IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දඹුලු සිසුවියකට අමුතු දඬුවමක් දීලා?

දඹුල්ලේ පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියක තවත් සිසුවියකගේ අතේ පෑනකින් ඉරක් ඇන්දැයි කියන වරදට දඬුවමක් ලෙස ගුරුවරියක විසින් පන්තියේ සෙසු ළමයින් ලවා ‘මම මෝඩි‘ යැයි ඇගේ සිරුරේ පෑන්වලින් ලියැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

මේ ගැන කළ විමසීමක දී දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් අයි හේරත් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන දුරකතනයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ ගැන කඩිනමින් විමර්ශන සිදු කරන බව ද ඔහු කීවේය.



අදහස් (0)

දඹුලු සිසුවියකට අමුතු දඬුවමක් දීලා?

ශාන සෞදි Monday, 13 June 2016 07:43 AM

දැන් රටේ ගුරු මවුවරු පියවරු අඩුවෙලා වැඩිය ඉන්නේ පැය 6ක වෘත්තිකයෝ විතරයි. (ර)

:       0       0

සහන් Monday, 13 June 2016 08:01 AM

ළමයින්ට වැරදි කලාම දඬුවම් දෙන්න ඕනෑ. මේක ගණන් ගන්න දෙයක් නොවේ. අපි පොඩි කාලේ මීට වඩා ලොකු දඬුවම් විඳලා තියනවා. වැරදි වලට දඬුවම් ලැබෙන තරමට ළමයි හොඳට හැදෙනවා (ම)

:       0       0

භද්‍රානි Monday, 13 June 2016 04:02 PM

මට නම් හිතෙන්නේ ළමයින්ට කලින් සමහර ගුරුවරුන්ව ඉස්කෝලෙකට යවන්න ඕනා කියලයි. අකුරු සාස්තරේ විතරක් නෙමේ, යහපත් ආකල්ප හා මනා පෞරුෂයකින් හෙබි ගෞරවනීය පුරවැසියන් රටතුල බිහි කරන්න පටන් ගන්න ඕනා පාසල තුළිනුයි. නවීන තාක්ෂණයත් සමග හැදෙන වැඩෙන දරුවන්ව තේරුම් අරගෙන නිවැරදි මාවතට යොමු කරවන්න තරම් ප්‍රඥාවන්ත ගුරුවරු වර්තමානයේ ඉතාම විරලයි කියල තමයි මට නම් හැඟෙන්නේ. (ර)

:       0       0

චානක Monday, 13 June 2016 08:25 AM

හැමදෙයකම ගුණාත්මක බව එන්න එන්නම පිරිහෙනවා (හේ)

:       0       0

අමිල Monday, 13 June 2016 08:31 AM

හොඳ දඬුවමක් ,මෙය ඊට පස්සේ නම් ඔය වගේ වැඩ කරන්න තියා හිතන එකක් වත් නැහැ ,(හේ)

:       0       0

මනෝජ් Monday, 13 June 2016 08:32 AM

ඉස්සරකලේ ගුරුවරු ළමයින්ට දඩුවම් කරේ මතක හිටින්න. එකයි ළමයි හොදින් හැදිලා අපරාද අඩු වුනේ. අද කලේ දඩුවමක් දුන්නම පොලිසි මානව හිමිකම් කොමිසන් ඉහලට දැනුම් දීලා ගුරුවරුන්ට දඩුවම් දෙනවා. මේකෙන් වෙන්නේ ගුරුවරු පාඩුවේ උගන්වලා පඩිය අරන් ගෙදර යයි. දෙමාපියන් දරුවන් ගෙදරදී හදන්නෙත් නෑ. හදන්න ඉඩදෙන්නෙත් නෑ. ලංකාවේ අනාගතය තමයි වැනසෙන්නේ. (හේ)

:       0       0

ප්‍රභාෂ් Monday, 13 June 2016 08:36 AM

මට නම් පේන්නේ ගුරුවරු ජනප්‍රිය වෙන්න ඔය දඩුවම් ක්‍රම විලාසිතාවක් කරගෙන වගේ. (හේ)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 09:00 AM

ගුරුවරුන්ට පුහුණුවක් දෙන්න වෙයි වගේ ඔක්කොටම ඉස්සරවෙලා. (ර)

:       0       0

ගමගේ Monday, 13 June 2016 09:06 AM

ගුරුවරු විසින් ළමයින් ලවා දඩුවම් දීම අනුමත කල නොහැකියි. (ර)

:       0       0

ආනන්ද Monday, 13 June 2016 09:12 AM

මෝඩි කවුද කියලා පැහැදිලියි. (ර)

:       0       0

ටෙෂාන් Monday, 13 June 2016 07:21 PM

අනේ මන්දා මෙහෙමත් ගුරුවරු? (නි)

