IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දායාරත්න හිමිටත් වරෙන්තු

අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.

 



අදහස් (0)

දායාරත්න හිමිටත් වරෙන්තු

සුරේෂ් Thursday, 19 September 2013 01:48 PM

සමන් අපේකම අපිම තමා රැකගන්න ඕනෑ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න කව්රුහරි ඉදිරිපත් වෙන්න ඕනෑ.ඒ අයගේ අඩුපාඩුකම් හොයන්න එපා.ඒ දේවල් හදන්න පුළුවන් නම් ඒකට උදව් කරන්න. (නි)

:       0       0

සුරේෂ් Thursday, 19 September 2013 12:25 AM

මේ ලිපියට උත්තර දක්වන සිංහල බෞද්ධ හැමෝම සිතට ගත යුතු එක දෙයක් කියන්න ඕනෑ. අපේ සිංහල බෞද්ධ ආගම වෙනුවෙන් පෙනී සිටින කව්රු වුණත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ අයගේ පෙර වැරදි පෞද්ගලික අරමුණු තියෙන්න පුළුවන්,ඒත් අපේ බෞද්ධ ආගම රකින්න ඒ අය යමක් කරනවා, ඒ නිසා අපි සහයෝගය දෙන්න ඕනෑ ඒ අයට. (නි)

:       0       0

අසෝක Thursday, 19 September 2013 01:14 AM

සසර කලකිරිලා මහන වුණා නම් මොකටද දේශපාලනයට එන්නේ? ඊට වැඩිය හොද නැද්ද සිවුරට අගෞරව කරන්නේ නැතුව සිවුරු ඇරලා දේශපාලනය කළා නම්. (නි)

:       0       0

කසුන් Wednesday, 18 September 2013 05:50 PM

හොදයි මහා පරිමාණයෙන් ආගමික අන්තවාදය පතුරන අයට , බොදු දහමට අපහාස කර කතා කරන අයට විරුද්ධව මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ආදී මානවයන්ගේ වාසස්ථානයක් වූ කුරගල වැනි පුජනීය ස්ථාන විනාශ කරපු අයට විරුද්ධවත් ඔය විදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න (නි)

:       0       0

අනා Thursday, 19 September 2013 07:12 AM

අද බුදු දහම රැක ගන්න අවශ්‍ය එකම දෙය සිල්වත් භික්ෂුන් වහන්සේලා. ලෝකයේ ඉතාමත් වේගයෙන් පැතිරෙන ආගම බුදු දහම බව අන්තර්ජාලයට ගියාම දැනගන්න පුළුවන්. ඇත්තටම අද පන්සලකට යන්නවත් හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

මනදා Thursday, 19 September 2013 07:46 AM

අනේ මන්දා! හාමුදුවරුවන්ට පන්සලට වෙලා බණක් දේශනා කරගෙන හිටියා නම් ඉවරයිනේ. එයාලා දේශපාලකයෝ වෙන්න ගියාම ඕක තමා වෙන්නෙ (නි)

:       0       0

උපාලි Thursday, 19 September 2013 08:09 AM

මහත්වරුනි, මේකේ දාලා තියෙන අදහස් බොහොමයක් උඩ බලාගෙන කෙළ ගැසීම් කියලා හිතෙන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලාගේ චර්යාත්මක අඩුපාඩුකම් තිබෙන බව ඇත්ත. නමුත් අපි මේ විදිහට ප්‍රසිද්ධියේ කරන කර්කශ දෝෂාරෝපණ ඊටත් වඩා නරකයි කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? කවුරුහරි කෙනෙක් මට පෙන්නලා දෙන්න කතෝලික හෝ ඉස්ලාම් භක්තිකයෙක් තමන්ගේ ආගමික සංස්ථාවන් විවේචනය කරපු තැනක්. ඒ ආයතනවලත් අඩුපාඩුකම් ඇති. නමුත් උඩ බලාගෙන කෙළ ගහන්නේ නැහැ. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 18 September 2013 06:18 PM

මේ හාමදුරුවෝ ගැන මම මොකුත් දන්නේ නෑ. හැබැයි ගොඩක් සිවුරු ඇදගත් උදවිය කරන වැඩ නිසා කල් යනකොට හාමුදුරු ගොල්ලන්ට කව්රුත් ගරු කරයි ද කියලා මට සැකයි. මේවා බටහිර කුමන්ත්‍රණ. අන්‍යාගමිකයන් ගේ වැරදි හොයන්න කලින් අපේ වැරදි හදා ගත්තොත් නරකද ?(නදී)

:       0       0

බලංගොඩ සිංහයා Thursday, 19 September 2013 09:09 AM

හාමුදුරුවන්ට එරෙහිව නඩු දාපු අයව හොයලා ඒ අයට දඩුවම් දෙන්න ඕනෑ. මෙහි අදහස් දක්වන අය ඔක්කොම සර්ව ආගම්කාරයො වගෙයි පෙනෙන්නේ. බෞද්ධ අපිට වෙන හිරිහැර හොයන්න ඒ ගැන කථා කරන අයනම් අඩුයි. (නි)

:       0       0

ලාල් Wednesday, 18 September 2013 06:37 PM

නිතිය අතට ගන්න හදන හාමුදුරුවරු සියල්ලටම දඩුවම් දියයුතුයි (නි)

