IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දඹුලු මුදලාලි තම්බන්න බැරිවේ

නිධානයකින් ගත් රන් හා මැණික් බව පවසා ජනතාව රවටා ව්‍යාජ රන් හා මැණික් පෙන්වා මුදල් ගරා ගන්නා කල්ලියක දෙදෙනකු මිහින්තලේ මහකනදරාව වැව් බැම්මේදී   මිහින්තලේ පොලිසියට අල්ලා දීමට ලංකාදීප  ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායම සමත් විය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට‍ හැකි වූයේ දඹුල්ල නගරයේ මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 60ක මුදලකට මැණික් ගල් පහක් අළෙවි කිරීමට ගිය අවස්ථාවේදීය. ව්‍යාපාරිකයා මුලින්ම කළේ ලංකාදීප මාධ්‍යවේදියාට මේ ගැන දැනුම් දීමයි.

ඉන් පසු ජාවාරමුන් කොටු කිරීමේ සැලසුම සැකැසිණි.රුපියල් කෝටියක් කෝටි එකහමාරක් වටිනා  ගල් ටික ගත්තොත් මුදලාලි ගොඩ යනුවෙන් ජාවාරමුන්  දැමු ඇම ගිලින්නට ඇතැයි  ජාවාරමුන් සිතුවත් එය එසේ සිදු නොවීය.

මුදලාලි එය දඹුල්ල මාධ්‍යවේදීයාට දැනුම් දුන්නේය.

දඹුල්ලේ සිට ව්‍යාපාරිකයා හා දඹුල්ලේ සිටි තැරැව්කරුවන් දෙදෙනකු සමඟ දුරකතනයෙන් කතා කරගත් පරිදි ඉස්කූටරයකින්  මිහින්තලයට ගිය අතර ජාවාරම්කරුවෝ මිහින්තලේ මහ කණදරාව වැව් තාවුල්ලට එන ලෙසට පැවසූහ. ඒ අනුව එම ස්ථානයට ගොස් මද වේලාවකින් යතුරු පැදියකින් දෙදෙනකු පැමිණ එක් අයකු දඹුලු ව්‍යාපාරිකයා හා මාධ්‍යවේදියාට හොඳ මැණික් ගලක් පෙන්වා මැණික් බව හදුනා ගත් පසු ඉතිරි මැණික් ගල් රැගෙන එන තුරු රැඳී සිටින්නැයි දැන්වීය.තම සගයින් හරියට ක්‍රියාත්මක වෙතියි මුදලාලි ඇතුළු පිරිසද ජාවරම් කරුවෝද සිතුහ.

මැණික් රැගෙන පැමිණියේ යතුරු පැදියෙනි .

පැයකට පසුව තුන් දෙනකු ඉතිරි ගල් ද සමග පැමිණ ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වූහ.

ඒ ගල් සියල්ල බොරු ගල් බව ව්‍යාපාරිකයාත් මාධ්‍යවේදියාත් දැන සිටියත් ඒ බව හැඟවූයේ නැත.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් සී රුක්මල් රත්නායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම රහසින් ඒ අසළට ගෙන්වා ගැනීමට මාධ්‍යවේදියා සමත් විය.

එහෙත් එක් අයකු පොලිසිය දැක දුවන්නට විය.

අනෙක් දෙදෙනා ද යතුරු පැදිය හා මැණික්ගල් තුනක් ද පොලිසිය අල්ලා ගත්තේය. බොරු මැණික් ගල් දෙකක් වැවට විසි කළ බව පසුව හෙළි විය.

පිරිස අත්අඩංගුවට පත්වී ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක සැරිසරමින් ව්‍යාජ ලෙස සැකසූ මැණික් හා රන් කැබැලි ජනතාව රවටා අළෙවි කරන ප්‍රධාන පෙළේ කල්ලිය මේ බවයි.

පොලිස් පරීක්ෂක රණසිංහ, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයන් 28096 කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 59436 දිසානායක, 57341 රණතුංග, 12417 බණ්ඩාර යන මහත්වරු මේ වැටලීමට එක් වූහ.

