් වෙයි. අපි අපෙන් පසුව එන තුන්වන පරම්පරාවට මේ හැසිරීම වැරදි ආදර්ශයක් වේ.මෙවැනි ආදර්ශ නිසා ලංකා ජාතියේ අනාගතය අදුරු විය හැක. ලංකිකයිනි අපි සැවොම මේ ලක් දෙරණේ අපේ හුස්ම පොද මුදා හරින තුරු වැඩු මවටත් වැඩුනු රටටත් හැදුනු ජාතියටත් වරදක් නොකර සිටිමු .

:       0       0

සෝලෝ Friday, 27 April 2012 05:49 AM

ඒ කියනේ මේ අයට යුද්ඩ කරන්ඩත් අදහසක් තියෙනව කියන එකද?

:       0       0

කීර්ති Friday, 27 April 2012 08:10 AM

පූජකතුමනි, ඔබගේ ප්‍රකාශය ඉතාමත් වටිනවා

:       0       0

කුමාර Friday, 27 April 2012 08:15 AM

සිරාජ් රජ කාලේ මුස්ලිම් ජනතාව හිටියේ කොයි ලංකාවේද?

:       0       0

සේන Saturday, 28 April 2012 11:04 AM

මේ සිද්ධිය බැලුවම අපට පෙනෙන්න තියෙන වැදගත්ම දේ තමයි සිංහල බෞද්ධ අය තමන් වෙනුවෙන් කතා කලොත් එක ජාතිවාදී ක්‍රියාවක් විදියට හංවඩු ගැහීම... දැන් මේ නිකුත් කරපු ප්‍රකාශයේ කොතනකවත් මුස්ලිම් අය මේ පල්ලිය හැදීම නැවත්වීමට විරුද්දව කරන උද්ගෝෂණ ප්‍රකාශ හෙලා දැකල නැනේ... එත් ඒගොල්ලෝ නිදොස් වෙලා නිකන්ම.... හොඳට බලන්න.. සිංහල අය එහෙම ප්‍රකාශයක් නිකුත් කලොත්, උද්ගෝෂණය කලොත් එක හෙළා දකින්න ඉදිරිපත්වෙන්නේ සිංහල දේශපලුවෙක්, නැත්තන් කඩේ යන හාමුදුරු නමක්.දැන් මුස්ලිම් දේශපාලකයෝ ඔක්කොම එකට එකතු වෙලා මේකට විරුද්දව කතා කරනවා.. එත් එක සිංහල බෞද්ධ දේශපාලකයෙක් තම ප්‍රකාශයක් නිකුත් කළාද නැනේ... දැන් මුස්ලිම් අය කියන දේ බලන්න.. ජිනිව වලදී ලංකාවට උදවු කරපු එක පෙන්නනවා මුස්ලිම් රටවල්.. අපි තේ යවන එක පෙන්නවා ඒ රටවල් වලට. අපේ අය ශ්‍රමිකයන් විදියට යන එක පෙන්වනවා .... එතකොට ඒ ගොල්ලෝ ඒවා කරලා තියෙන්නේ හිත යටින් තව එකක් තියා ගෙන.. අනික.. අපි මේක දකින්න ඕනේ එක ප්‍රශ්නයේ කෑලි දෙකක විදිහට නෙවෙයි... අපි රාජ්‍යතාන්ත්‍රිකව තව රටවල් එක්ක කරන ගනු දෙනු පෙන්නලා අපේ රටේ ඉන්න මුස්ලිම් අය අපේ රටට අභියෝග කරනවා කියන්නේ..... ඒ අය ඉන්නේ අපේ රටත් එක්ක නෙවෙයි කියන එක... මන් කියන්නේ හැමෝම මේ රටේ ජීවත් වෙන්න ඕනේ.. එත් සිංහල ජාතියට කෙනෙහිලිකම් කරලා එකට විරුද්දව කතා කරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිංහලයෝ කතා කරන එක ජාතිවාදය විදියටත්.. සුළු ජාතීන්ට වෙන අසාධාරනකම් වලදී කතා කරන එක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියලත් අර්ථ දක්වන එක දෙබිඩි පිළිවෙතක් කියලයි මට නම් හිතෙන්නේ...

:       0       0

උෂෘන් Thursday, 26 April 2012 11:11 PM

ඇත්තටම ඉතාමත් ආදර්ශමත් කතාවක්. මේ අවස්ථාවේ බොර දියේ මාළු බාන්න සිංහල සහ මුස්ලිම් අන්තවාදීන් නොයෙක් උත්සාහ දරනවා, අපි සැවොම හැම අම්ම කෙනෙක්ම එක හා සමානයි කියල හිතනවානම් මේ ලෝකය කොච්චර ලස්සනද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 52 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 28 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 517 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 539 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4360 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 981 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21169 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20459 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site