(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම්,පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර,දයාසිරි ජයසේකර මහතා එම තනතුර භාර ගතහොත් ,ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන හතක් වනු ඇත
මේ අතර , දයාසිරි ජයසේකර මහතා පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටින බවද වාර්තා වේ.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දයාසිරිට උප සභාපතිධූරයක්