 

 



අදහස් (0)

දඹුලු මුදලාලි තම්බන්න බැරිවේ

ජ. තිසර Wednesday, 16 October 2013 01:24 PM

ජීවිතය පරදුවට තබමින් අපේ මාධ්‍යවේදීන් රටේ සිදුවන වැරදි ‍හැකි පමණින් හෝ මෙසේ ඔප්පු කර පෙන්වාදීම ඉතාමත් අගය කරන බව ස්තූති පූර්වකව කියා සිටිමි. (ස)

:       0       0

සිරියලතා Wednesday, 16 October 2013 01:35 PM

ලංකාදීපෙට ජය වේවා, තව තව හොර, මැර ජාවාරම් කාරයන් කොටු කර දීමට හැකි වේවා, හිප් හිප් හුරේ, (ස)

:       0       0

සදුනි Wednesday, 16 October 2013 08:42 PM

නුවණැති සහ නිර්භීත ව්‍යාපාරිකයෙක්.දිනෙන් දින දියුණු වේවා! ජාවාරම්කාරයෝ දේසපාලන අනුහසින් ටික දිනකින් නිදහස් වේවි. (නි)

:       0       0

තිලක්- ඩුබායි Wednesday, 16 October 2013 01:51 PM

බමුණු 'අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා..." ඕක දැන්ද තේරුනේ. අපි ඕක දැනගෙන බොහොම කල්, ඒ නිසයි අපේ ළමයින්ව පිටරට යැවුවේ.ඔබ හරියටම හරි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 16 October 2013 01:52 PM

හොරකම් වල මහා මොළකාරයා තවම නිදැල්ලෙනේ.... (ස)

:       0       0

චන්දි Wednesday, 16 October 2013 09:21 PM

මට හිතුනදේම ,ඇෆ්ගන් ලියලා තිබෙනවා.ඔව්, ලංකාදීප කරන හැමදෙයක්ම ප්‍රවේශමෙන් කරන්න. මෙම වැටලීමට සහය දැක්වූ සැමටම ස්තුතියි ...!!! (නි)

:       0       0

පද්මිණි Wednesday, 16 October 2013 11:18 PM

බමුණු, ඔබේ සිත් පෑරවීමට කිවුවා නොවෙයි. මේ කොල්ලයේ තවත් පැත්තක් ගැන කිවුවේ (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 16 October 2013 11:49 PM

ඒ කාලවල නම් මැණික් ගල්වලට ප්‍රසිද්ධ වුණේ මුස්ලිම් ව්‍යාපාරිකයෝය. නමුත් අවාසනාවකට කොහෙද කිසිම දෙයක් මැණික් ගැන දන්නේ නැති අයව අරගෙන මැණික් ගල් සංස්ථාවක් ඉදිකළා,එදා සිටම ලංකාවේ මැණික් ගල් කර්මාන්තයට කණකොකා හැඩුවා.පිටරට වලත් දැන් කව්රුවත් ලංකාවේ මැණික් ගල් ගන්නේ නැහැ. ගන්නත් බයයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 22 October 2013 11:27 AM

අනේ බමුණු මහත්තයෝ, අපේ දරුවන්වත් සත පහක්වත් වියදම නැතිව පිටරටක රස්සාවකට අරින හැටි අපි කාටත් කියා දෙන්න.ළමයන්ට උපාධිත් තියෙනවා. ඉංග්‍රීසිත් පුළුවන්. කොඩි වනලත් නැහැ. ක්‍රමවේදය පමණක් මෙම තීරුවෙන් දක්වන්න. (ස)

:       0       0

බමුණු Thursday, 17 October 2013 01:23 PM

".අපි අපේ රටට ආදරෙයි." මමත් රටට ආදරෙයි. නමුත් එහි මිනිසුන්ට ආදරේ නැත. (ස)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 03:36 AM

නොයෙකුත් මාර්ග වලින් මිනිස්සු හොරකම් කරන්න පුරුදු වෙනවා. (නි)

:       0       0

නාමල් Wednesday, 16 October 2013 05:44 PM

සන්ද්‍යා, බමුණු, තිලක්, ඡන්දෙ දෙනකොට මේක තේරුනේ නැද්ද ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 October 2013 06:12 PM

මේ හැම දේම වෙන්නේ අපේ මිනිසුන්ගේ තියෙන නොසන්සිදෙන ආසාව තන්හාව කෑදරකම නිසා නේද ? (අ)

:       0       0

නිරෝෂ් Wednesday, 16 October 2013 06:32 PM

බමුණු... ඕකට කියන්නේ "මූහුනත් සමග තරහවී නහය කපා ගැනීම​" කියලා.(අ)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 06:38 PM

"ඔයා කියනවා වගේ මේ වංචාව කරෙත් දරුවෝ ටික ලංකාවෙන් පිට කරන්ට සල්ලි හොයන්ට වෙන්නැති." පත්මිණි මේ ඔයගේ දැනගැනීම පිණිසයි ළමය යැවීමට සත 5 වියදම් වුණේ නැත වෛද්‍ය පරික්ෂණයට ගිය මුදල් පවා ළමය ගෙන්වාගත් සමාගම ආපසු ගෙව්වා.. ළමයි ගියේ හොදින් ජීවත් වෙන්න. දෙසපළුවන් පිටුපස යන නිවටයන් දුටුවම මෙරට එපාවෙනවා. අපේ ළමයි දෙශපලුවන්ට කොඩි වන්න යවන්නේ නැත දැන් එම ළමයි එරටවල පුර වැසියෝ (අ)

