IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දඹුලු ලූනු ගොවියෝ දෙලොවක් අතර

දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 80ක පමණ මිලක් දෙන්නැයි ලූනු ගොවීහු ඉල්ලති.

මේ දිනවල සාධාරණ මිලක් නොමැතිකම හා ලූනු අලෙවි නොවීම නිසා ඔවුහු අසරණවී සිටින බව කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලුනූ කිලෝවක් රු 40 සිට රු 60 දක්වා මිලක පවතින බවත් එම මිලට හෝ තම අස්වැන්න මිලදී ගැනීමට වෙළෙන්ඳන් මැලිකමක් දක්වන නිසා ලුනු තොග දින ගණන් වෙළදපොලේ තබාගෙන සිටීමට සිදුව ඇති බවත් ගොවීහු කියති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ඒකමතිකව තීරණය කර ඇත්තේ මාස තුනක් යන තුරු දඹුල්ල වෙළදපලේ විදේශීය ලුනු අලෙවි නොකරන බවත් ගෙන්වීම නවතා දැමීමටත් ය.

DSC03355 DSC03357 DSC03367 DSC03387 DSC03396



අදහස් (0)

දඹුලු ලූනු ගොවියෝ දෙලොවක් අතර

ප්‍රසන්න Sunday, 30 October 2016 04:22 AM

අපේ රටේ වවන්න පුළුවන් සියලුම දේවල් රටින් ගෙන්නන එක සම්පුර්ණයෙන් නවතන්න ඕන . පිටරටවලට යන සල්ලි නවත්තන්න. (බ)

:       0       0

ලක්ෂි Thursday, 27 October 2016 10:09 AM

ඡන්දෙ කාලෙටනම් කියන්නෙ ගොවියා රජකරවනවලු.ගොවියෙකුගේ පුතෙක් රජපුටුවට යවන්නලු.ඩී.එස්. අැරුණු කොට මෙතෙක් ඹය පුටුවෙ වාඩිවුණ හැම පුතාලම කෙරුවෙ ගොවිය බලුකරපු එක. (ම)

:       0       0

සමරේ Thursday, 27 October 2016 10:12 AM

වී,මිරිස්,අල,ලූනු අස්වනු නෙලන කාලෙට මේ ප්‍රවෘත්තිය අපිට අලුත් දෙයක් නෙම්. (ම)

:       0       0

රුවන් Sunday, 30 October 2016 06:02 AM

මේක මාර කතාවක්නේ බඩු ලාබෙට තියෙනකොට අඬුව ගාන වැඩිකරන්න ඕනේ ගාන වෑඩි වුනාම මිනිස්සු ආන්ඩුවට බනිනවා ජීවන වියදම වෑඩියි ජීවත් වෙන්න බෑහෑ කියලා පුඩුම ආන්ඩුවක්නේ මේක අඩුවට බඩු ගන්න තමා මහජනයාට ඕනේ අස්වෑන්න වෑඩි වෙනකොට ගාන අඩුවෙනව ඒකයි ස්වබාවය (බ)

:       0       0

හෆීල් Thursday, 27 October 2016 10:26 AM

රටේ ගොවීන් ආරක්ෂා කරන්න හොඳම වැඩ තමයි, වෙළඳ සහ කෘෂිකර්ම අංශ දෙකම එක්කෙනක් දැරිය යුතුයි. (ම)

:       0       0

බමුණු Thursday, 27 October 2016 10:41 AM

ගොවියෝ නම් කැමති ඇති ඔවුන්ගේ නිෂ්පාදනවලට ඉහළම මිලක් ලැබෙනවා නම් නමුත් වෙළඳපොලේ බදුවල මිල නියම වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත.(ම)

:       0       0

ආර්නල්ඩ් ගුණවර්ධන Friday, 28 October 2016 04:37 AM

ගොවියොත් එක්ක එකතුවෙලා කෘෂි නිලධාරීන් හදන්න ඕන හැම කන්නෙකටම වගා කරන්න ඕන ප්‍රමාණය. ඕනවට වඩා ලුණු වවල කොහමද. පාරිභෝගිකයනුත් බොහොම අමාරුවෙන් දෙවේල පිරිමහගන්නේ. වී ගොවිතැනත් එහෙමයි (බ)

