(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.
දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ.
මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බවද එහි නායකයෝ පවසති.
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති.
යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ජනාධිපතිවරණයට තරඟ වදින බවද ඔවුහු කියති.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දයාසිරිගෙන් නව සංධානයක්
G. K. Ekanayake Friday, 15 March 2024 11:16 PM
දයාසිරි ඉල්ලුවොත් පඬුවස්නුවරිනුත් පැරදිලා මඤ්ඤං වෙනවා. වාසි පැත්තට හෝයියා කියන එක තමයි නුවණට හුරු...!
Prabha Friday, 15 March 2024 11:57 PM
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ...!
Buddika Saturday, 16 March 2024 04:14 AM
ඉදිරි මැතිවරණයේ ඡන්ද නැතිව එළියට විසිවීමේ අවදානමකට වැටිලා ඉන්න දයාසිරි ලොකුවට හිතාගෙන සංධාන ගහන්නේ සන්ධානයක් ලෙසට කාට හරි හේත්තුව දාලා ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු පැන්ගන්න නේද? මේ මිනිස්සු ඉන්නේ තමන්ගේ ගැන අධිතක්සේරුවක. ඒත් ඡන්දෙට ඉල්ලුවොත් ශුවර් එකටම ගෙදර...
රිලාහාමි Saturday, 16 March 2024 06:44 AM
දයාසිරි කියන්නේ ජනාධිපතිවරණය කිසිම දවසක දිනන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එහෙම තියෙද්දී දැන් දරුණුම සැඩපහරක ගසාගෙන යනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ගසාගෙන යන මිනිහා තණකොළ ගහෙත් එල්ලෙනවා කියලා... ඒක නොදැන අලුත් ගස් සොයන්න ගිහිල්ලා මුහුදට ගසාගෙන ගොස් දකින්නවත් නොලැබේවි කියලා හිතෙනවා...
ranjith Saturday, 16 March 2024 08:18 AM
අනේ පව්, ජනාධිපති සිහිනයේ ඔක්කොම කට්ටිය. රට හදන්නද මේ..?
ranjith Saturday, 16 March 2024 12:57 PM
දේශපාලන පක්ෂ 18ක් එක්ක සංධානයක්... ඡන්දෙ ඉල්ලලාම බලන්නකෝ ඔය පක්ෂ 18 එක්ක මුළු රටෙන්ම ඡන්ද 25000... පුළුවනි නම් අරන් පෙන්නන්නකෝ...!
Samaradivakara Saturday, 16 March 2024 02:04 PM
ලංකාවේ තම තමන්ගේ පුද්ගලික අපේක්ෂා සඳහා දේශපාලන පක්ෂ හැටහුටහමාරක් තියෙනවා. ඒ මදිවට දේශපාලන පක්ෂ සංවිධායකයෝ ඔවුන්ගේ පවුල්වල එවුන් දාලා තමන්ගේ අතින් වියදම් කරලා ස්වාධීන කණ්ඩායම් ගොඩක් ඉදිරිපත් කරනවා. මේවා ඔවුන්ට විනෝදාස්වාදය සඳහා හේතුවක් වෙන්න පුළුවන්... ඒත් ඡන්දය ගණන් කරන අසරණ නිලධාරින් මහත් පීඩාවට පත්වෙනවා. එම නිලධාරින්ට බලවත් අසාධාරණයක් වෙනවා... මොකද ඡන්දය පවත්වන දවසට පෙර දවසේ ඡන්ද මධ්‍යස්ථානයේ මදුරුවෝ තලතලා නිදි වරාගෙන මහන්සි වෙනවා. ඒ අතර රාත්‍රියේ මැතිවරණ නීති කඩන දේශපාලුවෝ ඔවුන්ගේ හෙංචයියන් කරන අලුගුත්තේරු වැඩ නිසා පීඩාවට පත්වෙනවා මැතිවරණ අවස්ථාවල නැවතත් පීඩාවට පත්වෙලා ඡන්ද පෙට්ටි බාරදීමට ආවාම සෙක්කුවේ බැඳපු ගොනා වගේ මැඩවීමට ලක්වෙලා නැවතත් ගණන් කරන්න ගියාම දහ දොලොස් අතකට නැවූ ඡන්ද පත්‍රිකා දිගහැරීමට ගොස් නැවත පීඩාවට පත්වෙනවා. ඒ මදිවට වල් හරක් වගේ හෙංචයියො කරදර කරනවා. සමහරක් දේශපාලන අයිතිවාසිකම් නැති අපි වගේ අධ්‍යාපනය සේවයේ නිලධාරින් පක්ෂ නියෝජිතයින් හැටියට ආවමත් කරදරයි කියලා කියන අය අනන්තවත් ඉන්නවා. මේනිසා ජනතා මුදල් නාස්තියට හේතුවක් වෙන ඡන්ද පත්‍රය විශාල වීම වළක්වන්න ඕනෑ.
ගමේ එකාලා Saturday, 16 March 2024 03:14 PM
තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙටයි මෙහෙටයි පැනපු කෙනාට හදන්න වෙන්නේ රිලවුන් ගේ සන්විදානයක් තමයි...!