IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'දයාබර සඳලි' කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්

2016-06-24-ent-180

නදීශා අලහප්පෙරුම වර්තමාන කලා ක්ෂේත‍්‍රය හැඩ කළ දක්ෂතා රැසක් සපිරි රංගන ශිල්පිණියක්. සිරස නාළිකාවේ විකාශය වූ ”දයාබර සඳලි” ටෙලිනාට්‍ය ඔස්සේ කලා ක්ෂේත‍්‍රයට පැමිණි ඇය ඉතා කෙටි කලකින්ම රසික සිත් දිනාගැනීමට සමත් වුණා. විවාහයෙන් පසුව පවුලේ අනෙකුත් වැඩ කටයුතු සමග කාර්යබහුල වූ නදීශා අලහප්පෙරුම මද කාලසීමාවක් නිහඬව සිට නැවතත් ක්ෂේත‍්‍රයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳවත් ඇගේ ජීවිතේ නැවුම් තොරතුරුත් කතාබහ කරන්නත් සමගින්ම අපි ඇය සමග කතාබහක නිරත වෙන්න හිතුවා.

 

2016-06-24-ent-177මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවන්නේ?

ගොඩක් හොඳින් ජීවිතේ ගත වෙනවා. මොකද ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා ඉඳලා නැවතත් මගේ ටෙලිනාට්‍ය දෙකකුත් විකාශය වෙනවා. ඒ වගේම විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍යයකුත් තියෙනවා. ඉතින් ඒ දේවලූත් එක්ක ගොඩක් හොඳින් ගෙදර වැඩත් කරගෙන බබාලත් එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරනවා.

 

බබාලත් එක්ක කිව්වෙ? දැන් බබාලා කී දෙනෙක් ඉන්නවද?

බබලා දෙන්නෙක් ඉන්නවා. පුතයි, දුවයි තමයි ඉන්නේ.

 

ගොඩක් කල් නිහඬවෙලා ඉඳලා නැවත ක්ෂේත‍්‍රයට පිවිසිලා ඉන්නවනේ. ඒ ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. අවුරුදු 5කට පසුව රංගනයට නැවතත් එක්වුණේ. මම එක දිගට වැඩ කළා. ගොඩක් දීර්ඝ නාට්‍යවල වැඩ කළේ. ඉතින් ඒ විදියට වැඩ කරලා පුතාගෙයි, දුවගෙයි උපතින් පසුව නැවතීමක් තිබ්බා. ඒ මගේ ජීවිතේ වෙනස්ම කාලයක්. හැම වැඩක්ම නවත්තලා පෞද්ගලික ජීවිතේට තැන දීලා බබාලා දෙන්නව බලාගෙන හිටියා.

දැන් මට සතුටුයි. මොකද මගේ ජීවිතේ කිසිම දෙයක් පස්සට දාලා නෑ. පෞද්ගලික ජීවිතේ සහ වෘත්තීය ජීවිතේ සියලූම දේ නියම කාලෙට වුණා කියලා මම විශ්වාස කරනවා. ජීවිතේ ආපහු හැරිලා බලද්දි හරිම සතුටුයි. මොකද මම බබාලා එක්කත් අවුරුදු 5ක් ඉඳලා තියෙනවා. දැන් වුණත් මම ගොඩක් වැඩ භාරගන්නෙ නෑ. හැමදේම කළමනාකරණය කරගෙන සමබරව වැඩ කරගෙන යනවා.

 

කාලයක් ක්ෂේත‍්‍රයේ නියැලිලා ඉඳලා ටික කාලයකට හෝ ඉවත්වීම දුකක් වුණේ නැද්ද?

එක පාරටම ක්ෂේත‍්‍රයෙන් නැවතිලා ගෙදර ඉද්දි ලොකු දුකක් පාලූවක් දැනුණා. ඒත් මට හිතුණා ක්ෂේත‍්‍රයෙන් ඉවත්වෙලා නෙමෙයිනෙ කියලා. ක්ෂේත‍්‍රයෙ මගේ යාලූවොත් කතා කළා. ඒ වගේම පේ‍්‍රක්ෂකයන්ටත් මාව අමතක වෙලා තිබුණෙ නෑ. දැක්කම කතා කරනවා. රඟපාන්නෙ නැත්තෙ ඇයි අහනවා. ඒ ගැන සතුටක් හිතට දැනුණා. ජීවිතේ එක එක කාලවලට අපි හොඳ දේවල් නිසා ජීවතේ සමහර දේවල්වලින් ඉවත් වෙන්න වෙනවානේ. ඒක හැමෝටම පොදුයි.

 

රංගනයෙන් දායක වන චරිත ගැනත් කතා කරමු.

හිරු tv හි විකාශය වන උරුමක්කාරයො ටෙලි නාට්‍යයේ ”චාපා” කියන චරිතය සහ කොළඹ අපි අපි ආවා ටෙලි නාට්‍යයේ ”කාංචනා” චරිතයත්, දියමංකඩ ටෙලි නාට්‍යයේ ”ජයනි” නම් චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.

 

ඒ චරිත දිවෙන්නෙ කොහොමද?

