(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වී තිබෙන බවත් වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු පරිභෝජනය කරන ප්‍රමාණපහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.
එළවලු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දෝ කියති.
අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා බොහොමයක් අලෙවි විම රුපියල් 50 ත් 100 ත් අතර මිල ගණන් යටතේ බවත් බොහෝ දුරට අලෙවි නොවී දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීහු පෙන්වා දෙති.
නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ ද පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි වේ.
තක්කාලි 160- 200
වම්බටු 80-100
කැරට් 50-70
බෝංචි 150 -200
මාළු මිරිස් 240-300
අමුමිරිස් 250-300
කැකිරි 25-30
පිපිඤ්ඤා 25-30
වට්ටක්කා 80-100
මෑ කරල් 100-120
ගෝවා 50-70
ලීක්ස් 140-160
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සද
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර වංගුවේදී මාලු ලොරියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇ
සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දඹුල්ලේ එළවලු මිල බැහැලා