IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දියමන්ති/රන් මහ බැංකු සේප්පුවට

ග්‍රීසියේ රන් ආබරණ හලකින් කොල්ලකා පරිගණකයක සහ වාසැකැසුම් යන්ත්‍රයක සඟවා කන්ටේනරයෙන් ශ්‍රී ලංකාවට එවූ රුපියල් කෝටි තුනකට අධික වටිනා දියමන්ති සහ ස්වර්ණාබරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. උපුල් පෙරේරා නොහොත් ජනක වීරසංහ, ප්‍රසාද් උදයංග සෙන්ඩිස්, රංගන පෙරේරා හා චමින්ද ජගත් වීරසිංහ යන සැකකරුවෝ ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඇතැන්ස් පොලීසිය එවා තිබූ තොරතුරු සළකා බලා මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇත.



අදහස් (0)

දියමන්ති/රන් මහ බැංකු සේප්පුවට

චන්ද්‍රව්මල හිමි Thursday, 03 May 2012 05:49 PM

අවනම්බුවක තරම...

:       0       0

නුවන් කුමාර Thursday, 03 May 2012 06:26 PM

මහ මොළකාරයො දෙන්නෙක් තව ග්‍රීසියේ ඉන්නවා

:       0       0

තරිදු Thursday, 03 May 2012 06:44 PM

ඉන්දියන් සාගරයේ මුතු ඇටෙන් දැන් බිහිවෙන්නේ ජාත්‍යන්තර හොරු වීම මොන තරම් කණගාටුදායකද....

:       0       0

නිශාන්ත Thursday, 03 May 2012 06:44 PM

දැන් අපේ මිනිස්සුන්ගේ තිබුණ ගතිගුණ නැතිවෙලා.මොනවාහරි කරලා ගතිගුණ අතින් පෝෂණය කරගන්න බලන්න (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 03 May 2012 06:47 PM

දැන් අපිට ග්‍රීසියේ හොඳ නමක් තියෙනවා....

:       0       0

අලිබබා Thursday, 03 May 2012 07:23 PM

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ කොල්ලකෑමි මගින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් ගෙනදෙනවා පමණක් නොව ලංකාවේ සිට විදේශගතවන ලාංකිකයන්ගේ විශ්වාසනීයභාවය මෙන්ම ආත්ම ගරැත්වයටද කැළලක් ඇතිවීමයි.

:       0       0

මොහාන් Thursday, 03 May 2012 07:25 PM

රට පෙරට

:       0       0

සනීර Thursday, 03 May 2012 07:45 PM

ඔන්න වෑඩ............

:       0       0

ආනන්ද Friday, 04 May 2012 03:40 PM

ඔය බඩු සේප්පුවෙදි අතුරුදහන් වේවිද දන්නේ නෑ, ෂුවර් නෑ කට්ටිය ගිලීවිද කියලා ? (ස)

:       0       0

කමල් Thursday, 03 May 2012 08:20 PM

ගිය තැන වනසන ශ්‍රී ලාංකා...

:       0       0

ගුණරත්න Thursday, 03 May 2012 09:07 PM

මේක අල්ලා දුන්නාට ස්තුතියි ! .(ස)

:       0       0

කල්ප Thursday, 03 May 2012 09:10 PM

ඔහොමම බැංකුවේ තිබුණොත් හොඳයි...

:       0       0

ජනක Thursday, 03 May 2012 11:19 PM

අපේ රටට අවනම්බුකර මේ හොරාට උපරිම දඩුවම් දෙන්න .. අපේ රේගුවට සුබ පැතුම් (ස)

:       0       0

එදිරිවීර Friday, 04 May 2012 01:49 AM

ග්‍රීසියේ ඉන්න ශ්‍රී ලාංකික අපිට තියෙන නම කැත කරා මේ අය............(ස)

:       0       0

නදුන් Friday, 04 May 2012 01:56 AM

මෙවන් මිනිසුන් නිසා අපේ රටේ නාමයට අවමානයක් නොවන්නේද ? යමක් කරන්න‍ට පෙර සිතන්න (ස)

:       0       0

ලාමා Friday, 04 May 2012 02:43 AM

මෙය මේ ග්‍රීසියෙහි දැනට සේවය කරන අයටත්, අපේ මාතෘ බුමියටත් මුළු මහත් ශ්‍රී ලංකා ජාතිකයන්ටත් කැළලක්. ග්‍රීක ජාතිකයාට නැති වෙන්න ගියේ දියමන්ති ඒත් අපට නැති වෙන්නෙ මුළු මහත් ජාතියක නාමය.විශ්වාසය. මේ සිද්දිය ග්‍රීසියේ සිටින අපි තරයේම හෙලා දකිමු

:       0       0

ප්‍රභාත් Friday, 04 May 2012 04:23 AM

යුරෝපයේ ලංකාවට තියෙන හොඳ නම එන්න එන්නම නැතිවෙනවා. මොකද අපේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන්නේ..මේකෙන් වෙන්නේ ලංකාවේ කෙනෙක්ට යුරෝපේ රැකියාවක් හොයාගන්න බැරිවෙන එකයි (ස)

:       0       0

ෆ්‍රනෑන්ඩු Friday, 04 May 2012 10:26 PM

වරදක් කළා කම් දඬුවම් ලැබිය යුතුයි

:       0       0

නිලන්ත Friday, 04 May 2012 09:32 AM

ඕක මහබැංකුවෙන් හොරකම් නොකරොත් තමයි පුදුමේ ..නැත්නම් ක‍ටුගෙට වෙච්ච දේ තමයි (ස)

:       0       0

ටී.එස් Friday, 04 May 2012 11:10 AM

මේවා ග්‍රීසියෙන් පැන්නුවා.. හැබැයි ලංකාවෙදි මාට්ටු.... ඒක අපිට නම්බුවක් නෙමෙයිද?

:       0       0

දර්ශන Friday, 04 May 2012 11:17 AM

දැන් ඉතින් පරිස්සම් කරගන්න මහ බැංකුවේ සේප්පු ටික. මතකනේ අපේ කෞතුකාගාරයට එහෙම වෙච්ච දේ .

:       0       0

මංඡුල බිරුටි Friday, 04 May 2012 11:26 AM

මහ බැංකුවේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කල දියමන්ති විදුරුකැලි වෙයිද දන්නෑ.

:       0       0

lama Saturday, 05 May 2012 04:54 AM

නුවන්, ඔය මහා මොලකරයෝන්ගෙන් දැන් මේ වැටිච්ච ග්‍රීසියට වැඩක් නෑ. ඒ නිසා එයාල ලංකාවට යවන්න ඔය මොලවලිනුත් ''ආසියාවේ ආශ්චර්යය ගොඩනගන්න වැඩක් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site