IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය  රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.

නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල්  500 හා 1000  මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල්  කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.

ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.

ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර  ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.

ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව  ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.

නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ  සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.  

පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.

මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන්  දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.

ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත්  මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි. 



අදහස් (0)

දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

රූපාවති Friday, 18 November 2016 12:00 PM

ඔන්න අපේ ලංකාවේ උදවියත් ඕකම කොපිකරගෙන ..ලංකාවේ දුප්පතාට පහර වදින සේ මොකක් හරි කරාවි ..? (ම)

:       0       0

සුරංග Friday, 18 November 2016 12:03 PM

ලංකාවෙ නම් කෝටි 10ක් විතර 10 දෙනෙකුට දුන්නා නම් කෝටි 5990ක් ම ගෙදර අරන් යන්න තිබුණා (නි)

:       0       0

දිසා බදුල්ල Saturday, 19 November 2016 04:39 AM

ලංකාවේ නම් දැනටම අලුත් නෝට්ටුත් හොරට ගහන්න පටන්ගෙන. (නි)

:       0       0

පෙරේරා Friday, 18 November 2016 12:18 PM

ලංකාවේ ඕක කළේ 1973 දී අතිගරු එන්. එම්. පෙරේරා නමැති දෙවියායි. ඔහු ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු එකම බුද්ධිමතායි. එදා සිට අද දක්වා එසේ බුද්ධිමතෙක් පාර්ලිමේන්තුව තුළ මට නම් දකින්නට නැත. (නි)

:       0       0

සුනිමල් Friday, 18 November 2016 12:38 PM

රූපවතී, ලංකාව මේ විදියට මුදල් නොට්ටු අවලංගු කළේ මීට අවුරුදු 40 විතර ඉස්සර 1970 ගණන්වල. ඉන්දියාව මේක ලංකාවෙන් කොපි කරලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 November 2016 01:31 PM

රූපවති, එන්. එම්. පෙරේරා මහතා මුදල් ඇමතිව සිටින කාලේ මෙයම කළා. නමුත් මම නම් පෝළිම් වල සිටීමෙන් බේරුනා. (නි)

:       0       0

සුසිල් Saturday, 19 November 2016 07:12 AM

ඉන්දියාව 46දි කළා නම්, 72දි ලංකාවයි, ඉන්දියාව කොපිකරලා තියෙන්නෙ. (නි)

:       0       0

කරුණාජීව Saturday, 03 December 2016 08:29 AM

මැගී දන්නා දේවල්..? (නි)

:       0       0

බුද්ධි Saturday, 19 November 2016 09:42 AM

එකට අපේ පරණ ලොක්කො කළේ 5000 නෝට්ටු ගහපු එක. දැන්වත් තේරෙනවද වුණේ මොකක්ද කියලා. (නි)

:       0       0

ශශික Friday, 18 November 2016 04:02 PM

එන්.එම්.පෙරේරා මැතිතුමා මුදල් ඇමති වශයෙන් සිටිද්දීත් මෙවැන්නක් කළ බව අසා තියෙනවා. මම හිතන්නේ මේක සාර්ථක පියවරක්. (නි)

:       0       0

ශානිකා Saturday, 19 November 2016 11:34 AM

නමුත් දැන් ඔය ක්‍රමය ලංකාවේ කරන්න බැහැ. ඉන්දියාවේ පරිපාලන නිලධාරීන් අතරින් ගොඩාක් දෙනා හරිම අවංකයි,රටට ආදරෙයි. ඒකට අපේ ධර්මදිපය.... මේ රටේ ඉන්න දේශපාලුවෝ, පරිපාලකයෝ, පොලිසිය, බැංකුකාරයෝ ... ඔක්කොම අන්ත දුෂිත හොරු. ඇන්.ඇම්. පෙරේරා මහත්මයාගේ කාලයේ ගොඩක් හිටියේ අවංක දේශපාලකයෝ. (නි)