:       0       0

තිස්ස Monday, 13 June 2016 09:50 AM

සිසුවකුගේ වරදකට දඩුවමක් අවශ්‍යද? එහෙනම් දියයුතු සහ නොදියයුතු දඩුවම් වර්ගකර දුන්නොත් කොයි ගුරුවරයත් බේරෙයි. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 13 June 2016 10:11 AM

වැරදි කළාම දඩුවම් දෙන්න ඕන තමයි. දෙන ක්‍රමයනේ වැරැද්ද තියෙන්නේ.ඇත්තටම ඕවා දඩුවමක් ලබන්න තරම් වැරද්දක් කියල මම නම් හිතන්නේ නැහැ. දැන් ඉන්න බහුතරයක් ගුරුවරු ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ. (බ)

:       0       0

සුකී Monday, 13 June 2016 10:25 AM

ගුරුවරියට සහාය පල කරලා කෑගහන අයගෙන් මන් අහන්නේ. මේ දරුවා මිනියක් මරල නැහැනේ. තව ළමයෙක්ගේ අතේ ඉරක් ඇඳීම කොලුකමට කරන දෙයක්නේ.හොරකමක් තක්කඩිකමක් නෙවේ. අැයි ගුරුවරුන්ට මෙතරම් මානසික ආතතිය....(බ)

:       0       0

කාංචනා කරුනාරත්න Monday, 13 June 2016 10:52 AM

ඉස්සර කලේ ගුරුවරු ළමයින්ට දඩුවම් කළේ මතක හිටින්න.එකයි ළමයි හොදින් හැදිලා අපරාද අඩු වුනේ. අද කලේ දඩුවමක් දුන්නම පොලිසි මානව හිමිකම් කොමිසන් ඉහලට දැනුම් දීලා ගුරුවරුන්ට දඩුවම් දෙනවා. මේ සිද්ධියත් ඒවගේ ජනප්‍රිය වෙන්න දරුවන් යොදා ගැනිම අනුමත කරන්න බැහැ (හේ)

:       0       0

ලියනගේ Tuesday, 14 June 2016 02:55 AM

අපි එකතුවෙලා ගුරුවරියගේ ඇ‍ඟේත් මොනවහරි ලියමු. එතකොට තේරෙයි (නි)

:       0       0

පිටිගල Tuesday, 14 June 2016 03:45 AM

මෙයා කොහොම පත්වීම් ගත්ත කෙනෙක්ද දන්නෙ නැහැ. ඉගෙනගත්ත කෙනෙක් නම් මේ වගේ පහත් මෝඩ වැඩ කරන්නේ නැහැ. අපොයි එහෙම ගුරු පත්වීම් ගත් අයත් ඉන්නවානේ ලංකාවේ! (නි)

:       0       0

චන්න Tuesday, 14 June 2016 03:57 AM

ගුරුවන්ට චක්‍රලේඛනයක් වහාම යවන්න, දඬුවම් කළ හැකි සහ නොහැකි ක්‍රම දන්වලා. (නි)

:       0       0

රණසිංහ Tuesday, 14 June 2016 05:05 AM

මේ විදිහට යනකොට එක්කෙනෙක් ළමයෙකුට පාරක් ගැහුවොත් ඔය ගුරුවරයා පන්තියේ ඔක්කොටම කියලා ගස්සවනවද? (නි)

:       0       0

චමින්ද ප්‍රසාද් Tuesday, 14 June 2016 05:10 AM

වර්තමානයේ සිටින්නේ කටපාඩම් කරගත් දැනුම නැවත වමාරන මන්දබුද්ධික ගුරු පරපුරකි. සමාජ අත්දැකීමක් නැති, ක්ෂණික තීරණ තීන්දු ගතනොහැකි වෘත්තීයෙන් හිස උදුම්මවාගත් පිරිසකි. මෙවැනි පොත් ගුල්ලන් අතින් මෙවැනි දේ සිදුවිම අරුමක් නොවේ. (නි)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 02:56 PM

හොඳ වැඩක් (බ)

:       0       0

උපාලි Monday, 13 June 2016 07:30 AM

මෙහෙම දේවල් නිතර පුවත්පත්වල එහෙම වාර්තා වෙනවා. මේ ගුරුවරු ඒවා දැකලවත් හැදෙන්න්කෝ. දෙන දඬුවමක් පිළිගත් එකක් වෙන්න එපායැ. කෝ, කවදාවත් හැදෙන්නේ නෑ. දැන් ඉතින් පත්තරේ නම ගම එහෙම වැටෙන කොට සන්තෝෂ ඇතිනේ. (ර)

:       0       0

අමල් Monday, 13 June 2016 07:43 AM

මේ වගේ දඬුවම් දරුවන්ට දරාගන්න අමාරුයි. (ර)

:       0       0

ශාන Monday, 13 June 2016 07:43 AM

මේ තරම් දඬුවමක් අනුමත කරන්න බැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 210 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 409 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 381 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 571 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1748 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site