IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දියවැඩියාවෙන් ජිවිතය දිය කර නොගන්න

වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත්

දියවැඩියාව වසංගත රෝගයක් බවට පත්ව ඇත. මෙම මස මුල් සතිය තුළ කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවැති අන්තර් ජාතික දියවැඩියා සංගමය මගින් සංවිධානය කළ ලෝක දියවැඩියා සම්මේලනයේදී නිකුත් කළ අලූත්ම දත්ත මගින් මෙම බව තහවුරු වේ. එම නවතම දත්ත අනුව 2015 වනවිට ලෝකය පුරා දියවැඩියා රෝගීන් මිලියන 415 ක් පමණ ඇතැයි විස්වාස කෙරේ. එසේ නැත්නම් ලෝක ජනගහනයෙන් වයස 20ත් 79ත් අතර ජනගහනයෙන් සියයට 8.8කට දියවැඩියා රෝගය ඇතැයි ගණනය කර ඇත. මෙම අලූත්ම දත්ත අනුව දැනට දියවැඩියා රෝගය බහුලව ඇති රටවල් ලෙස සලකනු ලබනුයේ චීනය, ඉන්දියාව, අමෙරිකාව, රුසියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ජපානය සහ බංගලාදේශය වැනි රටවල්ය. එසේම දකුණු නැගෙනහිර ආසියාතික කලාපය ලෝකයේ දියවැඩියා රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටින දෙවැනි කලාපය ලෙස සැලකේ. ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි.   මිලියන 415කට අධික දියවැඩියා රෝගීන්ගෙන් අඩක් පමණ තමන් හට දියවැඩියා රෝගය සෑදී ඇති බව නොදනී.

2015 වසරේදී දියවැඩියා රෝගය නිසා මිය ගිය සංඛ්‍යාව මිලියන 5ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. ඒ අනුව සෑම තත්පර 6කට වරක්ම එක් අයකු දියවැඩියා රෝගියෙන් මිය යන බව පිළිගැනේ. මේ තරම් අධික ලෙස ලොව පුරා පැතිරෙමින් පවතින දියවැඩියා රෝගය පාලනය කිරීමට ලොව පුරා ඇති රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි වෙහෙසක් ගෙන ඇත. එසේ වුවත් දියවැඩියා රෝගය පාලනය කිරීමට තවමත් හැකි වී නැත. මෙම රෝගය නිසා සමාජ මට්ටමින් ඇති කළ හැකි පීඩනය අපමණය. එම බලපෑම රෝගීන් සහ ආර්ථික ලෙස විශාල ලෙස රටක දියුණවට ඍජු ලෙස බලපෑම් ඇති කරයි.  2015 වසරේදී දියවැඩියාව ආශි‍්‍රතව අමෙරිකා  ඩොලර් බිලියන 673 සිට 1197 දක්වා වියදම් කර ඇත. මෙම අගය 2040 වනවිට ඇමෙරිකා  ඩොලර් බිලියන 802 සිට 1452 දක්වා වැඩිවන බව විශ්වාස කෙරේ. දැනට තිබෙන දත්ත අනුව දියවැඩියා රෝගියකු වෙනුවෙන් දැනට කරන වියදම මෙන් දෙගුණයකට අධික වියදමක් දැරීමට සිදුවන බව විශ්වාස කෙරේ. එසේම 2015 දී මිලියන 415ක් පමණ වූ ලෝක දියවැඩියා ජනගහනය 2040 දී මිලියන 642 දක් දක්වා වැඩිවි හැකි බව අනුමාන කෙරේ.

දියවැඩියාව පාලනය කළ හැක්කේ කෙසේද?

මේ සඳහා වඩාත් වැදගත් වනුයේ රෝගය හා පාලනය කිරීම පිළිබඳව සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩ සටහන්ය. මෙම කාරණය පළමුවැනි කාණ්ඩයේ දියවැඩියාව, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සහ ගර්භණි කාලය ආශි‍්‍රත දියවැඩියාව යන වර්ග තුනටම බලපානු ලබයි. පළමු කාණ්ඩයේ දියවැඩියාව යනු බාල වියේදීම ඉන්සියුලින් ඌනතාව නිසාම ඇතිවන දියවැඩියාවයි. මේ අයට අනිවාර්යයෙන්ම එන්නත් මගින් ඉන්සියුලින් ලබාදිය යුතුය. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව යනු ඉන්සියුලින් ඌනතාව සමඟ එහි කි‍්‍රයාකාරිත්වය අඩුවීමෙන් ඇතිවන දියවැඩියාවයි. දියවැඩියා රෝගින්ගෙන් සියයට 90ක්ම දක්නට ලැබෙන්නේ මෙම වර්ගයේ දියවැඩියා තත්ත්වයයි.  ඒ නිසාම දෙවන කාණ්ඩයේ දියවැඩියාව සම්බන්ධව ජීවන රටාව ආශි‍්‍රත අධ්‍යාපනික වැඩසටහන් විශේෂයෙන් වැදගත් වේ. දියවැඩියා රෝගය මුල් කාලය තුළ හඳුනා ගැනීමෙන් සහ ප‍්‍රතිකාර ලබාදීමෙන් දීර්ඝ කාලීනව ඇතිවන සංකූලතා අවම කරගත හැකිය. ඒ වගේම දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය සෑදීමට ප‍්‍රධාන කාරණය ලෙස හඳුනා ගෙන ඇත්තේ වැරදි ආහාර රටා සහ ව්‍යායාමවල නිරත නොවීමයි. ක‍්‍රමවත් සහ නිවැරදි ආහාර රටා සහ ක‍්‍රමානුකූලව දීර්ඝ කාලීනව ව්‍යායාමවල නිරතවීමෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ ප‍්‍රවණතාව අඩුකළ හැකි බව නිශ්චිත වශයෙන් සොයාගෙන ඇත.  අන්තර්ජාතික දියවැඩියා සංගමය රටවල් 170ක් වන තම සාමාජික රටවල්වල ඇති 230කට අධික දියවැඩියා සංගම් හරහා දියවැඩියාව පාලනය කිරීම සඳහා නොයෙකුත් අන්දමේ වැඩසටහන් මේ වනවිත් කි‍්‍රයාත්මක කර ඇත. මෙම වසරේ ජර්මනියේ පැවැති 7 සමුළුවේදී අන්තර් ජාතික දියවැඩියා සංගමය දියවැඩියාව පාලනය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සත් සාමාජික රටවලට දක්වා ඇත. මේ සඳහා ලෝක දියවැඩියා ලකුණු සටහන් නැමැති නවතම වැඩසටහනක් හඳුන්වා දී ඇත.  මෙම ලෝක දියවැඩියා ලකුණු සටහන මගින් දැනට එක් එක් රටවල් දියවැඩියා රෝගය පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත හැක. මෙතෙක් ලැබී ඇති දත්ත අනුව සියයට 40කට වඩා රටවල්වල දියවැඩියාව පාලනය කිරීම් නිසි වැඩසටහන් කි‍්‍රයාත්මක නොවන බව සොයාගෙන ඇත. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව බලපාන ප‍්‍රධාන සාධකයක් වන වැරදි ආහාර රටා පාලනය කිරීම සඳහා පහත දැක්වෙන නිරෝගි රටා හඳුන්වා දී ඇත.