:       0       0

සුජීව Friday, 18 November 2016 05:59 PM

රූපවතී, ලංකාවෙන් තමා ඉන්දියාව කොපි කළේ. 1972 ආචාර්ය එන්.එම්. පෙරේරා රුපියල් 50 සහ 100 නෝට්ටු අවලංගු කර හොර සල්ලි ඔක්කොම ගත්තා එළියට. දුප්පතුන් වෙනුවෙන් කළ ක්‍රියාවට අපේ ගුණමකුවන් එතුමාව 1977 දී පරාජය කළා. (නි)

:       0       0

එරන්ද Friday, 18 November 2016 06:15 PM

මමත් කියන්නේ මෙහෙත් මෙහෙම කරන්න ඕනෑ කියලා (නි)

:       0       0

සංක බඹරවාන Friday, 18 November 2016 07:05 PM

ඔයදේ පළමුවෙන් කළේ ලංකාවේ එන්.එම්. පෙරේරා මහතා මුදල් ඇමතිව සිටිය කාලේ 1970 ගණන් වල. මේගොල්ලෝ කොපි කරලා තියෙන්නේ එක. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 19 November 2016 03:17 PM

ලංකාවේ ඕක කරන්නේ නැහැ. වැඩි වැඩියෙන් කළු සල්ලි තිබෙන්නේ දේශපාලකයෝ ළඟ. ඔවුන් ඕක කළත් ඊට කලින් සල්ලි ටික හොරෙන් මාරු කරගනීවි (නි)

:       0       0

සුසන්ත Friday, 18 November 2016 09:41 PM

ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 18 November 2016 09:48 PM

අඩු ආදායම්ලාභීන්ට දැනට වඩා හොඳ ජීවිතයක් හදාදෙන්න ක්‍රම සහ විධි මේ රටේ ඕනෑතරම් තියෙනවා. ඒ සඳහා අපේ පාලකයින්ට බුද්ධිය පමණක් නොව ධෛර්ය, ආත්ම විශ්වාසය හා ශක්තියද නැත. අවාසනාවකට වගේ සැමදා බලයට එන්නෙත් ඒ අයමය. (නි)

:       0       0

මැගී Friday, 18 November 2016 09:58 PM

ලංකාවෙත් කාලයකට පෙර රුපියල් 50 සහ 100 නෝට්ටු අවලංගු කළා කියලා මට මතකයි. ඒ කාලේ සමහර උදවියගේ මුදල් වී ගෝනි අස්‌සේ තිබුනා කියල අම්මලා කතා වෙනවා මම අහලා තියනවා. (නි)

:       0       0

කරූ-කලුතර Friday, 18 November 2016 11:55 PM

කොපි කරලා හරි කමක් නැහැ ලංකාවෙත් ඕක කරන්න ඕනෑ. දුප්පතාට පහර නොවදින විදිහට සැළසුම් කරලා. (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 19 November 2016 12:08 AM

ලංකාවෙත් ඕක කෙරන්න ඕනෑ. නැත්නම් මුදල් ඒකකය වෙනස් කෙරන්න ඕනෑ. ලොකු මුදලාලිගේ සල්ලි හංගපු තැන් වලින් මතුවෙන්න (නි)

:       0       0

සෑම් Saturday, 19 November 2016 02:08 AM

ලංකාවේ ඕක කළොත් මුලටම අහුවෙන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

සුදෙල්මි Saturday, 19 November 2016 02:27 AM

සංඛ, යමක් කියන්නට පෙර හරියට ලිපිය කියවන්න. ඔබට 1970 පෙනෙන්නේ 1946 වඩා පැරණි විදිහටද (නි)

:       0       0

විකුම් Saturday, 19 November 2016 02:39 AM

අාචාර්ය එන්.එම්. පෙරේරා මුදල් නෝට්ටු අවලංගු කළේ 1972 දී විතර. එතුමා උගත්, අවංක, ශ්‍රේෂ්ඨ නායකයෙක්. අද එවැනි අය නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1450 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 4 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 28 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 210 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 392 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 381 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site