IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.
 
කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ නේවාසික ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය බරපතල නොවන බව දැන ගන්නට ඇත.
 
කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කරන ඔහු ඉකුත් 11 වැනි කොළඹ සිට අධීවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිණ ඇත. පසුව මාතර සිට දෙයියන්දර බලා ධාවනය වන ලංගම බසයකින් දෙයියන්දර නගරයට ළඟා වී එතැන් සිට සිය පුතු සමග යතුරු පැදියෙන් නිවසට ගොස් ඇත. පසු දින ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබේ.
 
ඔහුගේ මෝටර් රථයෙන් හාමදුරුවන් වහන්සේලා තුන් නමක් වැඩම කර දානය පිරි නමා ඇති අතර එම දානමය පින්කම සඳහා 30දෙනෙකු පමණ සම්බන්ධ වී තිබෙන බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
 
ඔහුගේ දියණිය දෙයියන්දර රෙදිපිලි වෙළඳසැලක සේවය කරන්නීය.එම වෙළඳසැල ද තාවකාලිකව වසා විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.
 
කොළඹ සිට නිවසට පැමිණී පසු අසනීප තත්වයට ප්‍රතිකාර ගැනීමට එම පුද්ගලයා දෙයියන්දර නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඇති අතර, ඉන් සුවයක් නොලැබුණු විට දෙදිනකට පසු මුලටියන බෙහෙත් ශාලාවකට ගොස් වෛද්‍යවරයෙකුගෙන් පුද්ගලිකව බෙහෙත් ලබා ගෙන තිබේ. පසුව අසනීප තත්වය උත්සන්න වීම මත වෛද්‍ය උපදෙස් මත ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් වී කළ  පී.සී.ආර්.පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.
 
ඔහු ආ ගිය තැන් වෙලාවන් හා ආශ්‍රිතයන් ගැන බුද්ධි අංශ තව දුරටත් තොරතුරු එක්රැස් කරමින් පවතී.
 
සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (0)

දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 456 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1535 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 538 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1629 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 182 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1097 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site