x හැකි සෑම විටම සෝඩා සහ සීනිවලින් සාදා ඇති බීම පානය අඩුකළ යුතුයි. ඒ වෙනුවට පිරිසිදු ජලය, කෝපි හෝ තේ භාවිත කිරීම යෝග්‍ය වේ.

x දිනකට අඩුම තරමින් එළවළු තුන් වරක්වත් ආහාරයට ගත යුතු වේ

x ප‍්‍රධාන ආහාර වේල අතුරතුරදී ඇට වර්ග හෝ නැවුම් පලතුරක් භාවිතා කිරීම සුදුසුයි.

x මත්පැන් භාවිතය අඩුම කළ යුතුය.

x නිවුඞ්ඩ සහිත තිරිඟු ආහාර භාවිතය වඩාත් සුදුසුය.

x හැකි සෑම විටම සංතෘප්ත මේදය සහිත තෙල් වර්ග වෙනුවට අසංතෘප්ත මේය සහිත තෙල් වර්ග භාවිත කළ යුතුය.

දියවැඩියා රෝගය පාලනය කර ගැනීමට අපහසු තවත් කාරණයක් වී ඇත්තේ අධි සීනි භාවිතයයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වැඩි වශයෙන් සීනි භාවිත කරන රටවල් අතර ඉදිරියෙන් සිටීයි. මෙලෙස අධික ලෙස සීනි භාවිතය අඩුකර ගැනීමට පහත දැක්වෙන පියවර හඳුන්වා දී ඇත.

x සීනි සහිත ආහාර පැකට්ටුවල නිසි ලෙස එම ආහාරයේ අඩංගු සීනි ප‍්‍රමාණය සඳහන් කර තිබි තිබීම.

x අධික සීනි සහිත ආහාර දරුවන්ට ලබා නොදීම.

x ජනතාව අතර සීනි භාවිතය අඩු කිරීමට රාජ්‍ය මට්ටමින් පියවර ගත යුතුය.

x අධික සීනි සහිත ආහාර සහ බීම ආශි‍්‍රත සංවිධාන මගින් ලබාදෙන අනුග‍්‍රාහික වැඩසටහන් පාලනය කිරීම.

x පාසල්වල සහ අනෙකුත් ආයතනවල අධික සීනි සහිත ආහාර අවම කිරීමේ වැඩසටහන් ඇති කිරීම හැකි සෑම විටම පිරිසිදු වතුර භාවිය ප‍්‍රචලිත කිරීම.

x රාජ්‍ය මට්ටමින් පිරිසිදු වතුර ලබා ගැනීමේ ඉඩ ප‍්‍රස්තා ඇති කිරීම

x රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව සීනි භාවිතයේ ඇති අයහපත් ප‍්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.

දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය සෑදීමට බලපාන වැදගත් කාරණාවක් වන ව්‍යායාම පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වේ. සමස්තයක් ලෙස ගත්විට බහුතරයක් නිසි ලෙස ක‍්‍රමානුකූලව සහ දීර්ඝ කාලීනව ව්‍යායාමවල නොයෙදෙන බව පිළිගත් කරුණකි. එම නිසා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව ව්‍යායාමවල ඇති වැදගත්කම සහ ව්‍යායාම නිසිලෙස කරනුයේ කෙසේද පිළිබඳව වැඩසටහන් සංවිධානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

 



අදහස් (0)

දියවැඩියාවෙන් ජිවිතය දිය කර නොගන්න

ලසන්ත Sunday, 03 July 2016 07:01 AM

මම සතුටින්. මට වයස අනුවාදය කියවන්න. , (හේ)

:       0       0

ජනහිත Thursday, 18 February 2016 05:11 AM

රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම වැඩපළවල සතියකට දින 2ක් වත් පැය බාගය බැගින්වත් ව්‍යායාමවල තම සේවකයින් යොමු කිරීමෙන් තම සේවකයින්ගෙන් වැඩ හොද කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවෙතැයි සිතමි. ඒ සදහා පසුකම් සැලසීම කළ යුතුයි . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3847 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3389 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site