:       0       0

බමුණු Thursday, 17 October 2013 08:20 AM

"ඔබේ සිත් පෑරවීමට කිවුවා නොවෙයි. මේ කොල්ලයේ තවත් පැත්තක් ගැන කිවුවේ " ඔව් මම ඒක දන්නවා. එකක් සත්‍යයයි. එනම් දෙපැත්තේම කොල්ලය තිබෙනවා. එහෙම නේද? පොඩි සංවාදයකට ඉඩ සැළසීම ගැන ලංකාදීපයට ස්තුති කරනවා. (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 06:45 PM

'ඒක කරන්න හැමෝටම බැහැ, ඔයා ඉපදුන රට කියලා හොඳට මතක තියා ගන්න. හොඳ දෙයක් කලහම ඒක අගය කරන්න පුරුදු වෙන්න." ජයන්ත මහතා මම කතා කෙරුවේ පොලිස් මහතුන්ගේ වැඩ ගැන නොවෙයි රටේ සුදු කරන දූෂණය සහ වංචාව ගැන. පටලව ගන්න එපා (අ)

:       0       0

සන්ධ්‍යා Wednesday, 16 October 2013 11:22 AM

අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා... (ස)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 06:48 PM

නාමල් මහතා, මම 1977න් පසු කිසිම පක්ෂයකට ඡන්දෙ දුන්නේ නැත. එම නිසා මේවාට මම සම්මාදන් වී නොමැත. (නි)

:       0       0

ආරියරත්න Wednesday, 16 October 2013 06:48 PM

මහකනදරාවටම ඇවිල්ලා පාඩමක් ඉගෙනගත්තා වගෙයි (නි)

:       0       0

හේමන්ත Wednesday, 16 October 2013 11:44 AM

ඔබ උත්සාහයෙන් මහන්සියෙන් සහ කැපවීමෙන් හරි හම්බ කරගන්න. තණ්හාව නිසා දුක හට ගන්නා බව හොඳට අවබෝධ කරගන්න. ක්ෂණික ලාබ නො සොයන්න. ඇති දෙය ගැන සතුටු වෙන්න. මේ වගේ කිසිවකුට මා කිසිම දිනක අසුකර ගත නොහැකි තරමට බුදු බණ ප්‍රතිපදාවක් කර ගැනීමට හැකිවීම ගැන නිහතමානිව පවසනුයේ ධර්මයේ සත්‍ය බල මහිමයයි. "තණ්හාය ජායති සෝකෝ' (ස)

:       0       0

කැනඩා දිසා Thursday, 17 October 2013 09:05 AM

මේ අසරණ මිනිස්සු හොරු වුණේ ඇයි? ඒ මිනිස්සු නොමිනිස්සු කළේ රටේ දේශපාලකයෝ.දරිද්‍රතාවය අහස උසට. දෙවියනේ, සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ටිකක් අපක්ෂපාතී වෙලා අපි අත්වැල් අල්ලාගෙන හිතමුකෝ අඩු තරමින් අපේ රට වෙනුවෙන්වත් (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 11:57 AM

'අප රට දැන් හොර බොරු වංචා වලින් පිරිහිලා..." ඕක දැන්ද තේරුනේ. අපි ඕක දැනගෙන බොහොම කල්, ඒ නිසයි අපේ ළමයින්ව පිටරට යැවුවේ. (ස)

:       0       0

කැනඩා දිසා Thursday, 17 October 2013 09:07 AM

මම බමුණුට එකතු වෙනවා (නි)

:       0       0

කාංචන හේරත් Wednesday, 16 October 2013 12:01 PM

ඉතා උසස් වැඩක්, කියලා නිම කරන්න බැරි තරම්, බලන්න පොලිස් නිලධාරීන් කියන්නේ මේ වගේ දක්ෂයන්ට, කීප දෙනෙක්ගේ අඩුපාඩු වලට හැමෝටම දොස් කියන එක වැරදී කියලා ඔප්පු උන තව එක උදාහරණයක්. ඒ වගේම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් සී රුක්මල් රත්නායක හොඳ දක්ෂ නිලධාරියෙක්. ජය වේවා - කාංචන හේරත්, ඉන්දියාවේ ඉඳන් (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 16 October 2013 12:08 PM