:       0       0

යසින්ත Wednesday, 18 September 2013 06:41 PM

නීතිය වල් වැදී ඇති අතර, අපේ ආගම විකුණා කන සමහර හාමුදුරුවරු නිසා නිර්මල බුදු දහම පිරිහී ඇත. මේ හාමුදුරුවන් ගැන මගේ පුද්ගලික විවේචනයක් නොමැත. (නි)

:       0       0

රොකී Wednesday, 18 September 2013 06:54 PM

හදලා වැඩ අවසන් කළ පන්සල් එකක්වත් මේ රටේ නැහැ. හැමදාම සම්මාදම් එකතු කරනවා. හැම පන්සලක්ම වගේ අද ව්‍යාපාර මධ්‍යස්ථාන බවට පත්වෙලා. පන්සලෙන් ජනතාවට කෙරෙන මොනම සේවයක් වත් නැහැ. පාංශුකූලේට දානෙකට වුණත් මේ ගොල්ලන්ව ගෙන්න ගන්න වාහනයක් යවන්නේ නැතුව පුලුවන්ද?මම් බෞද්ධයෙක්. එහෙම වුනත් දැන් නම් මට හාමුදුරු සංහතියම තිත්ත වෙලයි තියෙන්නේ. අපායේ ගියොත් ඔහේ ගියාවේ. ඒක අද මේ රටට වැඩිය හොඳ ඇති කියලා හිතෙනවා. (නි)

:       0       0

රවිදු Wednesday, 18 September 2013 06:56 PM

රටට ආදරේ කරන හොඳ ස්වාමින් වහන්සේ නමක්. නමුත් දැන් දැන් ඉවසීම අඩුවෙලා වගේ (නි)

:       0       0

අසංග Thursday, 19 September 2013 10:18 AM

අද සිංහල රාවය සමග ගොඩක් දෙනෙකුට ලොකු අමාරුවක් තිබෙනවා. අද අපේ බුද්ධ දර්ශනය ආරක්ෂා කරන්න රාවය , සේනාව වැනි ඒවා බිහිවූ එක ලොකු දෙයක්. (නි)

:       0       0

මාධව Wednesday, 18 September 2013 07:24 PM

අද පන්සල් තියෙන්නේ ගමේ පන්සල විතරයි.කොළඹ තිබෙන ගොඩක් පන්සල් ඔක්කොම තරු පහේ හෝටල් වගේ (නි)

:       0       0

සමන් Wednesday, 18 September 2013 07:52 PM

අනේ පව් (නි)

:       0       0

නිමල් Thursday, 19 September 2013 11:12 AM

හාමුදුරුවරුන්ට නඩු දානවා ,කොටි නිදහස් වෙනවා... සිංහලයෝ සිංහලකම ගැන කතාකරන හිමිවරුන්ට දොස් පවරනවා. නමුත් සිංහලකමට,බෞද්ධ අයිතියට වින කරන අයට දඬුවම් කරන්න කිසිම නීතියක් හෝ කෙනෙක් නැහැ. (නි)

:       0       0

සමන් Thursday, 19 September 2013 11:18 AM

බලන්ගොඩ සිංහයෝ, මොනවද අප්පේ තමුන්නාසේලාට වන හිරිහැර. එකක් දෙකක් කියන්නකෝ. සුරේෂ්, බුද්ධාගම වෙනුවෙන් කවුරුවත් පෙනී සිටින්නේ නැහැ. එහෙම පෙනී සිටිනවා නම් කවරදාකවත් මේ ජාතිවාදී කල්ලි ඇති වෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Thursday, 19 September 2013 11:21 AM

ආදී මානවයන්ගේ වාසස්ථානය තියාගෙන මොනවා කරන්නද? දැන් ඉන්න මිනිස්සුන්ට වාසස්ථාන නැතුව කුරගල වැනි පුජනීය ස්ථාන විනාශ වෙලාද තියෙන්නේ? කසුන්, මොනවද මේ කියන්නේ (නි)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 11:48 AM

නිර්මල බුද්ධ ධර්මයට නොයෙකුත් කටකතා පැතිරෙව්වත් ,ප්‍රවෘති පලකලත් හානියක් නොවේ .බුද්ධ ධර්මය අවබෝධ කරගත් තැනැත්තා කිසිවිටක වෙනස් නොවේ කලකිරීමකටද පත් වන්නේ ද නැත (දී)

:       0       0

රජරට සිංහයා Thursday, 19 September 2013 06:54 PM

රොකි ල වගේ කඩේ යන අය නම් දන්නේ නැ මේ හාමුදුරුවෝ කරන හා කරලා තියන වැඩ කොටස. කොටි විසින් වහන ලද හොරෝව්ව අපි අරිනවා කොටින්ට ගහලා උන් පරාද කරන්න පුළුවන් කියලා කොලඹ ඉදලා වන්නියට පාගමනින් අපේ රණවිරුවෝ සමග වැඩම කල රතන හාමුදුරුවෝ,අක්මීමන දයාරතන හාමුදුරුවෝ ජිවිත දානය දුන්න අපවත් වී වදාළ බෝවතේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කරන වැඩ කොටස් බලන්න යාපනයේ නාවක්කුලි කුරගල වගේ තැන්වල ජීවත් වෙන ජනතාවගෙන් අහන්න.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 18 September 2013 08:50 PM

එළිවෙන ජාමෙට හොඳ ,හොඳ සෙල්ලම් කිව වගේ තව ,තව දේවල් එලියට ඒවි. කෝ අර සංවිධාන? මේවා විදේශීය කුමන්ත්‍රණ කියන බොරු ශෝබන කාරයින් කෝ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 986 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6077 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3401 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28501 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site