2012 දැයට කිරුළ පැවැති අනුරාධපුර ඔයාමඩුව අද වන විට හරක් ලගින හරක් මඩුවක් බවත්, එහි කෝටි ගණනක් මුදල් වැය කොට කාපට් ඇතිරූ මාර්ග ව්‍යාපාරිකයන් විසින් බඩ ඉරිඟු වේලීමට යොදා ගන්නා බවත් සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.
‘‘අද ඔයාමඩුව හරක් මඩුවක්. ලක්ෂ කෝටි ගණන් මහජන මුදල් නාස්ති කළා. මේ මුදල රජරට ගොවියා වෙනුවෙන් වියදම් කළා නම් හොඳ නැද්ද? කිලෝමීටර් ගණනාවක් කාපට් දාලා මේ මහ කැළේට. අද ඒවායේ බඩඉරිඟු වේලනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග, ප්‍රධාන මාර්ගවලට කාපට් දාන්න තිබුණ සල්ලි මේ. රට ම ණය කරවලා දැයට කිරුළ පැළැන්දුවා. මේක දැයට කිරුළ නෙවෙයි, ණයට කිරුළ කියලා අපි එදා පෙන්නලා දුන්නා. රටේ ජනතාවට විගඩම් පෙන්වන්න නෙවෙයි තිබුණේ, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ මුදල් යොදවන්න තිබුණා. පාළු අලි ගහණ කැළෑ මැද මේ වගේ ප්‍රදර්ශන ගන්නේ මොකට ද කියලා රට ම දන්නවා. රටට දැයට කිරුළ, ධන නිධානයක් කිව්වට නිධානය පහළ වුණේ ලොකු පුටුවලට කියලා පොඩි එකාගේ පටන් දන්නවා. මහජන මුදල් පුහු ආටෝපයට යට කරන්න යහපාලනයෙන් ඉඩක් නෑ. රටේ සංවර්ධනය නවත්තන්නෙත් නෑ.රටේ සංවර්ධනය වගේ ම සමාජීය සංවර්ධනය ද උදාකරන්න අපි කැප වෙනවා.” යැයි ඔහු එහි සංචාරයක යෙදෙමින් කීවේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘දැයට කිරුළ ණයට කිරුළක් වුණා‘
ජයේ Wednesday, 11 March 2015 02:14 PM
හරි ලස්සනට ෆොටෝ ශූට් එක කරල තියෙනවා. එයාලගේ කට්ටියත් එක්කම.(නදී)
සිල්වා Wednesday, 11 March 2015 02:18 PM
හොඳට රඟපානවා නේද (නදී)
අජිත් Wednesday, 11 March 2015 02:19 PM
මංජු ඔබ හරි, ඔය පාර ඇලයපත්තුවේ ඉඳල එන ප්‍රධාන පාර. ඔය පාරේ කොහොමත් වී , බඩ ඉරිගු වගේ දේවල් වේලනවා. අනිත් එක තමා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ඔයාමඩුව සත්ව ගොවිපොළ භූමියේ තමා දැයට කිරුල පැවැත්වුවේ.(නදී)
ටිකිරි Wednesday, 11 March 2015 03:26 PM
ඇත්තටම පාරවල් ටික නම් හොඳම තත්වයෙන් තියනවා . අර ගම උදාවල බොරළු වලට උඩින් තාර ගාල හදපු ඒවා වගේ නොවෙයි . (හේ)
සහන් Wednesday, 11 March 2015 04:10 PM
ඕකට තමයි කියන්නේ රජ කෙරුවාව කියලා (නදී)
රිචඩ් Thursday, 12 March 2015 09:39 AM
පාරවල් කන්නද කියල අහයි තව ටික කාලෙකින් නේ..9අ)
සුපුන් Thursday, 12 March 2015 12:12 AM
මීටපස්සේ ගම් වලට කාපට් පාරවල් නැතිවෙයි (නි)
විජයබාහු Wednesday, 11 March 2015 09:49 AM
කලාවට නම් කියලා පෙන්න නෑ. කුහක කම කියන්නේ ඕකට තමයි.(හේ)
කමල් Wednesday, 11 March 2015 09:59 AM
බුත්තල පැත්තේ ගිහිල්ලා බලන්න එහෙත් පාරවල් වල ඉරිගු වී වේලනවා. ඒ කියන්නේ ඒ පාරවලුත් වැඩක් නැති ඒවනේ.(හේ)
අනුර Wednesday, 11 March 2015 10:00 AM
පාරේ වී වේලාන එක හැම තැනම වෙනවා දකුණේ අම්පාරේ ගිහින් බලන්න දැයට කිරුල පාරම අවශ්‍ය නැහැ මේවා නැවැත් විය යුතුය.(හේ)
රංජිත් උපාලි Wednesday, 11 March 2015 10:06 AM
සියඹලා වේලන්න බලන්න.(හේ)
ජානක Wednesday, 11 March 2015 10:36 AM
මමත් ගිය ඕක බලන්න සල්ලි නාස්ති කරලා....(ම)
සුනිල් කුමාර Wednesday, 11 March 2015 11:04 AM
මේ පාරවල් වලින් වැඩක් නැහැ ලොකු අයට මේකේ වටිනාකම තියෙන්නේ පොඩි මිනිසුන්ටනේ.(හේ)
සිරිල් Wednesday, 11 March 2015 11:50 AM
බද්දේගම පැත්තේ පාරක යන්න බැහැ එ්කට මොකද. (නදී)
වාසනා Wednesday, 11 March 2015 12:27 PM
මෙතන හොඳයි අගමැති වෙන්න බලපොරෝතුවෙන් ඉන්න මහින්දට දන්සල් දමන්න මිනිසුන්ගෙන් අරගෙන දැන් මිනිසුන්ටම ඒවායින් කන්න දෙනවා බත් කන්න පෝලිමේ වැඩි හරියක් ඉන්නේ පිරිමි (අ)
මංජු Wednesday, 11 March 2015 12:38 PM
මට පෙන විදියට මේක හොදට ප්ලැන් කරලා ගත්ත ෆොටෝ ටිකක්. ඔතන ඉරිගු වේලන ගොවියෝ බලාගෙන ඉන්නවද හරක් ඔව්ව කනකන් .මෙයාල මිනිහෙක් වතුරේ ගිලුනත් බලාගෙන ඉදිවී 'මේක ගිය ආණ්ඩුවේ වැඩක් කියල ' මහත්තයෝ නිකන් ඔතන ඉන්න කකුල් හතරේ දෙන්න වගේ නැතුව ෆොටෝ ගහ ගහ ඉන්නේ නැතුව ඔයාගේ සහෝදරයෝ දෙන්නව ඔතනින් පැන්නුව නම් ඔය ගොවියට ඉරිගු කිලෝ එකක් දෙකක් එතුරු වෙනවා නේද ඕනවට වැඩිය රගපාන්න ගියාම ඔයාලගේ ඇත්ත තත්වේ පේනවා (අ)
ඉසුරන්දි Wednesday, 11 March 2015 12:40 PM
ඕවට තමයි කියන්නේ නන්දන වින්දන කියලා. (අ)