මෙම පසුබිමක් තුල වංචාව, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම, ජනතා මුදල් සූරා කෑම ලොව අන් රටවල් සමඟ සසඳන විටදී ශ්‍රී ලංකාවට සුවිශේෂි නාමයක් ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට. (ස)

:       0       0

සංජීව Wednesday, 16 October 2013 07:33 PM

කවුරු බෙර ගනීද දන්නේ නේ (අ)

:       0       0

ජයන්ත - සාජා Wednesday, 16 October 2013 12:36 PM

බමුණු මහත්තයෝ , ඔයාගේ ළමයින්ව පිටරට යවන්න ඔයාට පුළුවන් උනාට, ඒක කරන්න හැමෝටම බැහැ, ඔයා ඉපදුන රට කියලා හොඳට මතක තියා ගන්න. හොඳ දෙයක් කලහම ඒක අගය කරන්න පුරුදු වෙන්න. (ස) , මිහින්තලේ පොලිසියට අපෙන් මල් මිටක් !!! .

:       0       0

ඩොනල්ඩ් Thursday, 17 October 2013 09:55 AM

හරි ලස්සන වැඩේ හොඳේ (නි)

:       0       0

පද්මිණි Wednesday, 16 October 2013 12:50 PM

බමුණු, ඔයා කියනවා වගේ මේ වංචාව කරෙත් දරුවෝ ටික ලංකාවෙන් පිට කරන්ට සල්ලි හොයන්ට වෙන්නැති. මොකද ලක්ෂ විස්සක් විතර වත් යනවා එක් කෙනෙකුට. (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 12:57 PM

කවදත් ජනතා සේවයට කැපවුණු ලංකාදීපයට හා මේ කාර්යයට උරදුන් ලංකාදීප මාධ්‍යවේදීන්ට මගේ ආචාරය. කාංචන කුමාර ආරියදාස සොහොයුරාට අර හාමුදුරුවෝ දෙන්න හදපු උපාධිය ඇත්තටම විශ්ව විද්යාලකින් දෙන්න වටිනවා. (ස)

:       0       0

ඇෆ්ගන් niimal Wednesday, 16 October 2013 07:59 PM

කව්රු කොහොම හිතුවත් ලංකාදීපය ලොකු මෙහෙවරක් රටට කරන්නේ.මමහිතනවා මේවගේ වංචාකාරයෝ අල්ලන්න සහයෝගේ දුන්නත් ලංකාදීපේ නම ප්‍රසිද්ද කරන එක ඔබලාගේ කට්ටියෙට අනතුරක් වෙන්න පුළුවන් මොකද දැන් ලංකාව මිනුස්සුන්ගේ ඔළුවල තියෙන්නේ අදික තණ්හාව, වෛර ක්‍රෝදය මිස කොයි කව්රු ආගම් අදහව්වත් එක මුනිච්චාවට පමණි.(අ)

:       0       0

නානි Thursday, 17 October 2013 10:04 AM

අපේ ලංකාදීප මාධ්‍යවේදීන්ට සිරිමහ බෝ සමිඳු පිහිටයි ! (ස)

:       0       0

පද්මිණි Thursday, 17 October 2013 10:05 AM

කැනඩා දිසා හිතන විදිය හරි. ලංකාවේ විනයගරුක දරුවෙක් හදන්ට ඇවැසි වටපිටාවක් තියෙනවද? අපි හැමෝටම මතකයිනේ ගිරා පෝතකයෝ දෙන්නගේ කතාව.අපි අපේ රටට ආදරෙයි. (දී)

:       0       0

කුමාරන Wednesday, 16 October 2013 01:01 PM

අති විශිෂ්ටයි ලංකාදීපය.මේ වගේම සමාජයෙ සිදුවන මේ ද්‍රව්‍ය, අල්ලස්, ලිංගික අඩත්තේට්ටම්, ආදිය පිළිබඳවත් අවදියෙන් ඉන්න.බොහො බටහිර මාධ්‍යවේදීන් චිඩ් වගේ තමා වැඩ. ඒ නිසා බොහො විට සමාජය මාධ්‍යට බයයි.ඔබ කල වැඩය නිසා කිසියම් පෙරලියක්, පිබිදිමක් වෙනවා නම් සමාජයේ තුනුරුවන් සරණයි, දෙවි පිහිටයි.ඔබ සැමට. (ස)

:       0       0

ගාමිණි Thursday, 17 October 2013 10:15 AM

කොහොමද ටිකිරි මොලේ ?ඔය කට්ටිය ඉන්නේ අපුරුවට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2787 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2367 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2945 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5859 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1976 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6675 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18616 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site