උරුමක්කාරයොහි රංගනයෙන් දායක වෙන්නෙ ටිකක් පහත් මට්ටමක මුඩුක්කු පරිසරයක ජීවත් වන යුවතියකගෙ චරිතයක්. ”කොළඹ අපි ආවා”හි කාංචනා චරිතයත් මුඩුක්කු පරිසරයක දඟකාර කටකාර යුවතියකගෙ චරිතයක්. මම මීට කලින් මෙවැනි චරිතයක් කරලා නෑ. ඒක නිසා හරි ආසාවෙන් තමයි ඒ සඳහා දායක වුණේ. ඒ වගේම ”දියමංකඩ’’ ටෙලි නාට්‍යයේ ජයනි කියන චරිතය ගමක ගොඩක් දුප්පත් කොළඹට ඇවිත් ජීවිතේ හදාගන්න උත්සාහ කරන තරුණියක් වටා ගෙතෙන්නෙ. ඒ මම මීට අවුරුදු 8කට පෙරාතුව කරපු ටෙලි නාට්‍යයක්. දැන් තමයි එය විකාශය වෙන්නේ.

 

තවම පෙම්වතියගෙ චරිතයටමද ඔබට ඉල්ලූමක් තියෙන්නේ?

අම්මලාගේ චරිතවලට නම් මට තවම කව්රුත්ම කතා කරලා නෑ. ඒත් දැන් අපි ඒක තේරුම් ගන්න ඕනෑ. ඇත්ත ජීවිතේ මම අම්මා කෙනෙක්. ඒ වුණත් මම කියන්නෙ නෑ අම්මලගෙ චරිතම කරන්න ඕනැ කියලා. නමුත් වයස අනුව තමන්ට ගැළපෙන චරිත කරන්න අපි තෝරාගන්න ඕන. ඉස්සර වගේ පෙම්වතියගෙ චරිතය කරන්න බැරිවෙන්න පුලූවන්. ඒත් තවම නම් ලැබෙන්නෙ ඒ චරිතම තමයි.

 

ඉදිරියට පෙම්වතියගෙ චරිතය නොලැබී ගියොත් හිතට දුකක් නැද්ද?

නෑ, ඉස්සර නම් මට ඒක ගොඩක් දැනුණා අපි වයසට යනවනෙ කියලා. නමුත් ටිකෙන් ටික අපි පරිනත වෙද්දි ඒ හැමදේම තේරුම් ගන්න පුලූවන් වෙනවා. ඒ නිසා දැන් දුකක් නෑ. ඕනම චරිතයක් කරනවා. අවුරුදු 60, 70ක චරිතයක් වුණත් කරන්න පුලූවන් කියලා හිතෙනව නම් කිසි ප‍්‍රශ්නයක් නෑ, භාරගන්නවා.

 

”දයාබර සඳලි” ටෙලිනාට්‍යයෙන්නෙ ඔබ ක්ෂේත‍්‍රයට ආවේ. ඒ අතීතයට ගියොත්?

ඒ නාට්‍යය තවම ගොඩක් අයට මතකයි. මට තවමත් දයාබර සඳලි කියලා කතා කරන අය ඉන්නවා. අරුණ ජයවර්ධන අයියා ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. මේ සඳහා මාව යෝජනා කරලා තිබුණෙ පරාක‍්‍රම ඒකනායක මහත්මයා. ඒ දෙන්නට තමයි ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෑ ක්ෂේත‍්‍රයට මාව හඳුන්වාදීම පිළිබඳව. දයාබර සඳලි කියන්නෙ මගේ මුල්ම ටෙලිනාට්‍යය. ඇත්තටම මට රඟපාන්න පුලූවන්ද කියන දේවත් මම දැනගෙන හිටියෙ නෑ. මේ නාට්‍යයෙන් පසුව ලැබුණ ප‍්‍රතිචාරවලින් තමයි මම ඒ ගැන දැනගත්තෙ. ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි. වෙලාවකට හීනයක් වගේ.

 

එතනින් ආරම්භ කරපු ගමනෙදි නේද ඔබේ සහකරු මුණගැහෙන්නේ?

ඔව්, මට මගේ මහත්තයව ලැබුණෙ ඒ ටෙලිනාට්‍යය හරහා. මොකද එය විකාශය වුණේ සිරස නාළිකාවේ. ඒ කාලේ මම සිරසෙ වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ අතරතුර තමයි අමිල නුවන් වාදසිංහ මුණගැහුණෙ. ඔහු සිරස නාලිකාවේ නිෂ්පාදකවරයෙක්.

ඔහුගේ නිෂ්පාදනයක විෂුවල් එකකට සම්බන්ධවීමත් සමග තමයි අපි දැන හඳුනාගෙන ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒ ආදරය අවසන් වුණෙත් විවාහයෙන්. ඉතින් ඒ හැමදේම එක්ක බලද්දි ”දයාබර සඳලි” කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්.

 

ධනූ විජේරත්න

 

sandalla

 

2016-06-24-ent-179
2016-06-24-ent-178
2016-06-24-ent-176

 



අදහස් (0)

'දයාබර සඳලි' කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 70 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 479 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1024 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 918 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 147 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 927 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site