IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘දියවන්නා හොරුන්ට ඔක්සිජන් දෙන්න එපා‘

ජනාධිපති ආරක්ෂා කිරීම පසෙක තබා දේශපාලනයේ සිටින හොරුන් සහ අපරාධකාරීන් ආරක්ෂා කිරීමට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාට ලැජ්ජා නැද්දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේදී ප්‍රශ්න කළේය.

පරාජිත රජය ජනාධිපතිවරණයේ දී උත්සාහ කළේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත් කර ඔහුද, ඔහුගේ පවුලේ අයද අප සියලු දෙනාමත් අඩි අටක් පොළව යටට යැවීමට යැයි චෝදනා කළ අග්‍රමාත්‍යවරයා මේ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කරවීමට එදා එසේ ක්‍රියා කළේ ඒ අය සමග දියවන්නාවේ හොරුන් ආරක්ෂා කර ගැනීමට යැයිද කීවේය.

එම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැබෑ ලෙසම ආරක්ෂා කළේ සහ ඉදිරියට ආරක්ෂා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව රටේ ජනතාව දන්නවා යැයි ද පාර්ලිමේන්තුව නිසි කාලයට වඩා දවසක් හෝ පවත්වා ගැනීමට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම කරන උත්සාහයෙන් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ සිටින හොරුන් තවදුරටත් ආරක්ෂා වීම යැයිද චෝදනා කළේය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ නුවරඑළිය නගර සභා ශාලාවේදී නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් හමුවූ අවස්ථාවේදීය.

මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුව සුද්ධ කර දෑත් පිරිසිදු, අවංක සහ රටට වැඩදායී කණ්ඩායමක් ඊට පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දෙනවාට විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්න කළ අගමැති ජනාධිපතිවරණයේදී සිරිපාල ද සිල්වා මහතා පොදු අපේක්ෂකයාට සහාය පළ කිරීමට ඉදිරිපත් නොවුනේ ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධ ෆයිල් ද මහින්ද රාජපක්ෂ සතුව තිබූ නිසා දැයි ප්‍රශ්න කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවට ගෙන එන්නට නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම උත්සාහ කිරීම තමාට කිසිම ප්‍රශ්නයක් නොවන්නේ යැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නමුත් මේ අය යහපාලනය ගොඩනැගීම ඇතුළු ආණ්ඩුවේ වැඩ කටයුතුවලට බාධා කරමින් හොරුන්ට ඔක්සිජන් දෙනවාට තමා විරුද්ධ යැයි ද අවධාරණය කළේය.

එම නිසා රටත් ජනතාවත් වෙනුවෙන් යහපාලනයක් ගොඩනගා ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව යන ගමනට බාධා නොකර ඊට සහාය දෙන්නැයි ද විපක්ෂ නායක ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.

DSC_1156 DSC_1183 DSC_1206

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

‘දියවන්නා හොරුන්ට ඔක්සිජන් දෙන්න එපා‘

එරංග Sunday, 01 March 2015 03:29 PM

දින 50 තුළදී කළදෙයක් කියන්න බලන්න (නි)

:       0       0

ශෙහාන් Sunday, 01 March 2015 03:37 PM

කියන්න දෙයක් නැතුව සමහරු පරණ බටලන්දක් ගැන කතා කරනවා. හොර බොරු නැති රනිල්, ඔබට ජය! (නි)

:       0       0

රමණි Monday, 02 March 2015 11:10 AM

ඉතින් අපි ඒකට මොකද කරන්නේ. ඉදිරියට තව ඡන්දෙයක් එනවා නේ. අපි රෑ වැටුණු වලේ දවාලේ වැටෙන්නේ නැහැ. (නදී)

:       0       0

චමිලා Sunday, 01 March 2015 06:49 PM

අනිත් පැත්තේ හොරු ඉන්නවා නම් ඉතින් අල්ලලා දඬුවම් දෙන්නකෝ (නි)

:       0       0

නිශ්ශංක Sunday, 01 March 2015 07:27 PM

කියන්න බලන්න රටට කළ එක හොඳ වැඩක් (නි)

:       0       0

චාන්දනී Monday, 02 March 2015 01:01 PM

ජනාධිපතිතුමා මෙහිදී අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඔහුව ජනාධිපති කලේ යු.එන්.පී කාරයෝ මිසක් මේ කියන නිමල් සිරිපාල හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි කියන එක.(නදී)

:       0       0

සුරියබණ්ඩාර Sunday, 01 March 2015 10:28 PM

අර අහවල් අමාත්‍යංශය පැත්තට පොඩ්ඩක් ඔලුව හරවන්නකෝ, හොරු ඉන්නවද බලන්න. (නි)

:       0       0

දහම් Sunday, 01 March 2015 08:36 AM

රාජිත පවුලට නැවු අටක් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති මන්ත්‍රී චෝදනා කළා. ඇයි ඉතින් ඒ ගැන හොයන්නේ නැත්තේ. ඔය පැත්තට ආවොත් ඔක්කොම හොරු හොද අය වෙනවද?(දිල්)

:       0       0

අනුහස් Sunday, 01 March 2015 10:15 AM

හොරකම් කළේ නම් නැහැ තමයි. ඒත බටලන්ද ? (නදී)

:       0       0

ශාන්ත Sunday, 01 March 2015 10:23 AM

අපේ රටේ මිනිසුන්ගේ ඔළු ගෙඩි හොදටම අවුල් කරලා අබ්බගාතයෝ කරලා හැමදාම මේ රටේ රජ වෙන්න බලන් ඉදපු අයත් හිටියා දැන් ඒවට ඉඩක් නෑ (දිල්)

:       0       0

වැකෝ Sunday, 01 March 2015 11:11 AM

මහාජනයට සත්‍ය තොරතුරු හංගන්නේ මොකද? (ර)

:       0       0

වැකෝ Sunday, 01 March 2015 11:16 AM

මහින්ද අවොත් රනිල්ට තැනැක් නැතිවෙනවා (දිල්)

:       0       0

අබේරත්න Sunday, 01 March 2015 01:20 PM

ජනාධිපති ආරක්ෂා කිරීමට සිරිපාල මොකටද ? රටේ අගමැතිට කොන්දක් නැද්ද ? මේවගේ කතාවක් කියන්න. (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 01 March 2015 01:22 PM

බටලන්දේ අවතාර පසු පස එනවා. (බ)

:       0       0

විමල Sunday, 01 March 2015 02:52 PM

ඔබේ පක්ෂයේ ‍හොරු, වංචාකාරයො ඇත්තෙම නැද්ද? ඔබේ පක්ෂය පළමුව පිරිසිදු කරන්න. නායකයො විතරක් පිරිසිදු වුණාට වැඩක් නැහැ වටේ ඉන්න අය හොරු නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 0 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 195 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1058 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 287 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 169 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 372 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site