:       0       0

කුමාර් Thursday, 27 October 2016 11:13 AM

අවුරුදු 40 කට වඩා විසඳාගන්න බැරි ගොවීන්ගේ මිලගණන් ප්‍රශ්නය වගේ සුළු දෙයක් සැළසුම් කරන්න බැරි පාලකයෝ ඉන්නා රටක දියුණුවක් බලාසිටින්නේ කොහොමද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 27 October 2016 11:17 AM

ඇයි ලංකාවට තායිලන්තෙන් වගේ ඉගෙනගන්න බැරි? රජයේ උදවුවෙන් ක්‍රමානුකූල මිල මට්ටමක් ඒ රටේ පවත්වාගෙන යනවා. මිල වෙනස ඉතා අල්පයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 27 October 2016 11:18 AM

කෙළින්ම නගර වලට ඇවිල්ලා කෙළින්ම පාරිභෝගිකයාට දෙන්න. රුපියල් 80/= ට දෙන්න පුළුවන්. (නි)

:       0       0

කිත්සිරි Thursday, 27 October 2016 12:46 PM

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ හොඳ ලොකු ළූණු කිලෝවක් ගොවි මහතුන් විකුණන මිල ලංකා මුදල් රුපියල් 15 යි. (හේ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 29 October 2016 06:01 AM

ඔය ඔක්කොම ලොකු ලූණු දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත අරගෙන ගිහින් ගොඩගහගෙන ඉන්නේ නැතුව ගොවි සංගම් වලට පුළුවන්නේ මේවා කෙළින්ම රටේ අනිත් නගර වල සිල්ලර සහ තොග වෙළෙන්ඳන්ට අළෙවි කරන්න. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ගම්වල කුඩා පරිමාණයේ තොග පොළවල් පවත්වාගෙන යන්න. සාධාරණ මිලක් නියමකරනවා නම් ඕනෑතරම් තොග වෙළෙන්දෝ රටේ අනිත් පළාත් වලින් ඒවි (නි)

:       0       0

මුතූ Thursday, 27 October 2016 05:45 PM

නිෂ්පාදන මිල වැඩිවෙනකොට කෘමිනාශක මිල වැඩිවෙනකොට ගොවීන්ට මිල අඩුකර දීමේ හැකියාවක් නැත. (නි)

:       0       0

මහින්ද රත්නායක Friday, 28 October 2016 07:55 AM

කියන තරම් යකා කළු නැහැ දඹුල්ල ආර්ථියේ ලොකු ලූනු ලංකා 68 ත් 73ත් අතර සති දෙකක් විතර ඊයේ රෑත් එහේමයි අද දවල් 80 ත් 100ත් අතර තියෙනවා මේවා බොරු කතා හොද බඩු වලට හොද ඉල්ලුමක් තියෙනවා (බ)

:       0       0

සංජීව Thursday, 27 October 2016 06:31 PM

මෙහෙමත් පුදුම රටක්! (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 27 October 2016 06:37 PM

හැමදාම ගොවියෝ ආරක්ෂා කර කර ඉඳලා හරියන්නේ නැත. පාරිභෝගිකයෝ ගැනත් හිතලා බලන්න. ලුණු මිලත් ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන්න ඉඩ හරින්න. ඉන්දියාවෙන් නැවු ගාස්තු, රේගු බදු ගෙවලා ලංකාවට ගෙන්වන ලුණු වලට තරඟයක් දෙන්න අපේ ගොවියාට පුළුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

සත්‍යයා Friday, 28 October 2016 12:01 AM

"මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් හොඳයි" කිව්ව නිසා දෝ දුක්විඳින ගොවියන්ව නැවත නැවතත් මඩේ ඔබ ඔබා ඔබ රජෙක් කිව්ව එක තමයි හැම දේශපාලුවාම කළේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 74 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 236 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 376 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 130 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 755 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 509 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site